ගෝටාට විනයක් වූ. රටට කොඩි විනයක් වූ හමුදා මුලස්ථානයේ සත්‍ය කතාව. Featured

Published in පුවත්
Friday, 08 November 2019 19:32

ත්‍රිවිධ හමුදා මුලස්ථානයේ කොටසක් අද දින විවෘත කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබිණි. මේ මහාර්ඝ ඉදිකිරීම ගොටාබයගේ වැඩක් බව කියමින් රාජපක්ෂවාදීන් මහත් උත්කර්ෂයෙන් පවසමින් තිබේ. එය රාජපක්ෂලාගේ සංවර්ධන ක්‍රියාවලියේ මහා සලකුණක් ලෙසද වර්ණනා කරමින් තිබේ.

නමුත් මේ හමුදා මුලස්ථානය යනු ගොටාබයගේ පමණක් නොව රාජපක්ෂ පවුලටම කොඩි විනයක් වූ ඉදි කිරීමක් බව තවමත් රහසක්ව තිබෙනෙකි. රාජපක්ෂ පවුලේ පිරිස් මේ ඉදිකිරීම ගැන එය තමගෙ වැඩක් බය කියන්නට මැලි වෙමින් තිබෙන්නෙ ඒ නිසාය. නොකියා බැරි කමට එය තමන්ගේ යුගයේදී කළ වැඩ කිව්වත් ඊට උරුම කම් කියන්න යන්නෙ නැත.

ඊට බරපතල හේතුවක් තිබේ. ඒ මෙම ඉදිකිරීම නිසා රාජපක්ෂ පවුලේ බලය ගිලිහී යෑමට තරම් වාස්තු දෝශයකට ලක්ව තිබීමයි.. එසේම රුපියල් බිලිය 30 කට ඇස්තමේන්තු කළ මේ ඉදිකිරීම රුපියල් බිලියන 65 දක්වා මේ වන විටත් වියදමක් දැරීමට සිදු තිබුණේද මේ වාස්තු දෝශ නිවැරදි කර ගන්න ගොටා දැරූ උත්සාහයේ පලවිපාක නිසාය.

විකාර අදහස ආපු හැටි.

ගෝටබය සාමාන්‍යයෙන් අමුතු හීන මවන්නෙකි. මෑත කාලීනව ඒ හීන පදනම්ව තිබුණේ ඔහු ඇමරිකවේදී දැකපු අහපු දේ අනුවය. ඇමරිකාවේ යුද හමුදා මුලස්ථානය පෙන්ටගනය නම් වේ. එය ලොව ඇති විශාලම හමුදා මුලස්ථාන ගොඩ නැගිල්ලයි.

ගොටාබයට අවශ්‍ය වූයේ මේ පෙන්ටගනයේ ආකෘතියටම මේ ගොඩ නැගිල්ල හදන්නය. එනම් පැති 6 ක් සහිතවය. ඒ අනුව මුල් ආකෘතිය සැලසුම් කළේය. ගුප්ත විද්‍යාවන් දැඩිව විශ්වාස කරන ගොටබය රාජපක්ෂ මේ සැලසුමේ වාස්තු විදය දෝස බලන්නැයි පැවැරුවේ විහ්‍රාමික හමුදා නිළධාරී දයා රත්නායකටය. මෙරට වාස්තු කාරයන් මේ සැලසුම අනුමත කළත් ඔහු ඉන්දියාවට් ගොස් ඒ පිරික්සීමේදී ඒ වාස්තු විද්‍යාකාරයෝ කියා තිබුණේ මෙය ගෝටබයට අපල උපද්‍රව ගෙන දීමට සමත් වන බවය. හරි යන්නෙ පැති 8 ක ගොඩ නැගිල්ලක් බව කියා තිබිණි.

ඒ අනුව අලුත් සැලසුමක් ඇඳීමට කටයුතු කරල ලදී. ඒ අනුව තමන්ගේ නැකතකට ගොටා මුල් ගල් තබා මෙහි වැඩ පටන් ගැනුනි. ඒ අතරේදී ගොටාට සහ රාජපක්ෂ පවුලේ අනෙතුත් අයගේ තත්වය බාල වෙමින් එන්න එන්න ජනතාව අතර පිලිකුලට භාජනය වීම වේගයෙන් සිදුවෙමින් තිබිණි.
මෙයට හේතුව මෙම ඉදිකිරීම බව සැක කළ ආරක්ෂක අමාතයංශයෙම සේවය කළ පවුලේ හිතවතකු වූ විදුලි ඉංජිනේරුවෙක් ගොටා පවුලේ අය සමඟ මෙම සැලසුම වාස්තු දෝශ පරික්ෂා කිරීමට යලි ඉන්දියාවේ වාස්තුකාර්යන්ට පෙන්වන ලදී.. කරුමෙට ඒ නව සැලසුම වඩාත් අපල දායක බව කියවිණි. එහෙත් ඒ වන විට එම ඉදිකිරීම ආරම්බ වී තිබිණි. මෙය දැන ගැනිමත් සමඟ දයා රත්නායක එතුලු පිරිස වඳුරු කුනු හරුපෙන් බැනුම් අසා ගත් බවද කියැවෙයි..
යළි වාස්තු දෝශ මඟ හරවා ගැනිමට යම් තරමකට කරන ලද ඉදිකිරීම කඩා බිඳ දැමීමට නොහැකි නිසා එහි සැලසුමේ වෙනත් වෙනස් කම් රැසක් කරන ලදී. ඒ අනුව ගොටබය රාජපක්ෂගේ කාර්යාල කාමරයේ පිහිටි තැන වෙනස් කිරීමට සිදු විය. ඔහු ඉඳ ගැනීමට පු‍ටුව තිබෙන ස්ථානය වෙනස් කිරීමෙන් අපල දුරු කර ගත හැකි බවට වූ වාස්තු මතය නිසා එය සිදු කළේය.

මේ ඉදිකිරීම වෙනුවෙන් මුල් ඇස්තමේන්තුව වූ රු බිලියන 30 ..රුපියල් බිලියන 45 දක්වා වැඩි කිරීමට සිදු වූයේ ඒ නිසාය. මේ සැලසුම් කරුවා වූයේ ගොටාගේ ඥාතියකුද වන මුදිත ජයකොඩි නැමැති සැලසුම් ශිල්පියාය.
එහෙත් ඒ අපල උපද්‍රව්‍ය වලින් ගැලවීමට ගොටාට තබා මහින්ද රාජපක්ෂටවත් නොහැකි විය. 2015 දී ඔවුන් පරාජය විය. මේ පරාජයට හේතුව ලෙස ජොතිෂඥයන් පවසා සිටියේ හමුදා මුලස්ථානය ඉදිකිරීමේ වාස්තු දෝශත් අනුරාධ පුරයේ සඳහිරු සෑ චෛත්‍යයේ ඉදි කිරීමේ වාස්තු දෝශත් බලපා ඇති බවය. මේ දේවල් මෙසේ තිබෙන තුරාවට රාජපක්ෂලාට මේ රටේ පාලනය දරා ගත නොහැකි බව ද ඔවුන් පෙන්වා දී තිබිණි.
පසුගිය වසරේ අගමැති ධුරය ලැබුණත් එක දිනක්වත් එම ධුරයේ නීත්‍යානුකූලව කටයුතු කරන්නට නොහැකි වූයේත් ඒ වාස්තු දෝශ නිසා බවත් පැවසේ.
මෙවර ජනාධිපතිවරණයට ඉන්දියාවේ සිටින ප්‍රබලතම ජොතිෂ්‍යඥයන් වෙතින් ලැබෙන උපදෙස් පරිදි ගොටාබය දැනට කටයුතු කරමින් තිබේ. කොටින්ම ඔහි පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය හෝ නොගත්තේ මේ ජොතිෂ්‍ය උපදෙස් මතය. ඔහුට රාජයෝගයක්ද නැති නමුත් අනුන්ගේ පිහිටෙන් රූකඩ පාලකයෙක් වීමේ හැකියාවක් තිබෙන බව පෙන්වා දීම නිසාත් බැසිල් රාජපක්ෂට පිහිට තිබෙන ගුණයෙන් පිටස්තරයකු බලයට පත් කළ හැකි වන්නෙය කියන කතන්දර නිසාත් ගොටා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය විය.

මේ සැලසුම සුපිරි ආරක්ෂක සැලැස්මක් ද?

හමුදා මුලස්ථානය ගොඩ නැගීමෙන් පසුව මෙහි සේවය සඳහා හමුදා නිලධාරීන් 8200 ක් යෙදෙවෙන බවට ගනන් හදා තිබිණි. ඒ අනුව 8500 කට කාර්යාල සහ අනෙකුත් පහසුකම් සහිත්ව මේ ගොඩ නැගිලල් සැලසුම් විය.

මේ අතරේදී තවත් වැදගත් දෙයක් සිදු විය.. එනම් මේ මුලස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලෝකයේ ආරක්ෂක විශේෂඥයන්ගෙන් වාර්තාවක් ලබා ගත යුතු විය. ඒ අනුව ඊශ්‍රායලයේ ආරක්ෂක බුද්ධි අංශ වල විශේෂඥයන්ගෙන් වාර්තාවක් කැඳවනු ලැබීය.ඔවුන් මෙම සැලසුම පමණක් නොව මේ අදහසද මුලු මනින්න ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ලෝක විහිළුව

ඒ මන්ද යත් .. රටේ සියලුම ආරක්ෂක සේනාංක එක තැනකට ගෙන ඒම බරපතල ආරක්ෂක ගැටලුවක් බව ඒ වන විටත් අමරිකාවේ 9/11 ප්‍රහාරය ම‍ඟින් ඔප්පු කර තිබුණු බැවිනි.
සතුරු පාර්ශ්වයකට ඉතා පහසු ඉලක්කයක් ලබා දීම මරි මෝඩ වැඩක් බව ඒ වන විට ලෝකයම පිලිගත් ඇත්තකි. එහෙත් ගොටබයගේ සුපිරි මොලෙට ඒ වැටහුනෙ නැත. එමෙන්ම පෙන්ටගනයට පමණක් දෙවැනි වන ලොකයේ වීශාලම හමුදා මුලස්තානය මෙයයි. පෙන්ටගනය කියන්නේ අමරිකාව පමණක් නොව ලෝකයම ආරක්ෂාව ගැන විමසිලිමත් වන ආයතනයකි. ඒ නිසා ගෝටාගේ මේ ඉදිකිරීම් සැලැස්ම ඊශ්‍රායල් විශේෂඥයන්ගේ විහිලුවට ලක්වූවකි. ඒ බව ඔවුන්ගේ වාර්තාවෙම සඳහන් කර තිබුණු බව තතු දත් අය පවසයි.
නමුත් ශ්‍රිලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් මේ මුලස්ථානය හදනවට වඩා කරන්න තවත් බොහෝ දේ තිබෙන බව එම විශේෂඥයන් පෙන්වා දී තිබිණි.

ශක්තිමත් නාවික හමුදාවක්

විශේෂයෙන්ම මෙරටට ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් විය හැක්කේ කලාපීය වශයෙන් බවත් ඒ නිසා ශක්තිමත් නාවික හමුදාවක අවශ්‍යතාවය ඔවුන් පෙන්වා දී තිබිණි. එසේම වෙරළ සීමාවේ ආරක්ෂාව තහවුරු විය යුතු බවත් පෙන්වා දී තිබිණි.
නාවික හමුදාවට වඩා ජාවාරම් ලොකු විය

එසේම මෙරට නාවික හමුදාවේ හැකියාව සහ නොහැකියාව ගැනත් කරුණු කාරණා පෙන්වා දී තිබිනි, 55,000 කින් යුතු මෙරට නාවික හමුදාවෙන් 1000ක්වත් දෙනා සාගරයේ රාජකාරිවල යෙදෙන්නේ නැත. අනිත් සියලුදෙනා ඉන්නෙ ගොඩ බිමය. එවකට නාවික හමුදාව සතුව තිබුණේ ඩෝරා යාත්‍රා 42 කි. ඉන් 28 ක්ම මුහුදට නොදැමිය හැකි තරම් අබලන් වී තිබිණි. ශ්‍රීලංකාව අවශ්‍ය වන්නේ ග්‍රීන් මැරීන් කෝ එක්ක බව ඊශ්‍රායල් විශේෂඥයන් පෙනවා දී තිබුණද ඒ කිසිවක් ගොටා ක්‍රියාත්මක කළේ නැත. කොටින්ම මේ ඊශ්‍රායල වාර්තාව පවා සඟ තැබීමට කටයුතු කළේය.
ඊට බලපෑ අමතර හේතුත් තිබිණි. ඒ වන විට ඕස්ට්‍රෙලියාවට මිනිසුන් හොර රහසෙ පටවන මිනිස් ජාවාරම සිදු වූයේ ගොටාබයගේ දැනුවත් භාවය පරිදිය. වෙරළ ආරක්ෂාව තර කළොත් ඒ සිදු කළ නොහැකි විය.
එසේම ලොකුම ආදායම් මාර්ගය වී තිබූ කුඩු ජාවාරමට ඉන් බරපතල බාධාවක් වීම නිසා ගොටා නාවික හමුදාව ශක්තිමත් කළේ නැත.

නාවික හමුදාව ශක්තිමත් කිරීම වෙනුවෙන් වෙහෙසක් දැරුවේ වත්මන් ආණ්ඩු සමයේදී නාවික හමුදාපතිධුරය ලැබූ වත්මන ආරක්ෂක මාණ්ඩලික නිලධාරී රවී විජේගුණවර්ධනය. නමුත් මේ විජේගුණවර්ධන මෙම වැඩපිලිවෙල ක්‍රියාවට නැගීමෙදී ගොටබයගෙ හිතෛශී පිරිස් මෙයට බාධා කළේය. කොටින්ම ඇවන්ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපති සිය හිත මිතුරු ඇමැති විජේදාස රාජපක්ෂ හරහා මෙය කඩා කප්පල් කිරීමට විශේෂ වෙහෙසක් දරූ බවද කියවෙයි.

කොමිස් ගැහිල්ල.

හමුදා මුලස්ථානය ඉදිකිරීම වෙනුවෙන් රුපියල් බිලියන 30 ක මුදල සොයා ගැනීමට ගොටාබය යෝජනා කළේ ගාලු මුවදොර යුධ හමුදා මුලස්ථානය පිහිටි ඉඩම විකුණා දැමීමය. එය චීන රජයේ නියොජිතයන් සමඟ සාකච්ඡා කොට ශැංග්‍රීලා සමාගමට සින්නක්කරයටම විකුණා දැමිමට කටයුතු කළේය. රටේ ඉඩමක් විදේශිකයන්ට විකිණිය නොහැකි ලෙස නීති පනවා තිබුණද සිය හොහොයුරා වන ජනාධිපති මහින්දගේ අනුමැතිය සහිතව එය සිදු කළේය. ඉන් බිලියන් 20 කට ආසන්න මුදලක් ලැබුනු බව කිය වෙතත්, අත යටින් කීයක් ලබුණාද කියන්න වෙන්නේ විදේශීය රටවල තිබෙන ගොටබය රාජපක්ෂ පවුලේ බැංකු ගිණුම් පරිකෂාකර බැලිමෙන් පසුවය.

‍FCID - ගේම් එක

ඒ බැංකු ගිණුම් ගැන ඇතැම් විස්තර ද පසුගිය කාලයේදී හෙලි විය. විශේෂයෙන්ම ගෝටබයගේ පුත්‍රරත්නය වන මනෝජ් රාජපක්ෂගේ නමින් සිංගප්පුරුවේ පිහිටි OCBC බැංකුවේ ගිණුම ගැන තොරතුරු සියල්ල එවකට මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානි රවී වෛද්‍යලංකාර විසින් සොයාගෙන තිබිණි. ඔහුම ඇතැම් තැනක කීවේ ඒ මුදල් ආපසු ගත්තොත් ඒ බැංකුවම බංකොලොත් විය හැකි බවය. එනම් එතරම්ම මුදල් ප්‍රමාණයක් ඔහුගේ ගිණුමේ ඇති බවය.
එහෙත් රාජපක්ෂ පවුලෙන් ලැබුණු මිලියන් ගනනින් වූ ජරාව නිසා ඒවා යටපත් කර සැඟවීමට ඔහු කටයුතු කර තිබිණි. එම තොරතුරු සියල්ල පොලිසියෙන් අතුරුදන් කිරීමටද ඔහු සමත්ව තිබෙන බව පැවසේ.

කොමිස් ගිල්ලේ එතැනින් පමණක් නොවේ

හමුද මුලස්ථානයෙන් කොමිස් කෑවේ එතැනින් පමණක් නොවේ. මේ සැලසුම සකස් කළ මුදිත ජයකොඩිගේ ගෙවීම් ලෙස මේ බිලියන 30 ඇස්තමේන්තුවෙන් සියයට 8 ක් ගෙවා තිබිණි. එසේම මෙය බිලියන 45 වී නැවත වැඩි වන විටත් එසේම කොමිස් ප්‍රමාණයක් ගෙවා තිබිණි. සාමාන්‍යයෙන් මේසා විශාල ව්‍යාපෘතියක වූව සැලසුම් සාමාගමක ගෙවීම වන්නේ සමස්ත ඇස්ත්මේන්තුවෙන් සියයට 1 සිට සියයට 0.5 දක්වා වූ ගෙවීමකි. නමුත් මුදිතට 8% ක ගෙවීමක් කර තිබේ. එනම් රු. බිලියන තුන හතරකි.

ඇස්තමේන්තුව බිලියන 30 සිට 45 දක්වා වැඩි උනේ කොහොමද මොකටද කියන කාරණය මුදිත දනී.. ඔහුගේ ගාස්තු ලෙස ලැබුණාය කියන මුදල් වලට සිදු වූයේ කුමක්ද යන්නත් ඔහු දනී..එහෙත් මේ විමර්ශන සියල්ල රවී වෛද්‍යලංකාර විසින් අවුල් ජාලයක් කර රාජපක්ෂලාගේ ගැලවුමට වැඩ කර තිබේ.
සමහරු පෙන්වා දෙන හදන්නේ ව්‍යපෘතිය ප්‍රමාද වූ නිසා මේ වියදම ගිය බවකි. ඒ පට්ට පල් බොරුවකි. බිලියන් 45 ක ඇස්තමේන්තුවක් වූ ඉදිකිරීමකට තවත් බිලියන 20 ක ප්‍රමාද ගාස්තුවක් ගෙවීම ලෝක පුදුමයකි.

මේ ව්‍යාපෘතිය බාරව හිටියේ කවුද?

මේ ඉදිකිරීමේ ව්‍යාපෘතිය බාරව සිටි ප්‍රධානියා නැතිනම් ප්‍රධාන විධායක නිලධාරියා විශ්‍රාමික හමුදා නිලදාරියකු වූ උදය නානායක්කාරය. ඔහුව මේ සඳහා සම්බන්ධ කර ගත්තේ ද දයා රත් නායකය.
මේ දුෂිත ව්‍යාපෘතිය හරහා දැවැන්ත මුදල් කන්දරාවක් කොලල් කා ගැනීමේ පහසුව පිණිස හිතවත් නිළධාරීන් රැසක් පත් කර ගැනීම සිදුව තිබිණි.

එමෙන්ම හමුදා මුලස්ථාන ඉඩම චිනයට විකිණිමෙන් පසුව එහි පිහිටි කාර්යාල සියල්ල පවත්වාගෙන යෑමට සිදු වූයේ වෙනත් ගොඩනැගිලි වලය. එසේ ගොඩනැගිලි 18 ක් කුලියට ගෙන තිබිණි. මේ වෙනුවෙන් මාසයකට රුපියල් කෝටි 4 මාරක මුදලක් රජයට වැය කිරීමට සිදු විය. වසර 5 කට අධික කාලයක් මෙසේ මාසයකට රු කෝටි 4 මාර බැගින් ගෙවන්නට සිදුව තිබූ මුදල කොපමණදැයි අවශ්‍ය නම් ගනම් හදා බැලිය හැකිය..මේ ජනතවගෙ බදු මුදල්ය.

මෙහි ඇති අනෙක් රහස නම් මෙසේ කුලියට ගත් ගොඩනැගිලි බොහොමයක් ගොටබයගේ හිතවතුන් වූ හමුදා නිලධාරීන්ගේ සහ පවුලේ හිතවතුගේ ඒවා වීමය. ගොටබය තමන්ටත් තමගේ හිතෛශීන්ටයි රටේ දෙපොල ඌලා කෑමට වැඩ සැලැස්සුවේ එහෙමය. මේ හමුදා මුලස්ථානය යනුම රාජපක්ෂලා මේ රට විකුණාගෙන කෑමේ තරම කියන සදාතනික සිහිවටනයකි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us