රවී කරුණානායකගේ පෙත්සම විභාගයට දින නියම වේ

Published in පුවත්
Tuesday, 02 February 2021 14:47

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු හත් දෙනෙකු විසින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම සඳහා මාර්තු මස 26 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

2016 වසරේ දී මහ බැංකු බැඳුම්කර නිකුතු දෙකක දී රුපියල් බිලියන 52කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට නිකුත්කර ඇති වරෙන්තු බලරහිත කරන ලෙස එම පෙත්සම්වලින් ඉල්ලා තිබේ.

මෙම පෙත්සම් ඉකුත් දෙසැම්බර් මස විභාගයට ගැනීමට නියමිතව තිබුණතද උපරිමාධිකරණ සංකීර්ණය අවට ප්‍රදේශයේ පැවති නිරෝධායන ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් එය විභාග කිරීමක් සිදු නොවිණි.

ඒ අනුව එම පෙත්සම් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (02) කැඳවූ අවස්ථාවේදී එය යළි මාර්තු මස 26 වනදා විභාගයට ගැනීමට දින නියම කෙරුණි.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us