ජනපතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ?

Published in පුවත්
Sunday, 10 August 2014 08:45

මීළඟ ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 19 වැනිදාට පෙර ප්‍රකාශයට පත්කර නාමයෝජනා පත්‍ර කැඳවීමට ජනාධිපතිවරණ පනතෙන් ඇති හැකියාව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට ආණ්‌ඩුවේ ඉහළ පිරිසක්‌ සූදානම් වෙයි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරි දිනකදී මෙම කරුණ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරණ පනතට අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර දින 35 ත් 65 ත් අතර කාලය තුළ ඡන්ද විමසීම සිදුකළ යුතු වෙයි.

පාප්වහන්සේ ලබන ජනවාරි මස 13 වැනිදා ලංකාවට පැමිණේ. ඊට පෙර ජනාධිපතිවරණය පවත්වා අවසන් කිරීම ආණ්‌ඩුවේ අදහස වී තිබේ. නමුත් ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලයේ සිව්වන වර්ෂය අවසන් වන නොවැම්බර් 19 වැනිදායින් පසුව මැතිවරණයට යැමට නියමිත දින ගණන ප්‍රමාණවත් නොවුණහොත් ඇතිවිය හැකි ගැටලුවලට විසඳුමක්‌ ලෙස මෙලෙස කලින් ඡන්දය ප්‍රකාශයට පත්කළ යුතු බව ආණ්‌ඩුවේ මතය වී ඇත.

ජනාධිපතිවරයා විසින් සිය අභිමතය පරිදි ජනපතිවරණය ප්‍රකාශයට පත් කළද ජනාධිපතිවරණයේ නාම යෝජනාපත්‍ර කැඳවීම හා ඡන්ද විමසන දිනය මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබිය යුතුය.

(දිවයින)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us