'ප්‍රේමකීර්තිගේ මිනීමරුවා හඩ්සන්' -ප්‍රේමකිර්තිගේ බිරිඳ

Published in පුවත්
Monday, 11 August 2014 10:39

පසුගියදා ගුවන්විදුලි සංස්ථාවත් රූපවාහිනී සංස්ථාවත් අතර මාර්ගය "ප්‍රේමකීර්ති අල්විස් මාවත" ලෙස ජනාධිපතිවරයා විසින් නම්කරන ලදී. එහෙත් එම මාර්ගය වාහන හෝ පොදු ගමනාගමනය උදෙසා විවෘත වුවක් නොවේ. ඒ අනුව පෙනී යන්නේ ප්‍රේමකීර්තිගේ නම යොදා ඇත්තේ පාලු පාරකට යන්නයි. 

මිනීමරුවා ඔබ සෙවනේ 

නම් කිරීමේ උත්සවයේ වැදගත් අවස්තාවක් වුයේ කීර්තිගේ බිරිඳ නිර්මලාද අල්විස් ජනාධිපතිවරයාට ප්‍රේමකීර්ති ගැන ලියු පොතක් බාර දෙමින් ඔහුගේ ඝාතකයා නීතිය ඉදිරියට පමුණුවන්නැයි ඉල්ලා සිටීමයි. "ප්‍රේම මරණයට වගකිවයුත්තා සිටින්නේ ඔබ සෙවනේ" බව නිර්මලා විසින් ජනපතිවරයාට කියා තිබුණි.

හඩ්සන්ට එල්ලවන බරපතල චෝදනාව 


1989 භීෂණ සමයේදී ප්‍රේමකීර්ති ඝාතනය සම්බන්ධව ඇඟිල්ල දිගු කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණට නමුත් එම ඝාතනය මෙහෙය වුයේ වත්මන් ගුවන් විදුලියේ සභාපතිවරයා වන හඩ්සන් සමරසිංහ බව නිර්මලා ප්‍රසිද්ධියේ කියා සිටී. 

ජනපති ඇති හඩ්සන් නැති උත්සවය 


ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට ඇති මාර්ගය නම්කිරීමට ජනපතිවරයා පැමිණෙන මොහතක හඩ්සන් සමරසිංහ එයට සහභාගී නොවී සිටීම කැපී පෙනන සිදුවීමක් විය. මේ සම්බන්ධව නිර්මලා පුවතකට ලබාදුන් ආන්දෝලනාත්මක කතාබහකින් කොටසක් පහත වේ.

ඇත්තටම අයි ඔබ රට හැර යන්නේ?

අපිව මරාගෙන කන්න හදපු මහා කඳුළු කතාවක් හින්දා තමයි අපි රට යන්නේ. පුතා මිනි මරුවා කියලා ගොඩක් ප්‍රශ්න උනා.මාව මරන්න මගේ පස්සෙන් පැන්නුවා. අන්තිමට හෝමාගම ඒ.එස්.පී ගේ ගෙදර ඉඳගෙන අපි ආරක්ෂාව ඉල්ලුවා..

මුකුත් බැරි තැන කවුරුත් යන්නේ රට.අවසානෙදි මට යන්න පුළුවන් උනේ අල්ලපු රටට. එහි ගිහිල්ල අපි යන්තම් බේරුනා..ඒ වගේම පුතා ගැටවරයෙක් විදියට යක්ෂ පැටියෙක් වෙන්න පටන් ගත්තා..තව ටික කාලයක් මෙහෙ හිටියානම් මිනීමරුවා කියන කතාව ඇත්තටම වෙන්න තිබුනා..ඒ දෙයින් පුතාව වලක්වාගන්න ඕන උනා..මොකද ඒ වෙනකොට මෙයාව කොන්ට්‍රෝල් කරන්න බැරි තැනටම පත් වුනා.

කොන්ට්‍රෝල් කරන්න බැරි උනා කියන්නේ?

මෙයා මිනි මරන්න ගියා

කාවද මරන්න ගියේ?

හඩ්සන් සමරසිංහ

ඇයි ඒ ? මොකද්ද එයා එක්ක තියෙන ආරෝව ?

හඩ්සන් සමරසිංහ තමයි අමු අමුවේ ප්‍රේමකීර්තිගේ මිනි මරුවා..

ඔබ ඔය ප්‍රකාශය කරන්නේ වගකීමෙන්ද?

වගකීමෙන් කියන්නේ..ඕනෑම පොලිසියකින් ඇවිත් මාව අල්ලලා ප්‍රශ්න කරන්න කියන්න..මම මගේ පොතෙත් ලියල තියෙනවා ඒක..ප්‍රේමකීර්ති ඝාතනය කල අය කියලා කී දෙනෙක් මරා දැම්මද? ඒක මට දරාගන්න බැහැ..අගෝස්තු 01 වනදා ගුවන් විදුලිය බූදලයක් කරගෙන පැය ගානක් තිස්සේ හඩ්සන් සමරසිංහ මට බැන්නා..කමක් නෑ ප්‍රේමකීර්ති වෙනුවෙන් මම මගේ යුතුකම ඉෂ්ට කරා..

හඩ්සන්ගේ ප්‍රතිචාරය

මේ අභූත චෝදනාව සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ...අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් ගොනුකරන්න කටයුතු යොදලාඅ තියෙන බවයි..ඉදිරියේදී ඒ සම්බන්ධව කටයුතු කරන්න ජනාධිපති නීතිඥවරකට මම උපදෙස් ලබාදීල තියෙනවා..මේ කියන සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරුවන් දැනටමත් සිරබත් කනවා..

(gossipbook.lk)

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us