'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' යාපනය ප්‍රදර්ශනයේ ඊයේ සඳුදා (09) ප්‍රධාන අමුත්තා ලෙස සහභාගීවූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා, ප්‍රදර්ශන කුටි නැරඹීමෙන් පසු ප්‍රදර්ශන භුමියේ මාධ්‍ය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී විය. එහිදී මාධ්‍යවේදියකු පළාත් සභා හා බලය බෙදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ස්ථාවරය විමසා සිටි අවස්ථාවේදී අමාත්‍යවරයා මෙසේ ප්‍රතිචාර දැක්විය.
''එකක් පැහැදිළිව කියන්න ඕනේ. පිටරට ගියහම ධන වෙන, ප්ලස්වෙන, ආපහු ලංකාවට ආවම රින වෙන, නෙගටිව් වෙන දෙබිඩි කතා මම ලඟ නැහැ. ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදීමක් ඉෂ්ට සිද්ධ කරලා ඒ වැඩපිළිවෙළ තුළින් දේශපාලන සවිබලගැන්වීම, ආර්ථික සවිබල ගැන්වීම, සමාජීය සවිබලගැන්වීම, මේ හැම දෙයක්ම ඉෂ්ට සිද්ධවෙන ගමනක් අපි යන්නට බලාපොරොත්තු වෙනවා.
එතකොට මම තවත් එකක් කියන්න කැමතියි. දැන් අපි වචන එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. නමුත් මේ වචනවලින් එන අර්ථය මේ ජනතාවගේ හදවතේ තියෙන්නට ඕනේ. එතකොට ඇත්තවශයෙන්ම කතාකරනවා නම් මේ රටේ කිසිම ජන කොට්ඨාසයකට හැඟීමක් එන්නට හොඳ නැහැ අපි දෙවෙනි පන්තියේ තුන්වෙනි පන්තියේ පුරවැසියන් කියලා. අපි හැමෝම එකයි. එක රටක්, එක මාතෘභූමියක්, එක ජනතාවක්. එතනදී ජන කොට්ඨාස අනුව, ආගම අනුව උස් පහත් භේද නැහැ. සැවොම එකයි. සැවොමට සලකන්නේ එක විදිහට.
ඒ නිසා මේ හැම ජන කොට්ඨාසයකටම හැඟීමක් එන්නට ඕනේ අපිට ඔක්කොටම එක හා සමානව සාධාරණව සලකනවායි කියන එක. මොනයම් හෝ ජන කොට්ඨාසයකට හැඟීමක් ආවොත් අපිව කොන් කරනවා අපිව පැත්තකට වීසි කරනවා කියලා, එක බරපතල කාරණයක්. එහෙම හැඟීමක් එන විදිහට අපි වැඩ කරන්නේ නැහැ. එහෙම හැඟීමක් ඇති නොවන විදිහට තමයි අපි රාජ්‍ය තාන්ත්‍රික කළමණාකරන සහ පරිපාලන ව්‍යූහය අපි නිර්මාණය කරන්නේ සහ විසඳුම් ලබාදෙන්නේ. රටේ නීතියට අනුකූලව මම ඒ විසඳුම් ලබාදීමට කටයුතු කරනවා."
සජිත් ප්‍රේමදාස බලය බෙදා හැරීමට එකඟ බව අවධාරණය කර තිබීම එජාප පක්ෂිකයා පවා බලාපොරොත්තු වූවක් නොවෙයි. මන්ද සජිත් යනු රනිල් - මංගල ලිබරල් උරුමයේ කොටස්කාරයකු නොවන බවට කාලාන්තරයක් තිස්සෙ ගොඩ නැගී තිබු මතය එයට හේතුවය. පන්සල් ගානෙ යමින් සිංහල බෞද්ධ පක්ෂපාත්තිත්වයක් සහිත නුතන වාදී අදහස් නොදරන්නකු බව සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් ගොඩ නැගී තිබූ ප්‍රතිරූපයයි. එහෙත් පසුගිය මාස කිහිපය තුල ඔහුගේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්තීන් ලිබරල්වාදී පිළිවෙතක පිහිටන බව ඔහු විසින් ප්‍රකාශයට පත් කර තිබේ. සාම්ප්‍රදායිකව එජාපය නියෝජනය කරන ලිබරල් මතවාදයෙන් එපිට ඔහු නැති බව පෙන්වා දී තිබේ. එසේම වඩාත් නුතනවාදී ප්‍රවේශයක සිට කටයුතු කිරීමට ඔහුගේ ඇති කැමැත්ත පෙන්වා දී තිබේ. සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් එජාපයේ මධ්‍යම පාංතික ස්ථරය නියෝජනය කරන පිරිස ගේ ප්‍රධාන චෝදනාව වූයේ සජිත්ට මධ්‍යපාංතික ඡන්ද දායකයාගේ සහ සුළු ජන කොටස්වල සහය නොලැබෙන බවකි. නිරන්තරයෙන් අඩු ආදායම් ලබන පීඩිත නාගරික සහ ග්‍රාමීය ජනතාව වෙනුවෙන් පෙනී සිටින සජිත්ට මධ්‍යමපාංතිකයන්ගේ ගැටලු ගැන සංවේදී තාවයක් නොමැති බවටද අවධාරණය කෙරිණි. එසේම ඔහුට මධ්‍ය පාංතික සංස්කෘතික උරුව නොමැති බවටට විවේචන එල්ල විය. ඒ සම්බන්ධයෙන් අනෙක් ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් වලද චෝදනා එල්ල වූයේ ඔහු හිඟන දේශපාලනයක යෙදෙන හිඟන චින්තනයක් ඇති දේශපාලන ගොබ්බයකු බවට උදාහරණ සහිතව පෙන්වා දෙමිනි. එහෙත් පසුගිය මාස දෙකකට ආසන්න කාලය තුලදි සජිත් තමන්ගේ ප්‍රතිරූපය වෙනස් කර ගැනීමට දක්ෂ වී තිබේ. එය ඉතා වේගවත්ව සිදු විය. නව තත්වයන් හා ගැලපීමට හැකි නම්‍යශීලී ලිබරල් ප්‍රතිපත්තියක තමන් සිටින බව සජිත් භාවිතාවෙන්ම ඔප්පු කරමින් සිටී.තමන්ට නැගෙන සියලු චෝදනාවන් සඳහා සාර්ථකව පිළිතුරු ලබා දීමටත් ඔහු සමත්ව තිබේ.
සජිත් ප්‍රේමදාසට ඇමැතිවරයකු ලෙස පැවැරුණේ නිවාස ක්ෂෙත්‍රයයි. නමුත් ඔහුගේ විෂය පථයට ඇතුලත් වූයේ ග්‍රාමීය නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් පමණි. මේ නිසා ඔහුට සිදු වූයේ හුදකළා කුඩා කුඩා නිවාස ඉදිකිරීමටය. පෙට්ටි ගෙවල් හදන ඇමැති ලෙස ගැරහුමට ඔහු ලක්වූයේ මාධ්‍යම පාන්තිකයන්ගෙනි..තට්‍ටු ගෙවල් හදන මේ යුගයේ පෙට්ටි ගෙවල් හැදීම ගැන විවේචන් ඉදිරිපත් විය. එහෙත් ග්‍රාමීය ජනතාවට අවශ්‍ය වන්නේ භූමිය සමඟ පෙට්ටි ගෙවල් මිස තට්‍ටු ගෙවල් නොවන බව මේ විවේචයක දන්නෙ නැත. තටු ගෙවල් අවශ්‍ය තැනට තට්‍ටු ගෙවල් සැදීමටද සජිත් කටයුතු කළ බව ද ඔවුන් අමතක කර තිබේ. ඒ චෝදනා පදනම් විරහිත බව සජිත් ට අවධාරණය කර පෙන්වීමට හැකිව තිබිණි.
කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස තමන් දේශපාලනය ගැන දරණ මතවාදීමය ස්ථාවරයන් මීට පෙර නිශ්චිතව ප්‍රකාශකර තිබුණේ නැත. ගැලරිය පිනවීමේ කතාවකින් ඔහුගේ කතන්දර අවහර විය. ජාතික හෝ ජාත්‍යන්තර දේශපාලනය ගැන ඔහුගේ දැක්ම ගැන ඔහු මීට පෙර සාකච්ඡවට ගත්තේ නැත. මාධ්‍යයට මුහුණ දීම වෙනුවට ඒ මඟ හැර යෑමට ඔහු උත්සුක විය. ඔහුව දකින්න්ට ලැබුනේ උදාගමක වේදිකාවක කරන පොඩි කතා බහකදී පමණය. නැතිනම් එජාපයේ නායකත්ව අර්බුද්ධයේ කොටස්කාරයකු ලෙස ඔහුගේ භූමිකාව ගැන යන ගොසිප් වලිනි.
එහෙත් දැන් ඔහු ඉදිරියට පැමිණ තිබේ. මාධ්‍යයට විවෘත්තය. අදහස් ප්‍රකාශනයේදී පැකිලෙන්නෙ නැත. සෘජු පිළිතුරු ඔහු සතුව තිබේ. ඒවා කවුරුවත් විසින් ලියාදුන් තිර පිටපත් ද නොවේ. බලය බෙදා හැරීම සම්බන්ධයෙන් එහෙටත් මෙහෙටත් නැති උත්තරයක් දී උතුරත් දකුණත් දෙකම ෂේප් කර ගැනීමට දකුණේ බොහෝ දේශපාලකයන් කටයුතු කරද්දි සජිත් බලය බෙදා හැරීම විය යුතු බව සෘජුව කියයි. රාජපක්ෂලා මෙන් පිටරටට එකකුත් රටට එකකුත් දෙබිඩි කතා තමන්ට නැති බව කියමින් තමන්ගේ ප්‍රතිපත්තියෙහි සෘජු බව වෙනුවෙන් ඔහු පෙනී සිටියි.
තමන් පිළිගන්නා ප්‍රතිපත්තියෙහි සෘජුවත් ප්‍රසිද්ධියේත් පෙනී සිටීම දේශපාලන නායකත්වයට අත්‍යවශ්‍යම ගුණාන්ගයකි. තමන්ගේ මතය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයකට තිබෙන අයිතිය ඉහළින්ම පිළිගන්නා අතරෙහි තමන්ගේ මතය කුමක් වූවත් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන්නකු ලෙස බහුතරයේ කැමැත්තට එකඟ වීමට තරම් නම්‍යශිලී වීමද ඔහු කෙරෙන් ප්‍රකට වන ලකුණකි. ජාතිවාදය ආගම්වාදය හෝ වෙනස්කොට සැලකිමකට එරෙහිව මානව නිදහස, පුද්ගල නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය පිලිගැනීම ලිබරල් වාදියෙකුගේ ප්‍රමුඛත්ම ලක්ෂණයකි. එසේම වෙනස් වෙන තත්වයන් හමුවේ නවුමු ලෙස වෙනස් වීම ද ලිබරල්වාදී ගුණයකි. සජිත් ප්‍රේමදාස ලිබරල් වාදියකු ලෙස සිය තැන සලකුණු කරගෙන සිටින මේ මොහොත ගැන අලුත් සාකච්ඡාවක් ඇතිවිය යුතුව තිබේ. නමුත් මේ වෙනසකම බාර ගැනීමට නොහැකිව සිටින මැදපාංතික අදහස් දරන්නන් මේ නොඇසූ කන්ව සිටී. එසේම ලිබරල් අදස්වලට එරෙහිව සිංහල ජාතිවාදයට පක්ෂව සිටින පිරිසද නිහඬය.
මේ සාකච්ඡාව තවත් වැදගත් වන්නේ සිංහල ජාතිවාදය පොෂණය කරමින් ඉදිරි ජනාධිපතිවරණයට මුහුණදීමට බලාපොරොත්තුවෙන් සිටින නන්දසෙන ගෝඨාභය සිය ප්‍රතිපත්තීන් ප්‍රකාශට පත්කර තිබෙන මොහොතක් වීම නිසාය. සිංහලන් ජාතිවාදියකු විජාතික විරෝධියකු දේශප්‍රේමියකු වන නන්දසේන සිය ප්‍රතිපත්තීන් ගැන ඉංග්‍රීයෙන් කරන විවරණය ලිබරල් වාදයෙන් එහාට ගිය දක්ෂිණාංශක ධනේෂ්වරයට බරැති ප්‍රතිපත්තියකි. මේ දෙබිඩි පිළිවෙත ගැන සාකච්ඡාවද නැත. විනය ,සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය යන මැයෙන් ගොඩනඟන නන්දසේනගේ තකක්ඩි ප්‍රතිපත්ති සහ සිංහල බෞද්ධ ජාතිවාදී භාවිතාව අවසානයේ ගොඩනගන්නේ දරුණු ඒකාධිපතිත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත.
ඒ අනුව අද සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරන ප්‍රතිපත්තීත් ඔහුගේ භාවිතාවත් ගෙන සාකච්ඡාවක් සිදු වීමේ අත්‍යවශ්‍ය තාවය පවතී. මන්ද රටට අවශ්‍යවන්නේ යහපාලනය මූලධර්මයක් කරගත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නිසාය. ඊට රටේ බහුතර ජනයාගේ කැමැත්ත අවශ්‍යව තිබෙන නිසාය.