පරාජයෙන් බේරෙන්න ගොටාගෙන් සහන මිළට කෑම මල්ලක්. මේ සතියේ නොමිලේ.. Featured

Published in පුවත්
Friday, 08 November 2019 13:58

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගොටාබය අපේක්ෂා කළ ලෙස ග්‍රාමීය ජන කොටස් වල සහයොගය සීග්‍රයෙන් නොලැබී යන බව පොදු ජන පෙරමුණ විසින්ම සිදු කරනු ලැබූ සමීක්ෂණ වර්තා මඟින් පෙන්වා දී තිබේ.

පසුගිය සතිය වන විට වැඩි ඡන්ද බලාපොරොත්තු වූ බහුතර සිංහල ජනතාවක් වෙසෙන දිස්ත්‍රික්ක ගනනාවකින් ඔහු පසු බැස තිබිණි.

විශේෂයෙන් සජිත් ප්‍රේමදාස ග්‍රාමීය සහ නාගරික පීඩිත ජන කොටස් වෙත ලබා දි තිබෙන පොරොන්දු කෙරෙහි ජනතාව වැඩි විශ්වාසයක් තැබීම මෙයට හේතු වී තිබේ.

මේ තත්වය මත තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේවත් සඳහන් නොකළ , වියලි ආහාර ඇතුලත් සහන මල්ලක් දුප්පතුන් වෙත ලබා දීමේ යෝජනාවක් ප්‍රකාශට පත් කිරීමට සිදුව තිබේ. එපමණක් නොව එය දැන්ම ආරම්බ කළ බව කියමින් මේ සහන මළු නොමිළයේම මේ සතිය තුළදී බෙදා දීමේ වැඩසටහනක්ද සැලසුම් කර ඇත.

මෙය මැතිවරණ අල්ලසක් වන අතරම පරාජය හමුවේ වෙන කරකියා ගන්න දෙයක් නැති කමද ප්‍රදර්ශනය කිරීමක්ද වේ.

රාජපක්ෂලා බලයේ සිටි කාලයේදීද අරලිය ගහ මන්දිරයට විවිධ ජන කණ්ඩායම් ගෙනවිත් දන්සල් දීම මෙන්ම එවකටද මෙවැනි සහහන මළු ලක්ෂ ගනනාවක් බෙදා හැරීම සිදු විය.එහෙත් රාජපක්ෂ වරුන්ගේ පරාජය වලක්වා ගැනීමට හැකි වූයේ නැත,

අරලිය ගහ මන්දිරයේ දුන් දන්සැල් වල වියදම රුපියල් බිලියන හය හතක් පමණ වී තිබූ අතර ආහාර ආදිය ලබා ගත් පෞද්ගලික සමාගම් වලට ඒ මුදල් නොගෙවා වංචා කිරීමද වර්තා වී තිබිණි. එම මුදල රුපියල් බිලියන 4 ක් පමණ වී තිබිණි. මේවා ජනාධිපති කාර්යාලය හරහා සිදු කෙරුණු වැඩ සටහන් වන නිසා රාජපක්ෂල වංචා කළ රුපියල් බිලියන 4 ක පමණ වන හිඟ මුදල් වත්මන් ආණ්ඩුවට දැරීමට සිදුව තිබිණි. මේ මුදල් ගෙවීම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති සිරිසේන විසින් කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියද ඉල්ලා තිබිණි. එහෙත් ඊට මුදල් අමාත්‍යංශය එරෙහි වීම නිසා මෙතෙක් එම මුදල් ගෙවීම සිදු කර ද නැත.

කෙසේ නමුත් ඡන්දය කොල්ල කෑම වෙනුවෙන් මෙලෙස සහන මළු දීම රාජපක්ෂවරුන්ගේ කෂඩ ප්‍රතිපත්තිය තවමත් වෙනස් වී නැත. ආහාර වේලකට සිය ඡන්ද බලය හුවමාරු කර ගන්නා මරි මෝඩ ජනතාවක් මේ රටේ සිටින බැවින් මේ හරහා යම් ඡන්ද ප්‍රමාණයක් එකතු කර ගත හැකි බව පොදු ජන පෙරමුණේ ගනන් තැබීම වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us