රාවණා චිත්‍රපට තුනක් !

Published in පුවත්
Sunday, 10 August 2014 08:55

මෙරට නිර්මාණය වු ඓතිහාසික සිනමාපට ගොන්නට ඔන්න තවත් සිනමාපටයක් එකතුවෙන්නයි යන්නේ. දුටුගැමුණු, පැරකුම්බා, අජාසත්ත සහ රාජසිංහ වැනි චිත්‍රපට හදපු අපේ නිර්මාණකරුවන්ට හමු නොවුනු රජෙක් නැති තරම්..ඔන්න දැන් රාවණා ගැනත් එකක් කරන්න යනවා. ආරංචියේ හැටියට එකක් නෙවෙයි තුනක්ම කරනවා.

හැබැයි මේක සුපිරි වැඩක් වෙවී. මොකද…මේ නිර්මාණයට අතගහලා තියෙන්නේ සංජය නිර්මාල්..ඔහු මේ රටේ ඉන්න දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්.

ඉරා යනුවෙන් නම් කොට ඇති මෙහි පළමුවැන්න ගගන සැරිසරන්නාය. නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ගගන සැරිසරන්නා හි රාවණා රජුගේ චරිතයට පණ පෙවීමට මේ වන විටත් සූදානමින් සිටියි. රවීන්ද්‍ර රන්දෙණිය, ලකී ඩයස්, ජනක කුඹුකගේ, චරිත් අබේසිංහ, නීටා ප්‍රනාන්දු, අනූෂා දමයන්ති, ප්‍රබෝධා සංදීපනී, දුලානි අනුරාධා, සේමිණි ඉද්දමල්ගොඩ, දර්ශන් ධර්මරාජ්, බිමල් ජයකොඩි, බුද්ධික ජයරත්න, උදාරි වර්ණකුලසූරිය, උද්දික ප්‍රේමරත්න, පුබුදු චතුරංග, අරුණි රාජපක්ෂ මෙහි සෙසු ප්‍රධාන චරිත මවනු ලබයි.

කතාව දෙබස් තිර රචනය සංජය නිර්මාල්ගෙනි. ප්‍රසන්න වීරක්කොඩිගේ නිෂ්පාදන සැලැස්මකි. චරිත් අබේසිංහ රේඛීය නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරයි. පරිඝණක සජීකරණය කසුන් මලින්ද සහ සුසන්ත පුෂ්පකුමාරගෙනි. අජන්ත මහන්තආරච්චි සටන් අධ්‍යක්ෂවරයාය. නුවන් තේනුවර සංගීත අධ්‍යක්ෂණයෙන් ද, නාරද ධනංජි තොටගමුව අංග රචනයෙන් ද, නිශාන්ත රණසිංහ සහාය අධ්‍යක්ෂණයෙන් ද ගගන සැරිසරන්නා සමඟ එක්ව සිටිති. හේමන්ත බන්ධනගේ නිෂ්පාදන කළමනාකරණයකි.

මෙම චිත්‍රපට මාලාව හි නිෂ්පාදනය ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර්ගෙනි.

(http://cinema.lk )

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us