ලෝක සාම හමුදාවට ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් එපා ! ITJP ප්‍රධානීගෙන් ඉල්ලීමක්

Published in පුවත්
Monday, 08 February 2021 09:27

එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකායට ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් බඳවා නොගන්නා ලෙස අන්තර්ජාතික සත්‍ය හා යුක්තිය ව්‍යාපාරයේ (ITJP) ප්‍රධානී යස්මින් සුකා ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වෙනවා.

අන්තර්ජාතික සත්‍ය හා යුක්තිය ව්‍යාපාරය (ITJP) යනු එල්.ටී.ටී.ඊ. සංවිධානයට සෘජුවම සහාය පළකරන ව්‍යාපාරයක් (ITJP) වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවෙන් ශ්‍රීලංකා හමුදා නිලධාරීන් පිළිබඳව සෘජුව ප්‍රශ්න කර ඇති බැවින් සාම සාධක හමුදා සඳහා ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් බඳවා ගැනීම එක්සත් ජාතීන්ගේ සම්මතයන්ට පටහැනි බව පසුගිය බ්‍රහස්පතින්දා (04 වැනිදා) නිකුත් කළ නිවේදනයකින් යස්මින් සුකා පෙන්වා දී තිබේ.

මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැලලෙව් විසින් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය වෙනුවෙන් නිකුත් කර ඇති නවතම වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානීන්ට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර ඇති අතර එම චෝදනා විභාග කර දඬුවම් ලබාදීමේ බලය කවුන්සිලයේ සාමාජික රටවලට ලබා දිය යුතු බවටද යෝජනා කර තිබේ. යස්මින් සුකා සිය නිවේදනයේ පෙන්වා දී ඇත්තේ මෙලෙස චෝදනා ලැබූ හමුදා ප්‍රධානීන් මෙහෙයවන හමුදා සාමාජිකයන් සාම ක්‍රියාවලියට අන්තර්ග්‍රහණය කරගැනීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනි බවයි..

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us