රට සංවර්ධනය කළ හැකි එකම නායකයා මහින්දයි - අස්ගිරි නාහිමි

Published in පුවත්
Monday, 11 August 2014 10:35

රට සංවර්ධනය කැර සාරධර්මවලින් පිරි සමාජයක් ගොඩනැගීමට හැකි මෑත භාගයේ පහළ වූ එකම නායකයා ජනපති මහින්ද රාජපක්ෂ මහතා බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියෝ පැවැසූහ.

ජනපති එවැනි නායකයකු නොවන බව කීමට කිසිවකුට නොහැකි බවද උන්වහන්සේ කීහ.

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ජනපති උපදෙස් මත රුපියල් ලක්ෂ 70ක මුදලක් වැයකර ප්‍රතිසංස්කරණය කරන ලද මහනුවර පැරණිතම විහාරය වන උඩවත්තේකැලේ රාම විහාරයේ සංඝාවාසය හා විහාර ගෙය සඝසතු කොට පූජා කිරීමේ උත්සවයේ දී අස්ගිරි මහනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විහාර මන්දිරය සහ සංඝාවාසය සඝසතු කොට පූජා කරනු ලැබීය.

මෙහිදී අස්ගිරි මහනාහිමියෝ වැඩිදුරටත් කතා කරමින් රට සංවර්ධනය කැර ගොඩනැගීමේ උනන්දුව හා කැපවීම ජනපතිතුමා තුළ තිබුණත් මැති ඇමැතිවරුන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ සහය නොමැතිව තනිව එය එතුමාට කළ නොහැකි බවත් පැවසූහ.

ජනපති පවරන වැඩකොටස් වගකිවයුත්තන් නිසි පරිදි ඉටු නොකළහොත් එය රටටත් ජනතාවටත් සිදුකරන හානියක් බවත් තනතුරු දරමින් වැඩ නොකර වැටුප් ගන්නා උදවිය තමන් මේ බුක්ති විඳින්නේ මහජන මුදල් බව සිහියේ තබා ගත යුතු බවත් මහනාහිමියෝ කීහ.

තමන් ගන්නා වැටුපට ණයකාරයින් වෙන්න එපා කියා මා ඔවුනට පවසනවා යැයිද උන්වහන්සේ පැවසූහ.

අද ඇතැම් නිලධාරින් තම වගකීම් පැහැර හැර ක්‍රියා කිරීම නිසා අගෞරවයට ලක්වන්නේ රාජ්‍ය නායකයා බවත් ගන්නා වැටුපට වැඩක් නොකරන උදවියට මෙළොවදී පමණක් නොව පරළොවදී ද විපාක විඳින්නට සිදුවන බවත් මහනාහිමියෝ අවධාරණය කළහ.

ස්වාභාවික විපත් පාලනය කිරීමේ හැකියාවක් රජයට නොමැති බවත් නියඟයෙන් පීඩා විඳින ප්‍රදේශවල ජනතාවට සහන සැලසීමට අප හැමෝම එක්විය යුතු බවත් මෙහිදී මහනාහිමියෝ ප්‍රකාශ කළහ.

මෙහිදී රාම විහාරයේ විහාරාධිපති අම්පිටියේ ධම්මසිද්ධි හිමියෝ පිළිගැනීමේ කතාව සිදුකළ අතර සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන ඇමති සරත් ඒකනායක, මධ්‍යම පළාත් සභාවේ සභාපති මහින්ද අබේකෝන් යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.

(අසේල කුරුළුවංශ හා ඉන්දික පොල්කොටුව)

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us