යුඑන්පීකාරයන්ට එපා වුණ රනිල්, රටට අවශ්‍යවීම ගැන මරික්කාර්ගේ සහතිකය   Featured

Sunday, 04 August 2024 14:45

හරක් කටා කියන්නේ හරක්ගේ කට වැනි කටක් තිබෙන නිසාය. සමහර විට හරකා මෙන් තප්පුලන නිසාද විය හැකිය. නැතිනම් ගොන් කතා කියන නිසාද විය හැකිය. මෑතකදී හරක් කටා නමින් ප්‍රකට වූයේ කඩු ජාවාරම්කාර පාතාල නායකයෙකි. ගෝල බාල රොත්තක්ද සිටී. කොහොම වුණත් දැන් ඒකා දැන් හිරේය. ගෝල බාල රොත්ත ඒකාව නිදහස් කර ගැනීමට දඟලමින්ද සිටී. මේකාට හරක් කටා කිව්වත් මී හරකා කිව්වත් අවුලක් නැත. සමාජය පැත්තෙන් ගත් කළ මේකා කර ඇත්තේ සිහිබුද්ධියක් ඇති මිනිසෙකු කරන වැඩ නොවේ. සහගහන අපරාධයන්ය. මී හරක් වැඩය.

ඒ කොහොම නමුත් දේශපාලනයෙත් මෙහෙම හරක් කටාලා සිටිති. කට අරියොත් කියන්නේ ගොන් කතාවකි. තමන් වෙනුවෙන් නැතිනම් තමන්ගේ නායකයා වෙනුවෙන් තප්පුලන තරමට තමන්ට දේවල් ලැබිය හැකි බව මේ හරක් කටාලා කල්පනා කරයි.

පසුගියදා සජිත්ගේ ලවුඩ්ස්පීකරය ලෙස හැදින්විය හැකි එස් එම් මරික්කාර් ජනාධිපති රනිල්ට දෙස් දෙවොල් තබමින් බරපතල විවේචනයක් ඉදිරිපත් කර තිබිණි.

එජාපය බිංදුවටම ඇද දමා, එජාපය සම්පූර්ණයෙන්ම විනාශ කර, ඉතිහාසයේ පළමු වරට එජාපයෙන් නාමයෝජනාවක් ඉදිරිපත් කිරීමට ද නොහැකි මට්ටමක පත් කර ඇතැයි ද යූඑන්පීකාරයන් රනිල්ට සාප කරනවා යැයි ද මරික්කාර් කියා තිබිණි.

මේ කතාවේ ඇත්තක් තිබේ. කොහොමටත් අද ජනාධිපති රනිල් යනු එජාපයේ ජනාධිපතිවරයා නොවේ. රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නෙත් එජාපයේ නායකයා ලෙස හෝ එජාපයේ අපේක්ෂකයා ලෙස නොවේ. ඔහු පක්ෂ දේශපාලනය පැත්තකට දැමු නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකි. ජනාධිපතිවරණයට එන්නේ ජාතික අපේක්ෂකයා ලෙසය.

පසුගිය මහ මැතිවරණයේදී එජාප පාක්ෂිකයන් කොටසක් සජිත්ගේ සමගි ජන බලවේගයට ඡන්දය පාවිච්චිකර තිබිණි. අනෙක් බහුතර කොටස වෙනත් පක්ෂයකට හෝ තමන්ගේ පක්ෂයට හෝ ඡන්දය නොදී වැලැකී සිටියේය. එදා එජාපය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළේ එජාපයේ දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති පිළිගත් රනිල්ගේ ප්‍රතිපත්ති ගරුක නායකත්වය පිළිගත් නියම යූඑන්පී කාරයන් පමණි.

අද රනිල්ගේ නායකත්වය පිළිගන්නේ මේ නියම යූඑන්පීකාරයන් පමණක් නොවේ. රටේ බහුතර ජනතාව රනිල්ගේ සෘජු කොන්ද පණ ඇති ප්‍රතිපත්තිගරුක නායකත්වය පිළිගනී. එතැන පක්ෂයක් පාටක් ජාතියන් ආගමක් නැත. ඉතිහාසය පුරා රනිල්ට විරුද්ධව දේශපාලනය කළ බහුතරයක් අද රනිල් වටා පෙළ ගැසෙමින් තිබෙන්නේ ඒ් නිසාය. මෙය අලුත් තත්වයකි. රටේ දේශපාලනය වෙනස් වී ඇති බවට සලකුණකි. තවමත් පරණ පක්ෂ දේශපාලනය බදාගෙන සිටින ගෝත්‍රික වුවමණාවන් සහිත පිරිසට මේ වටහා ගත නොහැකිවද තිබේ.

රටක නායකත්වයට යමකු පත් කරගත යුත්තේ පක්ෂයක් දිනවන්න හෝ පක්ෂ නායකයකු දිනවන්න හෝ නොවන බව රටේ බහුතරය දැන් අවබෝධ කරගනිමින් තිබේ. එහෙම කළ දේශපාලනය නිසා මේ රට බංකොලොත් වෙන තැන දක්වා ඇද වැටුණ බව ජනතාව අත්දැකීමෙන් ඉගෙන ගෙන තිබේ. තමන්ට ගෑස් පෝලිම් වල තෙල් පෝලිම් වල බෙහෙත් පෝලිම් වල කෑම පෝලිම් වල ලඟින්න වුණේ ඒ නිසා බව ජනතාව දනී. පැය දහය දොලහ විදුලිය නැතිව ඉන්න සිදු වුනේ ඒ නිසා බව ජනතාව දනී.

රටක් නියමාකාරයෙන් පාලනය වන්න නම් රටෙත් ජනතාවගෙත් අභිලාශයන් වෙනුවෙන් වු ප්‍රතිපත්ති වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ හැකි. ඒ දැක්ම ඇති සෘජු අවංක නායකත්වයක් අවශ්‍යය. අපිට විතරයි, තමන්ට විතරයි රට හදන්න පුළුවන් කියන පක්ෂ හෝ පක්ෂ නායකයන් යනු තමන්ගේ පාර්ශ්වයේ ජයග්‍රහණය පමණක් කල්පනා කරන්නන්ය. මේ අය බලයට පැමිණියත් කරන්නේ තමන්ගේ කොටස ගොඩදා ගැනීම පමණය.

රනිල් මේ අයගෙන් වෙනස්ය. රනිල් තමන්ගේ දේශපාලනය ඉතිහාසය පුරාම රටත් ජනතාවත් ඉදිරියෙන් තබා කටයුතු කළ අයෙකි. සිල්ලර ජනප්‍රිය දේශපාලනය කළේ නැත. රනිල් කිසිදා රට අර්බුදයට යවා, ජනතාව පීඩාවට පත් කර දේශපාලන වාසි ගන්න ගියේ නැත. ආණ්ඩු පක්ෂයේ ද විපක්ෂයේද තමන් ඉන්නේ කියා නොබලා රට වෙනුවෙන් විය යුතු දේ කළේය. රනිල්ගේ මේ දේශපාලනය දැනහඳුනා ගත්ත පාක්ෂිකයා රනිල්ව හෝ එජාපය කිසිදා අත්හැර ගියේ නැත.

සජිත්ලා මරික්කාර්ලා එජාපය අත්හැර ගියේය. ඒ එජාප ප්‍රතිපත්තිය පිළිනොගන්නා ඔවුන්ගේ කෂඩ දේශපාලනය නිසාය. අදත් මේ අය කරන්නේ මේ කෂඩ දේශපාලනයයි. ඉතිහාසයේ රට දැවැන්තම අර්බුදයට මුහුණ දී සිටියදි මේ අය කළේ එයින් දේශපාලන වාසි ගැනීමට උත්සහ කිරීමය. අඩුම තරමින් තමන්ගේ හිටපු නායකයා රටේ අර්බුදය විසඳා දීමේ අභියෝගය බාරගත් මොහොතේවත් රට ගැන ජනතාව ගැන කල්පනා කර ඔහුට උදව් කළේ නැත. දිගින් දිගටම රනිල්ට එරෙහි විය. රජය ගන්නා පියවරයන් කඩාකප්පල් කිරීමට වෙහෙසුනේය.

රනිල් මෙහිදී පක්ෂ දේශපාලනයක් කළේ නැත. ඔහුට එසේ කළ හැකිව තිබුණත් ඔහු කළේ සෑම පාර්ශ්වයකටම රට ගොඩනැගුම සඳහා එකතුවෙන්නැයි ඉල්ලීම් කිරීමය. එම ඉල්ලීම ඔහු මේ වන තෙක්ම සිදු කරමින් ද තිබේ. පක්ෂ දේශපාලන වුවමණාවන් කර ගහගෙන රට ගොඩනැගීම කළ නොහැකි බවත් අද ජනතාව මේ පටු පක්ෂ දේශපාලනය ප්‍රතික්ෂේප කරන බවට අවබෝධය ඔහුට තිබිණි. නමුත් මේ කාරණය විපක්ෂ කොටස් අවබෝධ කර නොගත්තේය. එක්කෝ තමන්ට ලැබෙන වරදාන වරප්‍රසාද තනතුරු තානාන්තර වැනි පෞද්ගලික වාසි ගැන සිතා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. රට තිබුණේ එහෙම දේවල් කඩා වඩා ගැනීමේ අවස්ථාවක නොවේ. සියළු දෙනාටම රට වෙනුවෙන් කැපකිරීම් සිදුකළ යුතු මොහොතකය.

රනිල් සහ ආණ්ඩුව ඒ කැපකිරීම කළේය. රටේ බහුතර ජනතාවද ඒ කැපකිරීම කළේය. එයට එරෙහි වූයේ විපක්ෂත් ඔවුන් සරණ ගිය ඔවුන්ගේ පාක්ෂිකයන් කිහිප දෙනාත් පමණි.

අද මරික්කාර්ලාට සිදු ඇත්තේ රටේ ජනතාව ඉහළ කැපකිරීමක් කරමින් රනිල්ගේ වැඩපිළිවෙල සමඟ එකඟව සිටිනවා බලාගෙන ඉන්න බැරිකමය. යූඑන්පී කාරයන් රනිල්ට සාප කරනවා කියන්න සිදු වුණේ ඒ නිසාය. රනිල්ව ජනතාවගෙන් වෙන්කර නිකම්ම යූඑන්පීකාරයෙක් කර පහර ගසන්නට උත්සහ කරන්නේ ඒ නිසාය. නමුත් මේ පහර ගැසීම ද රනිල්ගේ වාසියටම හේතුවන බව මරික්කාර්ගේ කුඩා මොළයට වැටහීමක් නැත.

මේ මරක්කාර්ට අනුව රනිල් තවදුරටත් එජාප පාක්ෂිකයකු නොවේ. රනිල්ගේ නායකත්වය එජාප පාක්ෂිකයන්ද පිළි නොගනී. නමුත් රනිලගේ නායකත්වය පිළි ගනිමින් අද පක්ෂ ගනනාවක නායකයන් ඔහු වටා පෙළ ගැසෙමින් තිබේ. බහුතර ජනතාවක් පෙළ ගැසෙමින් තිබේ. රනිල් හුදු එජාප නායකයා වූවා නම් එය එසේ වන්නෙ නැත. මරික්කාර් මෙතනදී රනිල්ව එජාපයෙන් ගලවා බහුතර ජනතාවකගේ ජාතික නායකයා කර ඇත.

එසේම පරණ යූඑන්පීකාරයන් දැන් සජිත් ප්‍රේමදාස සමග සිටිනවා යැයි විශ්වාසයක්ද මරික්කාර්ට නැත. යූඑන්පීකාරයන් සමගි ජන බලවේගයට එකතුවුණා නම් ඔවුන් තව දුරටත් යුඑන්පීකාරයන් නොවේ. යූඑන්පී ප්‍රතිපත්ති අතහැර සජිත් සරණ ගිය වුන්ය. මරික්කාර්ට අනුව රනිල්ට සාප කරන්නේ මේ සජිත් පාක්ෂිකයන් නොවේ. තවමත් යුඑන්පියේ සිටින පිරිසක් ගැනය. ඒ කුඩා පිරිසක් නම් මරික්කාර්ට ඒ ගැන කළඹල වෙන්න හෝ වේදනාවට පත් වෙන්න හෝ දෙයක් නොවිය යුතුය. නමුත් ඒ පිරිස සජිත්ගේ ජයග්‍රහණයට තිබෙන විශාල අභියෝගයක් යැයි කල්පනා කරන නිසා මරික්කාර්ට මේ යූන්පීකාරයන් ගැන කතා කරන්න සිදුව තිබිණි.

 එසේම මරික්කාර් සිටින්නේ එජාපය විනාස කිරීම අරමුණු කර ගත් සජිත් ප්‍රේමදාස ළඟය. මේ නිසා එජාපයේ විනාසය ගැන හෝ එජාප පාක්ෂිකයා ගැන හෝ මරික්කාර්ට දුකක් වේදනාවක් ඇතිවීම විය නොහැකි දෙයකි.

එහෙම දෙයක් සිදුව තිබෙනවා නම් ඒ සජිත් ගැන කළකිරීමක් අනුව විය හැකිය. නැවත එජාපයට පැමිණීමට තිබෙන ආසාව නිසාද විය හැකිය. එ් ආසාව ඉ‍ටු කරගැනීමට නොහැකි නිසා ඇතිව තිබෙන වේදනාවෙන් අදෝනා දෙනවා ද විය හැකිය.

කොහොම නමුත් මේ අඳෝනාව අනුව රනිල් එජාපය විනාස කළා ද නැද්ද යන්න ගැන ඔහුගේ නොදැනීම ද පැහැදිලිය.

එජාපයක් අදටත් ඉතිරිව තිබෙන්නෙ රනිල් වික්‍රමසිංහ නිසාය. සජිත් ප්‍රේමදාසගේ පියානෝ ජනාධිපතිකම් කරන කාලයේ එජාපයෙ සිටි ප්‍රබලතම නායකයන් සියලු දෙනා පක්ෂය අත්හැර ගියේය. ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ද ගෙන ආවේය. නමුත් ප්‍රේමදාස නොසැලී එජාපය ආරක්ෂා කරගැනීමට කටයුතු කලේය. එදා ප්‍රේමදාසගේ හයියට සිටියෙ රනිල් වික්‍රමසිංහය. එදා රනිල් නොසිටින්න ප්‍රේමදාසගේ දේශපාලනය අවසන්ය. එජාපයත් අවසන්ය. එජාපය නායකත්වයක් නැතිව නන්නත්තාර වන විට එජාපය යළි ගොඩනැගීමෙ වගකීම අතට ගත්තෙ රනිල්ය. එදා සිට රනිල් එජාපයේ ප්‍රතිපත්ති ආරක්ෂා කර ගනිමින්, එජාපය රැක ගනිමින් තවමත් එජාපය මෙරට දේශපාලනයෙ දක්ෂිණ කඳවුරට නායකත්වය දෙන තැනට පත්කර තිබේ.

එසේම සජිත් ප්‍රේමදාස වැනි විසිළුකාරී දේශපාලනික ගොබ්බයකුට එජාපයේ නායකත්වය ලබාගැනිමට ඇති ඉඩකඩ අහුරමින් උපක්‍රමශීලිව කටයුතු නොකරන්න එජාපය පිස්සන් කො‍ටුවක් වී විනාශ වීම මීට බොහෝ කලකට පෙර සිදුවන්නට ඉඩක් තිබිනි.

එදා මරික්කාරලා සේවය කළ කිලී මහරාජලට අවශ්‍ය වුයෙත් එජාපය විනාශ කිරීමටය. නමුත් එ් සියලු බාධක ජය ගනිමින් අදත් එජාපය තමන්ගේ ප්‍රතිපත්ති රැක ගනිමින් දේශපාලන අභිමානය රැක ගනිමින් තිබේ. එය නියම යූඑන්පී කාරයන්ට ආඩම්බර විය හැකි තත්වයකි. එජාපයෙ දේශපාලනික වැදගත්කම රනිල් විසින් රැකගැනීමම අද රනිල් වටා ඇති ශක්තිය ද වී ඇත.

රනිල් නොමැතිව සජිත් වැන්නකු එජාපයෙ නායකයාව සිටියා නම් පසුගිය අර්බුද සමයේදී රටේ වගකීම බාරගැනීම කරන්නේ නැත. එය එජාපයට කරන විශාලතම අපහාසයත් ද්‍රෝහී කමත් වෙනු ඇත. ජනාධිපති රනිල් කියන්නා සේ යූඑන්පි කාරයන් යනු බයේ පැන දුවන්නන් නොවේ. අභියෝග බාරගැනීමට බිය වන්නන් නොවේ. එජාප ඉතිහාසය පුරාම රට මුහුණ දුන් අභියෝග හමුවේ එ්වාට සාර්ථකව මුහුණ දී ඇත. රට වැ‍ටුනු හැම මොහොතකම එජාපයට යලි රට ගොඩනැගීමේ ශක්තිය තිබිනි. එ් එජාපය උරුමය කරගත් පක්ෂ ආදර්ශයය. එය රනිල් රැක්කේය.

ඒ අනුව රනිල්, යූඑන්පීකාරයකු ලෙස පක්ෂයට කළ ලොකුම සේවය සජිත් වැනි දේශපාලනික නෝන්ජලයකු මුග්ධයකු විසුළු කාරයකු ප්‍රතිපත්තියක් දැක්මක් නැති, අවස්ථාවාදී ගොබ්බයකුටට එජාපයෙ නායකත්වය ලැබීම වැලැක්වීමය.

මරික්කාර්ලා මේවා නොදන්නවා නොවේ. සජිත් කියන්‌නේ කවුද යන්න කාටත් වඩා හොඳින් මරික්කාර්ලා දනී. ඒ කලක් තමන්ගේ හා සජිත්ගේ ස්වාමියා වූ කිලී මහරාජා, සජිත්ව රූකඩයක් මෙන් නටවපු නැටවිල්ල මරික්කාර්ලා හොඳටම දන්නා නිසාය. අදත් සජිත් නටන්නෙ කාගේ වුවමණාවටදැයි මරික්කාර්ලා නොදන්නවා විය නොහැක.

කොහොම නමුත් කිසිදු නායකත්ව පෞර්ෂයක් නැති, දේශපාලන ප්‍රතිපත්තියක් දැක්මක් නැති සජිත් යටතේ දේශපාලනය කිරීමට සිදුවීම මරික්කාර්ලාගේ අවාසනාවකි. තමන්ගේ දේශපාලන අනාගතයද විගඩමක් කරගැනීමකි. අද මරික්කාර්ට පමණක් නොව සජබය තුළ සිටින බොහෝ දෙනෙකුට ඉතිහාසයේ දේශපාලන ජෝකර්ලා වීමට සිදුවනු ඇති බව පැහැදිලි කතාවකි.

දේශපාලනය කියන්නෙ ගැලරි චූන් කරමින් ජනතාව ගොනාට අන්දමින් ඡන්දය කොල්ල කෑම නොවේ. විය යුත්තෙ මේ රට මේ තිබෙන තැනින් අඩියක් හෝ ඉදිරියට ගෙන යාමට දායක වීමය. රටේ ජනතාවට යහපතක් කිරීමට හැකි වීමය.

නමුත් සජිත්ලාගේ ගොබ්බ දේශපාලනය අවසන් වන්නේ රට මේ තිබෙන තැනිනුත් ආගාධයකට ඇද දමින්ය. ඒ ගැන වාදයක් විවාදයක් නැත. එමෙන්ම මරික්කාර්ලා මෙන් නොව සජබය තුළ දක්ෂයන් කිහිප දෙනෙකු ඇති බව සැබෑය. රනිල්ගෙන්ම ගුරු හරුකම් ලබා ගෙන දේශපාලනය ඉගෙන ගත් පිරිසක් සිටිති. නමුත් එ් කිසිවකුට හෝ සජිත් හමුවේ අනාගතයක් නැත. සජිත් ඔවුන්ට ගොඩනැගෙන්න ඉඩ දෙන්නෙත් නැත. අද මරික්කාර් සජිත් වෙනුවෙන් රෙදි කඩාගෙන කඩේ ගියත් ගියත් මරික්කාරට පෞද්ගලික ලාබ ප්‍රයෝජන හැර දේශපාලනිකව ලැබෙන දෙයකුත් නැත. කිසි දිනෙක දේශපාලනික වැදගත් කමක් සහිත පරිණත නායකයකු වීමෙ ඉඩක් ලැබෙන්නේ නැත. අද හර්ෂලාට සිදුව ඇති ඇබැද්දිය ද එයමය. මොන ආර්ථික විශේෂඥයා වුවත් හර්ෂට සිදුව ඇත්තේ සජිත්ගෙ මුග්ධ දේශපාලන ආර්ථික කටවාචාලකම් ආරක්ෂා කරන වහලකුගේ තැනට ඇද වැටීමටය. සජිත් නාලක ගොඩහේවා වැන්නකු සිය ආර්ථික උපදේශකයා කර ගත්තෙ හර්ෂලා මැඩ පවත්වන්නය. හර්ෂලා සජිත් මත්තෙම දීනව දීයාරු වී යනු ඇත.

මරික්කාර් මේ වන විටත් ප්‍රභලම කැබිනට් ඇමැතිධුරයක් සහ එයට ඈඳුන ආර්ථික මර්මස්ථාන කිහිපයක වගකීම තමන්ට ලැබෙතැයි බලාපොරොත්තුව සිටී. සජිත් මේ අයව පක්ෂය තුළ රඳවාගෙන සිටින්නෙ මෙවැනි මහා පොරොන්දු තොගයක් ලබා දීමෙනි. කෙසේ වුවත් මේ කිසිවක් සජිත්ගෙ ක්‍රමයට අනුව මරිකාර්ලාට බලාපොරොත්තු වන දේවල් ලැබීමට නියමිත නැත. දැනටත් ඒ්වා වෙනස් වෙමින් තිබේ. පොහොට්‍ටුවෙන් පැමිණි පිරිසට පොරොන්දු වී ඇති අගමැති , ඇමැති තනතුරු ආදිය සජිත්ගේ දරදිය ඇද්ද ඇත්තන්ට ලැබෙන්නේ නැත.

එ් නිසා හරකා තප්පුලෑවා කියා හරකාට ලැබෙන දෙයක් නැතිවා සේම මරිකාර්ලාටත් සජිත් වෙනුවෙන් තප්පුලෑවාට අමුතුවෙන් ලැබෙන්න නියමිත දේවල් නැත. ඉතිහාසයේ ජෝකර්ලා වී දේශපාලනය අවසන් කර ගැනිම පමණක් මරික්කාර්ලාට සිදු වීම වෙනු ඇත.

- SJ

Last modified on Sunday, 04 August 2024 14:47

Leave a comment

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us