බුද්ධිමතුන්ට මානසික රෝග වැලඳීමේ අවදානමක්

Published in පුවත්
Sunday, 10 August 2014 08:51

දේශපාලනඥයන්, කලාකරුවන්, විද්‍යාඥයන් මෙන්ම, සමාජයේ සිටින බුද්ධිමත් කණ්ඩායම්වලට මානසික රෝග වැලඳීමේ වැඩි අවදානමක් ඇතැයි විශේෂඥ වෛද්‍ය සමන් වීරවර්ධන මහතා කියයි.

බුද්ධිමතුන් දවස පුරාම ආතතියෙන් වැඩ කිරීම එයට හේතු වන බව පෙන්වා දෙන වීරවර්ධන මහතා ලංක‍ාවේ ජනගහනයෙන් ලක්ෂ 2 කට උග්‍ර මානසික රෝගත් ලක්ෂ 20 කට සුළු මානසික රෝගත් ඇති බවත් ඒ සෑම පස් දෙනකුගෙන් සිවු දෙනෙක් ම ප්‍රතිකාර සඳහා යොමු නොවීම බරපතළ කරුණක් බවත් කියයි. ‍

‍12 දාට යෙදෙන යොවුන් දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී මේ කරුණු පෙන්වා දෙනු ලැබිණි.

දුර්වල මානසිකත්වයක් ඇති පුද්ගලයන් දිවි නසා ගැනීම කෙරෙහි යොමු කැරෙන ආකාරයට මාධ්‍ය මගින් ලබාදෙන පුළුල් ප්‍රචාරය නිසා මාධ්‍ය ආචාර ධර්ම කඩවීමක් ද සිදුවන බව මෙහිදී ප්‍රජා වෛද්‍ය විශේෂඥ මනෝජ් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

සුළු කරුණු හේතුවෙන් ඇතමුන් සිය දිවි හානි කර ගැනීමට පෙලඹෙන බවත් එය සිදුවූ ආකාරය වාර්තා කිරීමේදී මාධ්‍යවේදීන් වඩාත් සැලකිලිමත් විය යුතු බවත් කීය.

(සිළුමිණ)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us