දුමින්ද සිල්වාට ජනාධිපති සමාව. ගෝටා..,සිල්වා පවුලටම සහතික වෙයි. Featured

Published in පුවත්
Thursday, 07 November 2019 20:22

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීම චෝදනාවට මරණීය දණ්ඩනය හිමිව තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා දිය හැකි බවට ගොටාබය රාජපක්ෂ, දුමින්ද සිල්වාට සහතික වී ඇති බව වගකීමෙන් යුතුව පැවැසිය හැකිව තිබේ..

දුමින්ද සිල්වාගේ සොහොයුරු හිරු මාධ්‍ය ජාලයේ අධිපති රෙනෝ ද සිල්වාට සහ එම පවුලේ සියලු දෙනාට මේ බව ගොටාබය දැනුම් දී ඇත.

රෙනෝද සිල්වාගේ හිරු මාධ්‍ය ජාලය හැකි සෑම වෙරක්ම දරා ගොටාබය රාජපක්ෂගේ ජනාධිපති ප්‍රචාරක මෙහෙයුමට දායක වන්නේ ඒ දුන් සහතිකය මතය. එසේම ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලද මුල් වරට චෝදනා ඔප්පු වී සිර ගත වූවන් පුනරුත්තාපනය කර නිදහස් කිරීම සිදුකරන බවට වගන්තියක් ඇතුලත් කර ඇත්තේද මෙවැනි අපරාධකරුවන් කිහිප දෙනෙකුම නිදහස් කිරීමට අවශ්‍ය වටපිටාව සකසා ගැනිමටය.

මීට පෙර සජිත් ප්‍රේමදසගේ මැතිවරණ ප්‍රචාරක මෙහෙයුමට සහය දිය හැකි බවත් ඒ වෙනුවෙන් දුමින්ද සිල්වාට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා දීමට එකඟ විය යුතු බවට රෙනෝ ද සිල්වා එජාපයේ ප්‍රබලම ඇමැති දෙපොලක් සමඟම සාකච්ඡා කර තිබිණි. එහෙත් රටේ ඉහළම අධිකරණයෙන් පවා මරණීය දණ්ඩනය තීන්දු කළ අපරාධකරුවකු නිදහස් කිරීම සිදු කළ නොහැකි බව ඇමැතිවරු පැවැසීම නිසා රෙනෝද සිල්වා ගෝටාබය රාජපක්ෂ සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදුව තිබේ. ගොටාබය රාජපක්ෂ එම කොන්දෙසිය පිලිගැනීම සිදු කර ඇත.

දුමින්ද සිල්වාට යනු කුඩු ජාවාරම් චෝදනා පවා එල්ල වී ජනතාව අතර පිලිකුලට භාජනය වූවෙකි.එවකට ගෝටාබය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයාව සිටිය දී එම අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී වරයා ලෙස රාජපක්ෂ පවුල් ආණ්ඩුවේ ත්‍රාඩ හැකියාවන් උපයෝගි කරගෙන දුමින්ද සිල්වා ප්‍රචණ්ඩකාරී දේශපාලනයක නියුක්ත වූවෙක් වන අතර එම සමයේදී කොලොන්නාව මුල් කරගෙන සිදු වූ පාතාල ඝාතන රැල්ලද කුඩු ජාවාරම පදනම් කරගෙන සිදු වූ ඒවාය.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාට සිය ජීවිතය පුදන්න සිදු වුයේද මේ දුමින්ද සිල්වා විසින් නඩත්තු කරන ලද පාතාල ක්‍රියාකාරකම් සමඟ සටන් වැදීමට සිදුව තිබීම නිසාය.

Last modified on Thursday, 07 November 2019 20:34

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us