රවීගේ මුල්‍ය ජාවාරම්කාර මිත්‍රයා සිරගෙදරින් නිවාස අඩස්සියට Featured

Published in පුවත්
Tuesday, 10 September 2019 16:54

ඇමැති රවී කරුණානයකට එල්ල වූ විනිමය වංචා චෝදනාවේ විදේශ මැදිහත්කරුවා වන රාජ් රාජරත්නම්ට එල්ලවී තිබූ චෝදනාවට දඬුවම් ලෙස ගෙවු සිරගත ජීවිතය අවසන් කර තිබේ.

එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම හෙජ් අරමුදල් වංචාවට වැරදිකරුවී සිර දඬුවම් විඳි රාජ් රාජරත්නම් මීට සති 6කට පමණ පෙර සිර ගෙදරින් නික්ම ගොස් ඇති බව බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති සේවය අනාවරණය කර සිටී. ඔහු මෙලෙස පිටව ගොස් ඇත්තේ සිය දඬුවම් කාලය අවසන් වීමට තවත් වසර 2ක් ඉතිරිව තිබියදීය.

රාජරත්නම්ට එල්ල වූයේ සු‍රැකුම්පත් විනිමය වංචාවක් ගැන චෝදනාවකි. එනම් (insider trading) සමාගම් හි මුල්‍ය තොරතුරු එම සමාගම්හී පුද්ගලයන් ලවා රහසිගතව ලබා ගනිමින් සු‍රැකුම් වෙළඳ පොළෙහි ජාවාරම්කාරී ලෙස කටයුතු කිරීමය. මෙරට සිදුවූ මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර චෝදනාවද පදනම් වන්නේ මෙම ඉන්සයිඩ් ට්‍රේඩින්ග් වල අර්ජුන් ඇලොසියස් සහ අර්ජුන් මහේන්ද්‍රන් යෙදී සිටියාය කියන චෝදනාවමය. මහබැංකුවේ සහ රාජ්‍ය, පෞද්ගලික බැංකු හා මුල්‍ය ආයතන වල මුල්‍ය තීරණ ගැන තොරතුරු රහසිගත සම්බන්ධතා හරහා ලබාගැනීම මඟින් මෙම බැඳුම්කර ගනුදෙනු සිදුකර තිබෙන බව ඔවුන්ට එල්ලව ඇති චෝදනාවය. මේ අර්ජුන්ලාත් එවකට මුදල් ඇමැති රවී කරුණානායකගේ සමීපතම මිතුරන්ය.

රාජරත්නම්ගේ වංචාව ඇල්ලීම සඳහා අමරිකාවේ FBI ආයතනය 1998 වසරේ සිටම සුක්ෂම මෙහෙයුමක් දියත් කර තිබිණි. වසර ගනනාවක මෙහෙයුමෙන් පසුව සාක්ෂි සමඟ රාජරත්නම්ව අත් අඩංගුවට ගැනීමටත් 2009 ඔක්තෝබරයේදී ඔහුට එරෙහිව නිත්‍යනුකූලව කටයුතු කර දඬුවම් පැමිණවීමටත් හැකිවිය. රාජ් රාජරත්නම් සුරැකුම්පත් විනිමය නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත 2011 වසරේ දී වරදකරු වීමෙන් අනතුරුව වසර 11 ක සිරදඬුවමක් ඔහුට නියම වූ අතර බොස්ටන් නගරයෙන් පිටත පිහිටි ෆෙඩරල් වෛද්‍ය මධ්‍යස්ථානයක් වූ බන්ධනාගාරයක ඔහුට කල්ගෙවීමට සිදුවිය.

කෙසේ වෙතත් එක්සත් ජනපද නව නීති ප්‍රකාරව වයස අවුරුදු 60 ඉක්මවූ හෝ දීර්ඝකාලීන රෝගාබාධවලින් පෙළෙන සිරකරුවන් හට නියම කරන ලද දඬුවමෙහි අවසාන කාලය නිවාස අඩස්සියට පත්කරලීමේ න්‍යාය අනුව රාජ් රාජරත්නම් මෙලෙස සිරගෙදරින් පිටව ගොස් තිබේ.

ඒ අනුව ඔහුගේ සිර දඬුවමෙහි ඉතිරි කාලය මැන්හැටන් හි නැගෙනහිර පෙදෙසේ නිහඬ කොටසක මහල් නිවාසයකට කොටුව ගෙවීමට සිදුවනු ඇත. නමුත් දිවාකාලයේ දී සිය වැඩකටයුතු සඳහා පිටතට යාමට ඔහුට නිදහස ඇත.

2021 ජූලි 04 දින ඔහුගේ සිරදඬුවම අවසන් වීමට නියමිතය.

2011 වසරේ දී අභ්‍යන්තර වෙළෙඳාම චෝදනාව යටතේ වැරදිකරු වූ ඔහු එවකට සිය Galleon Group LLC අරමුදල හරහා එක්සත් ජනපද ඩොලර් බිලියන 7ක් ඉක්මවූ ආයෝජන අරමුදලක් හසුරුවා තිබේ.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රාජ් රාජරත්නම්, ෆෝබ්ස් සඟරාවට අනුව 2009 වසරේ ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 559 වැනි ස්ථානයෙහි පසුවිය. එසේම 2000 මුල් භාගයේ දී ඔහුගේ Galleon අරමුදල ලොව 10 වැනියට විශාලතම හෙජ් අරමුදල ලෙසින් සැලකිනි.

අමෙරිකාවේ ධන කුවේරයකු වු "රාජ් රාජරත්නම්" යුනියන් බැංකුවේ කොටස් මිල දී ගැනීමට යැයි කියමින් 2006 වසරේ දී විත්තිකාර නෙක්සියා සමාගමට විනිමය ආඥාපනත උල්ලංඝණය කරමින් රුපියල් 107,049,464 මුදලක් හා 2007 වසරේ දී රුපියල් 214,100,000ක මුදලක් පළමු විත්තිකරුගේ (රවි කරුණානායකගේ සේවකයකු වු අයි. ජේ. එස්. බෝකර් ආයතනයේ ප්‍රසන්න සිරිවර්ධන ) ගිනුමේ තැන්පත් කිරීම හා දෙවන (දෙවන විත්තිකාර ලින්කන් පියසේන) තුන්වන විත්තිකරුවන් ( තුන්වෙනි විත්තිකාර රවී කරුණානායක) ඊට ආධාර අනුබල දිම යන චෝදනා නීතිපතිවරයා ඉදිරිපත් කර තිබිණි. කෙසේ නමුත් වත්මන් යහපාලන ආණ්ඩුව පත් වීමෙන් පසුව රවී කරුණානායක අධිකරණය මඟින් නිදොස් කොට නිදස් කරන ලදී.

Last modified on Tuesday, 10 September 2019 16:57

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us