භාණ්ඩ මිළ වැඩි වීම, වෙළඳ පොළේ භාණ්ඩ හිඟ වීම ගැන බරපතල විවේචන මධ්‍යයේ පසුගියදා ආණ්ඩුව භාණ්ඩ ගනනාවක මිළ පාලනය ඉවත් කිරීමට තීන්දුවක් ගෙන තිබිණි. මේ තීන්දුව ගැනත් දේශපාලනික විවේචන දැඩිව එල්ල වෙමින් තිබිණි.

පෞද්ගලිකව මෙන් මරටක් වශයෙන් ගත් කල ආර්ථික සමෘද්ධිය යනු යහපත් ජීවන තත්ත්වයක ප්‍රධාන අංගය වන අතර ලෝක ආර්ථිකය තුළ ජාතියක් වශයෙන් තරඟකාරී වීම සඳහා ද එය අත්‍යවශ්‍යවේ. ලෝක ආර්ථිකයත් සමග උරෙනුර ගැටීම සඳහා ඍජු විදේශ ආයෝජන තුළින් නව ඩොලර් ප්‍රවාහ රට තුළට ලබා ගැනීමකෙරෙහි මෙරට ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ප්‍රධාන අවධානය යොමු වී තිබේ.

මෙරට වෙළඳපොළ තුළ ව්‍යාජ සහල් හිඟයක් මවා පා සහල් මිළ වැඩි කිරීම සිදුවීම අද ඊයෙක සිදුවූවක් නොව මෑත ඉතිහාසය පුරාම දකින්නට ලැබුණකි.

* (ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි)

මේ දිනවල පවතින කොවිඩ් අවදානම් තත්ත්වය හමුවේ වේගයෙන් පැතිරෙමින් වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා රට වසන ලෙස ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය ද රජයට යෝජනා කළේය. එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මාධ්‍ය හමු මගින් දිගින් දිගටම මේ ගැන මහජනයා දැනුම්වත් කිරීමට විශාල මෙහෙයක් කළේය. මේ අනුව දැනට නිරෝධායන ඇඳිරි නීතිය රට පුරා ක‍්‍රියාත්මක වෙමින් පවතී. මේ පසුබිම තුළ ශ‍්‍රී ලංකාවේ කොවිඞ්-19 වෛරසය පාලනයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සමග අපි සාකච්ඡා කළෙමු. එම සාකච්ඡාවේදී අප ඇසූ ප‍්‍රශ්නවලට වෛද්‍යවරිය විසින් කරුණු පැහැදිලි කරමින් පිළිතුරු දුන්නේ මෙසේ ය.

ප‍්‍රශ්නය – රට වැසීමට ලක් කර මේ වන විට දින ගණනක් ගත වෙනවා. මේ වන විට ලංකාවේ කොවිඞ්-19 වෛරස ව්‍යාප්තිය පවතින්නේ කුමන තත්ත්වයක ද?

පිළිතුර – ශ‍්‍රී ලංකාවේ කොවිඞ්-19 වෛරසයේ ඩෙල්ටා ප‍්‍රභේදය මේ වන විට දරුණු ලෙස ව්‍යාප්ත වෙලා තියෙනවා. කොළඹ දිස්ත‍්‍රික්කයේ සියයට සියයක් ම පැතිර යන්නේ ඩෙල්ටා ප‍්‍රභේදය යි. එහි ශීඝ‍්‍ර වර්ධනය හේතුවෙන් එයින් ම තවත් වෙනස් විකෘතිතා ඇතිවෙමින් තිබෙනවා. ඇතැම් නව ප‍්‍රභේද හෝ විකෘතිතා හෝ පැරණි ප‍්‍රභේදයට වඩා දරුණු වෙනවා. නමුත් සමහර නව ප‍්‍රභේද හෝ විකෘතිතා හෝ ඇති වෙලා නැති වෙලා යනවා. මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප‍්‍රතිශක්ති විද්‍යා හා ෙසෙල ජෛව විද්‍යා අධ්‍යයනාංශය මගින් පර්යේෂණ සිදු කරගෙන යනවා.

ප‍්‍රශ්නය – අලූත් ප‍්‍රභේදය ඩෙල්ටා ප‍්‍රභේදයේ ම වෙනස් ස්වරූපයක් ද?

පිළිතුර – දැනට අපට දැනගන්න ලැබී තියෙන විදිහට ඩෙල්ටා ප‍්‍රභේදයේ ම නව විකෘතිතා හතරක් විතර ඇති වී තිබෙනවා. තවම අපට ඒවායේ තත්ත්වයන් ගැන කියන්න පුළුවන් කමක් නෑ. ඩෙල්ටා ප‍්‍රභේදය පැතිර යෑම වේගවත් වූ නිසා තමයි ඒ ඇසුරින් නව ප‍්‍රභේද ඇතිවෙමින් තියෙන්නේ. යම් විදිහකින් ඩෙල්ටා ප‍්‍රභේදය පැතිරයෑම කල් ඇතිව පාලනය කරගන්න අපට පුළුවන් වුණා නම් එයින් නව විකෘතිතා ඇතිවීම වළක්වා ගන්න තිබුණා. නමුත් රට විවෘත කර තිබීම නිසා සංචරණයන් වැඩි වුණා. කොළඹ ජන හැසිරීම වැඩි වීමෙන් කොළඹ දිස්ත‍්‍රික්කය පුරා ඩෙල්ටා ප‍්‍රභේදය වේගයෙන් පැතිරුණා. නව ප‍්‍රභේද හෝ විකෘතිතා ඇති වන්න හේතුව එය යි.

ප‍්‍රශ්නය – නැවත රට වසා දමා තිබීම රෝග පාලනයට පහසුවක් වෙලා තියෙනවද ?

පිළිතුර – ඔව්. නමුත් රට වසා දැමීම ප‍්‍රමාද වීම නිසා රෝගය වේගයෙන් පැතිර ගියා. එයින් මරණ සංඛ්‍යාව වැඩි වුණා. මහජනතාව හොඳින් ආරක්ෂා වෙලා හිටියොත් යහපත් ප‍්‍රතිඵල ළඟා කර ගැනීම පහසුයි.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලය මගින් නිකුත් කර ඇති 6 වන නිදහස් තාක්ෂණික විශේෂඥවරුන්ගේ රැුස්වීම් වාර්තාවට අනුව ශ‍්‍රී ලංකාවේ වෛරස පාලනය පිළිබඳ ඉදිරි තත්ත්වය මොන වගේ ද?

පිළිතුර – එම වාර්තාවට අනුව සැප්තැම්බර් 18 වෙනිදා දක්වා රට වසා දැමුවොත් ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත 7500ක් බේරාගත හැකියි. ඔක්තෝබර් 03 වැනිදා දක්වා රට වැසීමෙන් මිනිස් ජීවිත 10000ක් බේරාගත හැකියි. ශ‍්‍රී ලංකාව ඇතුළු සෑම රටක ම විශේෂඥවරුන් එකතු වෙලා තොරතුරු සම්බන්ධීකරණයෙන් තමයි මෙම වාර්තා නිකුත් කෙරෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ සඳහා පහසුකම් සපයනවා. කොවිඞ් -19 රෝගීන් වැඩිපුර ව්‍යාප්ත වූ සමාජය පුරා අද රෝගය පැතිරෙමින් තියෙනවා. වාර්තාවලින් පෙනෙන විදිහට පැයකට කොවිඞ් ආසාදිත මරණ නවයක් අගෝස්තු 30 වනවිට සිදු වෙමින් තිබෙනවා. මේ තත්ත්වය යටතේ රෝගය පාලනය කිරීම ඉතා අසීරු මට්ටමකයි තියෙන්නෙ. නමුත් මේ තරමින් හෝ රට වසා දමා තිබීම රෝග පාලන කටයුතුවලට යම් සහයක් වෙනවා.

ප‍්‍රශ්නය – අගෝස්තු 30 වැනිදා වන විට කොවිඞ් -19 වෛරසය ආසාදිත වූ පිරිස 436081 ක් වෙද්දි මිය ගිය සංඛ්‍යාව 8991 ලෙස වාර්තා වුණා. දැන් මරණ ගණන 9400 ක් ද ඉක්මවා ගිහින්. ඒ වනවිට සමස්ත ජනගහනයෙන් පුද්ගලයින් 12309254 (සියයට 56.5)ක් එක් මාත‍්‍රාවක් ද පුද්ගලයින් 7042418 (සියයට 32.3)ක් මාත‍්‍රා දෙක ම ද එන්නත් ලබා තිබෙනවා. මෙම තත්ත්වය ශ‍්‍රී ලංකාවේ ඉදිරි තත්ත්වය කෙරෙහි කුමන ආකාරයෙන් බලපායිද?

පිළිතුර – ඇත්තට ම ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයටත්, ලෝකයේ සෙසු රටවල අනුගමනය කරන පිළිවෙත අනුවත් අපට පැහැදිලි ව පෙනෙන්න තියෙන්නේ කොවිඞ්-19 රෝග පාලනයට එන්නත්කරණය ප‍්‍රධාන විසඳුමක් වී තිබෙනවා. කොවිෂීල්ඞ් (Covishield), සයිනොෆාම් (Sinopharm),, ස්පුට්නික්-වී (Sputnik-V), ෆයිසර් (Pfizer), සහ මොඩර්නා ( යන එන්නත් ශ‍්‍රී ලංකාවේ ජනතාවට ලබා දෙනවා. මේ ඕනෑ ම එන්නතක් මේ වනවිට ශ‍්‍රී ලංකාවේ පවතින කොවිඞ්-19 වෛරසයේ බරපතල ප‍්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති ”ඩෙල්ටා” ප‍්‍රභේදයෙන් පවා ආරක්ෂාව ලබා දීමේ හැකියාව තිබෙනවා. එක එක පුද්ගලයෙකුගේ ප‍්‍රතිශක්තිකරණ හැකියාව විවිධ නිසා පූර්ණයෙන් ම එන්නත් කර තිබුණත් වෛරසය ශරීරගත වීමේ හැකියාව තිබෙනවා. නමුත් සංකූලතා අවම කරලා මරණයෙන් වළක්වන්න එන්නත්කරණය හේතුවක් වෙනවා. මේ නිසා හැමෝම එන්නත ලබාගැනීම අත්‍යවශ්‍යයි.

ප‍්‍රශ්නය – කොවිඞ්-19 එන්නතෙන් ලබාදෙන ප‍්‍රතිදේහ ශක්තිය අභිබවා යා හැකි බවට සැලකෙන නව කොවිඞ් වෛරස ප‍්‍රභේදයක් දකුණු අප‍්‍රිකාවෙන් හඳුනාගෙන තිබෙනවා. එවැනි තත්ත්වයකට ශ‍්‍රී ලංකාව මුහුණ දෙන්නේ කෙසේද..?

පිළිතුර – බොහෝ විට නව ප‍්‍රභේද ඇති වන්නේ පවතින ප‍්‍රභේද වැඩි වැඩියෙන් සමාජගත වීම නිසයි. දැනට ශ‍්‍රී ලංකාවේ බරපතල ව පවතින ඩෙල්ටා ප‍්‍රභේදය පසුගිය දිනවල වැඩිපුර ව්‍යාප්ත වීම නිසා එහි නව විකෘතිතා ඇති වී තිබෙන බව දැනට සොයා ගෙන තිබෙනවා. නමුත් පවතින එන්නත්කරණය ප‍්‍රමාණවත් බව තමයි අපට දැනට කියන්න තියෙන්නේ. පුළුවන් තරම් සංචරණ සීමා සහිතව රෝගය පාලනය කළොත් නව ප‍්‍රභේද ඇතිවීමත් පාලනය වෙනවා. ඒ නිසා දැනට තියෙන හොඳම ආරක්ෂිත ක‍්‍රමවේද වන්නේ එන්නත්කරණය, සංචරණ සීමා පවත්වාගෙන යෑම, ජනතාව සෞඛ්‍ය නීති රීති නිසි පරිදි අනුගමනය කිරීම යි. දැනට පවතින සංචරණ සීමා තව වැඩි වන්නේ නම් රෝග පාලනය වඩාත් පහසු වෙනවා.

ප‍්‍රශ්නය – ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වැඩි බලපෑමක් ඇති නිසා ඔවුන් රැක බලා ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුවිය යුතුයි නේද?

පිළිතුර – අපි දිගින් දිගටම මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් කළා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සිටින නිවෙස්වල සිටින සෙසු අය නිවෙසින් එළියට යෑම බරපතළ ප‍්‍රශ්නයක් වන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට යි. එළියට යන අය වෛරසය අරගෙන ගෙදරට ගියා ම මුලින් ම වෛරසය බෝ වන්නේ වැඩිහිටි අයට යි. මේ වන විට සෞඛ්‍ය අංශ නිවෙස්වලට ගිහින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එන්නත් කිරීම ආරම්භ කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දියවැඩියාව, අධිරුධිර පීඩනය, වකුගඩු ආසාදනය, හතිය වැනි රෝගවලින් පෙළෙන අය නම් ඒ අයට වෛරසය ඉතා වේගයෙන් ආසාදනය වෙනවා වගේ ම සංකූලතා වැඩි වෙනවා. ශ‍්‍රී ලංකාවේ මේ වන විට කොවිඞ් ආසාදිත ව මිය ගිය පිරිස අතරින් සියයට 85 ක් ම මෙම රෝගවලින් එකක් හෝ කිහිපයක් ශරීරගත ව තිබූ අය යි. ඒ අතරින් සියයට 53ක් ම දියවැඩියා රෝගීන් බව කිව යුතුයි. තවත් සමහර වැඩිහිටි පිරිස සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්නේ නැහැ.

ප‍්‍රශ්නය – ගර්භණී මව්වරුන් 32ක් මේ වන විට මියගොස් තිබීමෙන් ඔවුන් පත් ව ඇති අවදානම පෙන්නුම් කරනවා නේද?

පිළිතුර – ගර්භණී මවුවරුන්ගෙන් සියයට 75 ක් දැනටමත් එන්නත ලබාගෙන තිබෙනවා. ඉතා ඉක්මනින් අනිත් පිරිසත් එන්නත ලබා ගත යුතුයි. විටමින්, අනෙකුත් පෙති වර්ග ගන්න, දියවැඩියාව ආදි පරික්ෂණ සිදු කරගන්න එයාලට සායනවලට සහභාගි වීම මේ දවස්වල ගැටලූවක් වෙනවා. පෝෂණ ගැටලූත් යම් තරමකට මේ කාලේ බලපාන්න පුළුවන්. නමුත් ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවගේ සහාය ඔවුන්ට ලබාගත හැකියි. හැකිතාක් රෝහල වෙත නොගොස් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ගර්භණී මව්වරුන්ට මේ වෙලාවේ වඩාත් සුදුසු වෙනවා. තමන්ගේ පෝෂණය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. හැකිතාක් එන්නත්කරණයට යොමු වීම, දුරස්ථ භාවය රැුක ගැනීම, දෑත් සේදීම, නිවසින් එළියට යන අය ගෙදර සිටිනවා නම් ඒ අයගෙන් වඩාත් දුරස් ව සිටීමත් ආරක්ෂිතයි. එවැනි නිවෙස්වල සිටින ගර්භණී මවක් නිවසේ ද මුව ආවරණයක් භාවිත කිරීම සුදුසුයි.

ප‍්‍රශ්නය – ආර්ථික බලපෑම නිසා රට වසා දැමීමේ අපහසුතාවක් පවතින බව රජය පවසනවා. රට වසා තැබීම දිගින් දිගට ම කළ නොහැකියි නේද ?

පිළිතුර – රටේ ජනතාව නිරෝගී ව සිටියොත් විතරයි රටේ ආර්ථිකය ගොඩනංවන්න පුළුවන් වෙන්නේ.

රෝගීන් එක්ක රටක් ගොඩනගන්න බෑ. ඒ නිසා දැඩි සීමා යටතේ, හරි විදිහට රෝගය පාලනය කළොත් රට යළි යහපත් තත්ත්වයෙන් පවත්වාගෙන යා හැකියි. අත්‍යවශ්‍ය සේවාවල අයව පමණයි දැනට කැඳවලා තියෙන්නේ. නමුත් අපට පේනවා විශාල පිරිසක්, වාහන විශාල ප‍්‍රමාණයක් එහා මෙහා යනවා. අපි ඉල්ලා සිටි රට වසාදැමීම මෙය නෙවෙයි. නමුත් විවෘත කර තබනවාට වඩා යම් කාලයක් මේ තත්ත්වය යටතේ වුවත් පවත්වාගත හැකියි. රට දිගටම වැහුවත්, කඩින් කඩ වැහුවත් වසා දමා තිබෙන කාලයට බලපාන ආර්ථික කඩාවැටීම එකයි. නමුත් ටික දවසක් වහලා තියලා සැලකිය යුතු මට්ටමකට වෛරසය පැතිරීම පාලනය කරගන්න කලින් යළිත් රට විවෘත කිරීමෙන් සිදුවන්නේ නැවත තිබුණාටත් වඩා වෛරසය පැතිර යාම යි. එහිදී සිදු වන්නේ වසා දැමූ කාලයේදී ලබා ගන්නා ප‍්‍රතිඵලවලිනුත් ප‍්‍රයෝජනයක් නැති වීම යි. ඒ නිසා දැනට මේ තත්ත්වයෙන් හෝ සංචරණ සීමා දැඩිව ක‍්‍රියාත්මක කළ යුතු වෙනවා. පොදු ප‍්‍රවාහන සේවාවල සෙනඟ එන යන එක, මංගල උත්සව හා වෙනත් උත්සව පැවැත්වීම, ඒකරාශී වීම්, සෙනඟ රැුස්වීම්, වෙළෙඳසල් විවෘත කිරීම, ආගමික ස්ථාන වෙත යාමට ඉඩ දීම කොහෙත් ම අනුමත කළ නොහැකියි.

ප‍්‍රශ්නය – සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ වන විට දැඩි ලෙස වෙහෙසට පත්ව සිටීම රෝගීන් කෙරෙහි අහිතකර ලෙස බලපානවා නේද?

පිළිතුර – තවමත් රෝහල් පද්ධතිය කඩා වැටිලා නැහැ. නමුත් කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසට පත්ව සිටිනවා. ඔවුන් පුදුමාකාර කැපකිරීමකින් වැඩ කරනවා. තමන්ගේ පෞද්ගලික ජීවිතය තමන්ගේ දරුවන් පැත්තකට දාලා රෝගීන් වෙනුවෙන් වෙහෙසෙනවා. රටේ ජනතාව මීට වඩා ඒ අය ගැන සානුකම්පිතව කල්පනා කළ යුතුයි. හැකිතාක් රෝගයෙන් ආරක්ෂා වීමට වගබලා ගත යුතුයි. රෝහල්ගත වන සංඛ්‍යාව අඩු වුණොත් විතරයි සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට සහයක් ලැබෙන්නේ. ඒ අයත් මේ රටේ සාමාන්‍ය වැසියන්. ඔවුන්ට මේ වසංගත තත්ත්වය හමුවේ නිවෙස්වලට වෙලා ඉන්න බෑ. හැම කෙනෙක්ම ඒ අය ගැන මීට වඩා සංවේදී වෙලා මේ වසංගතයට ගොදුරු නොවී ඉන්න උත්සාහ ගත යුතුයි.

ප‍්‍රශ්නය – මේ වනවිට වෛරසය පුද්ගලයන් අතර නොව පවුල් අතර ව්‍යාප්ත වීම ආරම්භ වී තිබෙනවා නේද….?.

පිළිතුර – මේ නිසා තමයි නිවෙස්ගත ව කොවිඞ් රෝගීන් බලා ගැනීම ආරම්භ කර තිබෙන්නේ. නිවෙස්ගත ප‍්‍රතිකාර ක‍්‍රමය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කාර්යංශයේ 30 වැනිදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී තොරතුරු දක්වා තිබුණා. ඒ අනුව නිවෙස්ගත ප‍්‍රතිකාර ක‍්‍රමය යටතේ කොවිඞ්-19 රෝගීන් 42684ක් මේ වනවිට ප‍්‍රතිකාර ලබා තිබෙනවා. එම රෝගීන් අතරින් 493 දෙනෙකු රෝහල් ගත කර වැඩිදුර ප‍්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා. රෝගීන් 27563 දෙනෙක් නිවෙස් ගත ප‍්‍රතිකාරවලින් ම සුවය ලබා තිබෙනවා. 30 වැනිදා වනවිට තවදුරටත් රෝගීන් 14625 ක් නිවෙස්ගත ව ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. පරික්ෂණයකින් කොවිඞ්-19 ආසාදිත බවට අනාවරණය වීමෙන් පසු අදාළ ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මගින් 1390 දුරකතන අංකයේ ලියාපදිංචි වීමෙන් අනතුරු ව දින 14 ක් දක්වා අවශ්‍ය උපදෙස්, වෛද්‍ය සහාය, අවශ්‍ය වුවහොත් ගිලන් රථයකින් රෝහල්ගත කරවීම ආදී බොහෝ සේවාවන් මෙම නිවෙස්ගත ප‍්‍රතිකාර සේවාව මගින් ඉටු කෙරෙනවා.

ප‍්‍රශ්නය – කොවිඞ්-19 වෛද්‍ය උපදේශන සේවාව මගින් ඉටු කෙරෙන සේවාවන් මොනවාද ?

පිළිතුර – ඕනෑම දුරකතනයකින් 247 ඇමතීමෙන් මෙම සේවාව සමග සම්බන්ධ විය හැකියි. මේ හරහා වෛද්‍යවරයකු සමග දුරකතනයෙන් සම්බන්ධ වෙලා කොවිඞ්-19 රෝගය සම්බන්ධයෙන් අවශ්‍ය විද්‍යා උපදෙස් ලබාගත හැකියි. දැනට මේ මගින් විමසන ප‍්‍රශ්න අතර වැඩිපුර ම තියෙන්නේ විවිධ ඇන්ටිබයටික්ස් වර්ග සම්බන්ධව යි. සංකූලතා ඉතා අඩු කොවිඞ්-19 රෝගීන් කළයුතු වැදගත් ම දේ ශරීරය විජලනය වන්නට නොදී සෑම පැය තුනකට වරක් මිලිමීටර් 300ක (වීදුරුවක) ප‍්‍රමාණයට දියර වර්ගයක් පානය කිරීම යි. ඒ සඳහා වතුර වැඩිපුර භාවිත කළ හැකියි. අමතර ව කොත්තමල්ලි වතුර, කැඳ, සුප්, ජීවනී, දොඩම්, දෙහි වගේ පානයන් ගත හැකියි. දියවැඩියා රෝගීන් සීනි නැතුව පාන වර්ග ගත යුතුයි. හුමාලය ඇල්ලීම කළ හැකියි. සංකූලතා අනුව උණ ආවොත් පැරසිටමෝල් ගන්න පුළුවන්. හුස්ම ගැනීමේ අපහසුතා තිබේද යන්න පරික්ෂා කර ගැනීමට ව්‍යායාම් කළ හැකියි. එවැනි අවස්ථාවක හතිය එනවා නම් රෝහලකට ඇතුළුවීම අවශ්‍යයි. එක එක අයගෙන් අහලා විවිධ බෙහෙත් වර්ග, විවිධ ඖෂධ වර්ග භාවිත නොකළ යුතුයි. වෛද්‍යවරයකුගේ උපදෙස් නොමැතිව කොවිඞ් රෝගියෙක් කිසිම ඖෂධයක් නොගත යුතුයි. 247 උපදේශන සේවාව මගින් ඒ පිළිබඳ විමසීම් කළ හැකියි. ගොඩාක් අසාධ්‍ය වනතුරු නිවසේ රැුඳී සිටීමත් නොකළ යුතුයි. රෝහලකට කල් ඇතුව යායුතු වෙනවා. මෙම සේවාව මගින් ඒ පිළිබඳ උපදෙස් වගේ ම අවශ්‍ය වූ විට ගිලන් රථයක් ගෙන්වා ගැනීමටත් මේ හරහා හැකියාව තිබෙනවා. කොවිඞ්-19 රෝගීන් ඒ සම්බන්ධයෙන් ප‍්‍රචාරය වන ප‍්‍රවෘත්තිවලට හැකිතාක් සවන් නොදී සිටිය යුතුයි. එයින් ඔවුන්ගේ මානසික සුවය දුර්වල වෙනවා. එය රෝගයේ සංකූලතා වැඩි වීමට හේතු වෙනවා. රෝගය ඇති අයත්, නැති අයත් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය යි. එයින් හැමෝගෙම ආරක්ෂාව සැලසෙනවා.

සාකච්ඡා කළේ – තුෂාරී කළුබෝවිල

- divaina

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් පවසන්නේ සමාජ ඒකරාශීවීම් වළක්වන්නට ශ්‍රී ලංකාව සාධනීය පියවර ගෙන තිබුණද මෙරට ජනතාව නිවෙස්වල රැඳීසිටීමේ ප්‍රතිශතය සාපේක්ෂව අඩු අගයක් ගන්නා බවයි.

මේ ලියන මොහොත වන විට රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකය. එමෙන්ම රටට ඇතුළුවීමට සංචාරකයන්ට තිබෙන අවස්ථාවන්ද අහුරා තිබේ. කොවිඩ් 19 තත්වය නිසා ඒ මර්දනයට පසුගිය වසරේ මාර්තු මාසයේ පමණ සිට ගත් පියවරයන්ගේ ප්‍රතිපළ ලෙස රට මේ මොහොතේ ඇත්තේ ආර්ථිකමය වශයෙන් බංකොලොත් වීමේ අවස්ථාව මුවවිටය.

මංගල සමරවීර ගැන මගේ අත්දැකීමක් ගැන මතක් කරලා පටන් ගන්නවා නම්, ඔහුව මට මුලින්ම හමුවුන අවස්ථාව ඔහුගේ නියම ස්වභාවය ද පෙන්නන හොඳම අවස්ථාවක් කියලා මට හිතෙනවා.

රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය තවත් දින 10කින් දීර්ඝ කළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙනවා.

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us