මත්තල ගුවන්තොටුපොළටත් duty free  

Published in පුවත්
Saturday, 27 February 2021 11:17

මත්තල අන්තර් ජාතික ගුවන්තොටුපොළට මෙතෙක් කලක් අඩුවක්ව පැවති තීරුබදු සහන සාප්පු සංකීර්ණය සඳහා ටෙන්ඩර් කැඳවා අවසන් කර මාර්තු මාසය අවසානය වන විට විවෘත කළ හැකි බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය රජය සමයේ දී වී ගබඩා කිරීමත් සමග වසා තැබූ මත්තල ගුවන්තොටුපොළ වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමග ගුවන් ගමන් සඳහා විවෘත කෙරිණි. නියමු ව්‍යාපෘතියත් සමග පසුගිය දෙසැම්බර් 28 දින ආරම්භ කළ සංචාරකයන් ගෙන්වීමේ වැඩසටහන යටතේ පමණක් මේ වන විට 3700ට අධික සංචාරකයන් පිරිසක් පැමිණ ඇත.

ඊට අමතරව ගාලු වරායෙන් නැව්ගත වන නාවික කාර්ය මණ්ඩල රැගත් ගුවන් යානා, විදේශගතව සිටින විශාල පිරිසක්ද ගෙවුණු කාලයේ දී මත්තල ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණ තිබිණි.

නමුත් ජනතාවට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් මෙතෙක් කලක් නොමැතිකමින් ඔවුන් දැඩි ගැටලුවකට මුහුණ දුන්නා. ඒ අනුව ගුවන්තොටුපොළට පිවිසෙන හා පිටවන පර්යන්තවල විදුලි උපකරණ, තෑගි භාණ්ඩ, තේ, මත්පැන්, චොකලට් හා අවන්හල් ආදි සංකීර්ණ දෙක බැගින් විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us