රුසියන් කොවිඩ් එන්නත මෙරටට ගෙන්වීමට රජයේ අවධානය

Published in පුවත්
Saturday, 27 February 2021 11:00

කොවිඩ් වෛරසය සඳහා රුසියාවේ නිෂ්පාදනය කර ඇති ‘ස්පුට්නික්’ එන්නත මෙරටට හැකි ඉක්මනින් ඇණවුම් කිරීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවදානය යොමුව තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව පසුගිය 25 වැනිදා එම එන්නත නිෂ්පාදනය කළ රුසියාවේ ඖෂධ සමාගමේ සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටුවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරි විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ සඳහන් කර තිබේ .

මෙහි දී ‘ස්පුට්නික්’ එන්නත නිෂ්පාදනය කිරීමට හා සායනික පරීක්ෂාවන්ට අදාළ මෙතෙක් නොලැබුණු සියලුම ලියකියවිලි ඉක්මනින් ගෙන්වා ගැනීම හා පරීක්ෂා කිරීම වේගවත් කිරීමටත් තාක්ෂණික කමිටුව තීරණය කළ බව විධායක නිලධාරී වෛද්‍ය ජයසිංහ පැවසුවේය. ලියකියවිලි පරීක්ෂා කර බලා එම එන්නත මෙරටට සුදුසු වන්නේ නම් පමණක් හැකි ඉක්මනින් ඇණවුම් කළ හැකි යැයිද ඔහු සඳහන් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

Gossip

මාධ්‍යවේදියා පැහැරගෙන යෑම - රාජිතගේ කිඹුලා පාර්ට් 2 ද?

මාධ්‍යවේදියා පැහැරගෙන යෑම - රාජිතගේ කිඹුලා පාර්ට් 2 ද?

රාජිත සේනාරත්න කියන්නේ දන්න කාලයේ සිටම ගේම්කාරයෙකි. එසේ මෙසේ ගේම්කාරයකුත් නොවේ. රාජිතගේ ගේම් ඇඟ කිළි...

විමල්ගේ විඩියෝ ලීක්කළා යැයි පෞද්ගලික ලේකම්ව පන්නලා.

විමල්ගේ විඩියෝ ලීක්කළා යැයි පෞද්ගලික ලේකම්ව පන්නලා.

ඇමැති විමල් වීරවංශ වෙනම දේශපාලන ගමනක් සඳහා ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවටම එරෙහිව කුමන්ත්‍රණයක් දියත්කර...

ගුවන් ගත වූ ගුවන් යානයක් බළලලෙකු නිසා නැවත ගොඩබිමට !

ගුවන් ගත වූ ගුවන් යානයක් බළලලෙකු නිසා නැවත ගොඩබිමට !

මගී ගුවන් යානයකට ඇතුළු වූ බළලලෙකු එහි නියමුවාට පහර දීම හේතුවෙන් හදිසියේ ගොඩබෑමට සිදුවීමේ පුවතක් සුඩා...

ගෝඨා අත්හරී, බැසිල් සූදානම් වේ.

ගෝඨා අත්හරී, බැසිල් සූදානම් වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව රාජපක්ෂ හිතවාදී වෙබ් අඩවියක් වන ලංක...

Connet With Us