ජනාධිපති කවුරු වුණත් අගමැති වෙන්නේ කවුද?   Featured

Friday, 02 August 2024 13:09

ජනාධිපතිවරණයේ දී තොරා පත් කරගන්නෙ ජනාධිපතිවරයා පමණක් වූවද.එම ජනාධිපතිවරයා යටතේ අගමැති තනතුරට පත් වන්නේ කවුද කියන එක ගැනත් සාකච්ඡාවන් ඇතිව තිබේ. පරණ සුපුරුදු දේශපාලනය අනුව මේවා ගැන කලින් තීන්දු තිරණ ගැනීම වැදගත්ය.

ඇතැම් දේශපාලන නායකයන් සහ පක්ෂ, ජනාධිපතිවරණ අපේක්ෂකයකුට සහය දැක්වීමට තීරණය කර ඇත්තේ මේ අගමැතිකම පොරොන්දු කරගෙනය. ආසන්නම සිදු වීම වූ පොහොට්‍ටු පක්ෂය, ජනාධිපති රනිල්ට සහය දීමේ දී ප්‍රධාන කොන්දේසියක් බව කියවුනේ නාමල් රාජපක්ෂට අගමැතිධුරය ලබා දීමේ පොරොන්දුව ලැබිය යුතු වීමය.

නමුත් ජනාධිපති රනිල් එය එක හෙලාම ප්‍රතික්ෂේප කර තිබිණි. මෙහිදී පොහොට්‍ටුවේ සහයෝගයට වඩා රටේ ඉරණම ගැනත්, ඔහුගේ දේශපාලන පෞර්ෂය ගැනත් ඔහු කල්පනා කළාට සැක නැත. දෙකයි පනහේ දේශපාලන සිපයියෙකුට අගමැතිකම දෙන්න තරම් පහත් තැනකට ජනාධිපතිවරයා ඇද වැටෙන්නෙකු නොවේ.

මේ වන විට ඔහු සමඟ වැඩ කරන කැබිනට් මණ්ඩලය දෙස බැලුවත් ඔහු තෝරාගෙන තිබෙන කණ්ඩායම නාමල්ට වඩා ගව් ගානක් ඉදිරියෙන් සිටින අති දක්ෂයන් පිරිසකි. එහෙව් ශක්තිමත් කණ්ඩායමක් තමන් සමඟ සිටියදී නාමල් අගමැතිකමට තබා රාජ්‍ය ඇමැතිකමකටවත් සුදුසුකම් ඇත්තෙක් වෙන්නේ නැති බව පැහැදිලිය.

කොහොම නමුත් රනිල් නැවත ජනාධිපති ලෙස පත්වීමෙන් පසුව අගමැති වන්නේ කවුද කියන එක ගැන විවිධ පාර්ශ්ව ප්‍රචාරයන් ගෙන යමින් තිබේ. අගමැතිකම ඇත්තටම බලාපොරොත්තුවෙන් හෝ තමන්ගේ දේශපාලනික ලොකුකම පෙන්වීමට හෝ යම් යම් හේතු උඩ මෙම ප්‍රචාරයන් සිදු වේ.

නමුත් ඇත්ත කතාව, ජනාධිපති රනිල් ඉදිරියේදී පිහි‍ටුවන ආණ්ඩුවක අගමැති කමට කිසිවකුත් නම් කර නැත. අගමැති අපේක්ෂකයෙක් නැත. දැනට පොහොට්‍ටු පක්ෂය නියෝජනය කරන රනිල්ගේ සමකාලීන ජේෂ්ඨතම දේශපාලනඥයකු වන දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා ලෙස කටයුතු කරයි. එ් අනුව හෝ නව ආණ්ඩුව තුළ පොහොට්ටු ‍ පක්ෂයේ නියෝජිතයාට අගමැත කම ලැබෙනවා යැයි තීරණයක් නැත. එසේම තමන්ගේ එජාපයට අගමැතිකම දෙන තීරණයක් නැත.

ජනාධිපතිවරයා පැහැදිලිව කියා ඇත්තේ එළැඹෙන මහමැතිවරණයේ දී බහුතර බලයක් ගන්නා දේශපාලන පක්ෂයකට හෝ සෙසු පක්ෂ එකඟතාවයකින් හෝ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා අගමැතිවරයකු නම් කළ හැකි බවය. මෙය ඉතා පැහැදිලි ස්ථාවරයකි. එමෙන්ම මෙවර ජනාධිපති රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසය. කිසිදු දේශපාලන පක්ෂයක් ඔහු නියෝජනය නොකරයි. ඔහු නිර්පාක්ෂික ජාතික අපේක්ෂකයකු වනු ඇත. ඒ අනුව ඔ්නෑම පක්ෂයකට ඔහුට සහය වීමේ ඉඩ විවෘත්ත කර තිබේ.

එසේම එළැඹෙන මහ මැතිවරණයක දී ජනාධිපති රනිල් කිසිදු දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරනු ඇත. පක්ෂපාත ස්ථාවරයක් නොගෙන කටයුතු කරනු ඇත. ඒ අනුව ඔ්නෑම දේශපාලන පක්ෂයකට තමන්ගේ හැකියාවන් පෙන්වා බහුතරය දිනා ගැනීමේ තරගකාරී අවස්ථාව විවෘත්තය. ඒ අනුව පොහොට්‍ටුවේ අයකු අගමැති තනතුර බලාපොරොත්තු වෙන්නේ නම් එම කණ්ඩායම සමඟ බහුතරය දිනා ගැනීම කළ යුතුය. එජාපයට අගමැති තනතුර අවශ්‍ය නම් එජාපය බහුතර බලයක් දිනා ගත යුතුය.

ජනාධිපතිවරයාගේ ස්ථාවරය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීය. නිදහස්ය. පැහැදිලිය. නමුත් මෙම නවීකාරක දේශපාලනික චර්යාව පරණ විදිහට හිතන පතන ඇතැමුන්ට දරා ගත නොහැක.

සජබ සහ ජාජබ අගමැති කවුද?

 

ජනාධිපතිවරයාගේ පාර්ශ්වය එලෙස දේවල් බේරා ගත්තද සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ තත්වයන් තිබෙන්නේ කවර මොහොතක හෝ පුපුර යා හැයි බරපතල තත්වයකය.

සමගි ජන බලවේගය තමන්ගෙ ජනාධිපති ලෙස සජිත් ප්‍රේමදාස පත් වීමෙන් පසුව අගමැති කම බලාපොරොත්තුවෙන් සෑහෙන පිරිසක් සිටිති. ඒ අතර සජබයේ ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුමබණ්ඩාර, ප්‍රමුඛය. නමුත් එ් අයගේ සිහින බොඳ කරමින් මේ වන විට පොහොට්‍ටුවෙන් පැමිණි ජී. එල්. පීරිස් ඉදිරියට පැමිණ තිබේ. එ් අතර එම කණ්ඩායමේම ඩලස් අලහප්පෙරුමත් අගමැති තනතුරට ඉව අල්ලාගෙන සිටී.

සජබයේ සෙසු ඇමැතිකම් සම්බන්ධයෙනුත් ළඟදීම විශාල බලු පොරයක් ඇතිවීම දැක බල ගත හැකි වෙනු ඇත. මේ අතර පසුගිය දින වල වාර්ථා වූ ලෙස නාමල් රාජපක්ෂ පාර්ශ්වය සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් වක්‍රාකාරව සහය දෙන්නේ එම දෙපාර්ශ්වය සන්ධාන ආණ්ඩුවක් පිහිටුවා අනාගත අගමැතිකම නාමල්ට පොරොන්දු වී ඇති නිසාය.

එසේම මේ වන විටත් වැදගත්ම ඇමැති තනතුරු පහ හයට පොහොට්‍ටුවෙන් පැමිණි පිරිස යෝජනා වී ඇත. එසේම මුදල ඇමැති කමට හර්ෂ,කබීර් අතර තරගයක් තිබුණු අතර දැන් නාලක ගොඩහේවා ඉදිරියෙන් සිටී. මේ ආදී වශයෙන් සජබයේ අර්බුදය උග්‍ර වෙමින් පවතින අතර ජාතික ජන බලවේය තුළ ද අගමැති තනතුර පිපිරීමට ආසන්න ගිනි කන්දක ස්වරූපයක් ගෙන තිබේ.

ජවිපෙ සහ මාලිමා වියතුන් අතර බල තුලනයක් වෙනුවෙන් අගමැති ධුරය මාලිමාවේ හරිණි අමරසූරිය යෝජනා වී තිබිණි. නමුත් එයට ජවිපෙන් විරෝධයක් එල්ල වී ඇත. විශේෂයෙන්ම ජවිපෙ අභ්‍යන්තර බල අරගලය තුළ ජවිපෙද කණ්ඩායම් දෙකක් බවට පත්ව සිටී. එ් ඉන්දු-අමරිකානු පිළ සහ චීන පිළ ලෙසය. අනුර කුමාර ඉන්දු-අමරිකානු පිල නියෝජනය කරමින් මාලිමා වියත්තු සමඟ සමීපව සිටී. නමුත් චීන පිල සිටින්නෙ තමන්ගෙ ආණ්ඩුවක් යටතේ ජවිපෙ ශක්තිමත් විය යුතු බවට දැඩි මතයකය. එ් අනුව අගමැති තනතුර සහ වැදගත්ම ඇමැති තනතුරු ජවිපෙට ලැබිය යුතු බව කියා සිටී.

එමෙන්ම පසුගිය කාලයේ ජවිපෙ නායකත්ව අර්බුදයක්ද ඇතිව තිබු අතර පක්ෂයේ නායකත්වය චීන පිළෙහි බිමල් රත්නායකට ලැබිය යුතු බවට තිබුණු ගැටුමද මෙම තත්වයට හේතු වී ඇත. කෙසේ නමුත් එම නායකත්ව ගැටුම ජනාධිපතිවරණයෙන් පසුව නිරාකරණය කරගැනීමට දෙපාර්ශ්වය එකඟතාවයකට පත්ව ඇත.

අගමැති තකතුර ජවිපෙ ජේෂ්ඨයකුට හිමි වීම විය යුතු බවට මේ වන විට ඇතිව තිබෙන ගැටලුව අනුව ජවිපෙ චීන කණ්ඩායමේ යෝජනාව පක්ෂ ලේකම් ටිල්වින් සිල්වාට එය ලබා දිය යුතු බවය. මේ වන විට ජවිපෙ සමස්ත පාලනය ටිල්වින් සිල්වා අතට ගෙන තිබේ. නායක අනුර කුමාරට පවා ටිල්වින්ගේ නියෝගයට අවනතව කටයුතු කිරීමට සිදුව තිබේ. මාලිමා පාර්ශ්වයෙන් ඉදිරිපත් වන දේශපාලන ආර්ථීක ප්‍රතිපත්ති යෝජනා පවා ටිල්වින් ප්‍රමුඛ චීන පිලෙහි විරෝධයන්ට සහ සංශෝධනයන්ට යටත්ව තිබේ. එවැනි අවස්ථා ගනනාවක්ම පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්ව තිබිණි. මාලිමාවෙන් 13 වන සංශෝධනය මුළුමනින්ම බලාත්මක කළ යුතු බව පවසන විටම ටිල්වින් සිල්වා හැරෙන තැපෑලෙන්ම එය ප්‍රතික්ෂේප කර තිබිණි. ගණිකා වෘත්තිය නීති ගත කළ යුතු බව කියන විටම ටිල්වින් සිල්වා එයට විරුද්ධ බව කියා තිබිණි. චීන පිළෙහි ලාල්කාන්ත වැන්නකු අතින් පවා ආන්දෝලනාත්මක දෑ කියවෙන්නේ මේ පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම නිසාය. කෙසේ නමුත් මාලිමා වියතුන් කණ්ඩායම සිටින්නේ ද අගමැති තනතුර හා ප්‍රබල ඇමැති ධුර තමන්ට ලැබිය යුතු බවට දැඩි ස්ථාවරයකය.

මේ ආදි වශයෙන් ජවිපෙ සහ මාලිමාව අතරත් ජවිපෙ ඉන්දු-අමරිකානු සහ චීන පිල අතරත් ගැ‍ටුම මේ වන විට උග්‍ර වී ඇත. මේ අනුව ජනාධිපතිවරණය සමග මේවා පුපුරා යෑමට සිදු විය හැකිය.

සජබයටත් ජාජබයටත් තම කණ්ඩායම කඩා ඉහිරවා ගැනීමකින් තොරව මෙම ගැටුම් පහසුවෙන් සමථයකට පත් කරගැනීම සිදු කළ නොහැක. ඒ අතින් බලන විට ජනාධිපති රනිල් ඉන්නේ ඉතා පහසු අවස්ථාවකය. ඇති විය හැකි අර්බුද නිවැරදිව කළමනාකරණය කරගැනීමේ හැකියාව ඔහු සතුය.

කෙසේ නමුත් මේ තත්වයන් හමුවේ සජබය හෝ ජාජබය බලයට පත්වීම යනු, රට හැදීම හෝ ජනතාවට පොරොන්දු වූ කප්පරක් සහනාධාර හෝ ලබා දීම, කෙසේ වෙතත් ඔවුන්ට ඔවුන්ගේ ආණ්ඩුවක් වත් ස්ථාවරව පවත්වාගෙන යෑමට නොහැකි තැනකය. ඒ අනුවත් මේ අයගේ බලය පිහි‍ටුවීමක් යටතේ රට නැවත් බංකොලොත් වීම හැර වෙන කිසිවක් වීමට නියමිත නැත.

- SJ

Leave a comment

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us