ජාතික ආණ්ඩුවකට එරෙහි, සිරිසේනගේ සදාචාරය ප්‍රශ්න කළ යුතුය. Featured

Published in පුවත්
Monday, 04 February 2019 12:34

සිරිසේන ජනාධිපතිවරයා මෙවර නිදහස් දිනයේදී තමන්ගේ අසික්කිත කම පෙන්වීමට නැවත වතාවක් උත්සහ කර ඇත. ජාතික නිදහස් දින කතාවකට වඩා තමන්ගේ අඩවැඩියාව ප්‍රකාශයට පත් කරමින් ඒ උත්සව අවස්ථාවත් කෙලසා දැමුවේය.

මෙහිදි ඔහු අපූරු කතාවක් කියා ඇත. ඒ එක්සත් ජාතික පක්ෂය ව්‍යවස්ථානුකූලව ඇති ප්‍රතිපාදන අනුව ජාතික ආණ්ඩුවක් පිහි‍ටු වීමට ගන්නා උත්සාහය ගැන සිරිසේන ප්‍රශ්න කළේය. ඔහු පවසන්නේ ජාතික ආණ්ඩුවක් පිහි‍ටු වීම සදාචාරාත්මක නැති බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බහුතර පාර්ලිමේන්තු බලය ඇති කණ්ඩායමට වෙනත් කණ්ඩායමක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමඟින් ජාතික ආණ්ඩුවක් පිහි‍ටු වීමේ ප්‍රතිපාදන ඇත. එය සිරිසේනද ඇතුලුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 215 දෙනෙකු විසින් අනුමත කර සම්මත කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවය.

ඒ අනුව අනෙක් සුළු පක්ෂයක් නියෝජනය කරන මන්ත්‍රීවරයකු හො මන්ත්‍රී කණ්ඩායමක් ජාතික ආණ්ඩුවකට එකතු කර ගැනීමෙහි නිත්‍යනුකූල නොවන ගැටලුවක් නැත. සිරිසේන ප්‍රශ්න කරන්නේ සදාචාරය ගැනය.. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස මහින්ද රාජපක්ෂව අගමැතිධුරයට පත් කිරීමේදී රටේ නිතිය තියා සදාචාරය ගැනවත් ඔහු තැකුවේ නැත. ඉතාම නිර්ලජ්ජිත ලෙස දිගින් දිගටම හිතුවක්කාරීව පිස්සෙකු මෙන් ඔහු කටයුතු කළේය. එහෙව් සිරිසෙන මේ නිත්‍යානුකූල කටයුත්තෙහි සදාචාරය ප්‍රශ්න කිරීම මොන විහිලුවක්දැයි නොදනිමු.

ආණ්ඩුව පවත්වාගෙන යෑමේ වගකීම අගමැතිවරයා යටතේ පවතී. ඒ වෙනුවෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීම කිසිසේත්ම වරදක් නොවේ. එතැන ප්‍රශ්න කරන්න සදාචාරාත්මක ගැටලු නැත. ආණ්ඩුව නිවැරදිව කටයුතු නොකරන්නේ නම් එය වෙනම විවේචනයකි. එහෙත් සිරිසේනට අවශ්‍යව ඇත්තේ ආණ්ඩුව පවත්වාගෙන යෑමට නොදී එය දිගින් දිගටම කඩාකප්පල් කිරීමේ වියරු වුවමනාවය. එය ඔහුගේ පෞද්ගලික වුවමනාවක් මිස රටේ ජනතාවගේ වුවමනාව නොවෙයි. රටේ ජනතාවට හෙණ ගහලා ගියත් ඔහුට වගක් නැත. මහින්දව අගමැති කර රට අරාජික කරමින් යළිත් දැවැන්ත ආර්ථික අර්බුධයකට රට තල්ලු කර දැමුවේ මේ රටේ ජනතාව ගැන කිසිදු හැඟීමකින් තොරවය.

විපක්ෂයෙ පොදු අපේක්ෂකයා ලෙස ජනතාව හමුවේ ලබා දුන් පොරොන්දු කිසිවක් ක්‍රියාත්ක කිරීමට සමත් නොවූ මේ වැඩ බැරිදාස ජනාධිපති පු‍ටුවට පත් වීමෙන් පසුවත් වහසි බස් දොඩමින් කටයුතු කළා මිස රටේ සංවර්ධනය වෙනුවෙන් කරපු කෙන්ගෙඩියක් නැත. පරණ ව්‍යාපෘතියක් වූ මොරගහහේන ජලාශය ඉදිකිරීමේ කටයුත්ත නොවෙන්න සිරිසේනට කියන්න කියන්න කිසිවක් නැත. ආණ්ඩුව අනාගතය ගැන කල්පනා කර ගත් නිවැරදි පිලිවෙත් සියල්ලටම බාධා කරමින් කටයුතු කළ ආකාරය නම් දකින්නට පුලුවන් විය. සිරිසේනගේ මෝඩ ගොබ්බ ග්‍රාම්‍ය චින්තනය නිසා මේ රටට අහිමි කළ දෑ බොහෝය.

පසුගිය මාස කිහිපයේදී ලෝක විහිලුවක් බවට පත් වී පජාත වී ඉතිහාසයෙ කුණු ගොඩට වැටී සිටියද තියෙන ගොබ්බ කම නිසා තව දුරටත් පිස්සුම කෙළිමින් සිටින සිරිසේන මේ ගෙවෙන තමන්ගේ පාලන සමයේ අවසන් මාස කිහිපයේදී බල වියරුවෙන් දඟලමින් තවත් පිස්සු වැඩ කරනු ඇත.

මේ රට හැදෙන්න ඔහු ඉඩ තියන්නෙ නැත. බල තන්හාව ඔලුවට ගසා ඇති මේ මෝඩ ග්‍රාම්‍ය ජානධිපතිවරයා ගේ තකතීරු වැඩ වැලක්වීමට ආණ්ඩුවට සමත් නොවේ නම් ආණ්ඩුවටත් දෙයියන්ගේම පිහිටය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us