පොහොට්‍ටුව සී සී කඩ යෑම වලක්වාගැනීම විය නොහැකියි ? Featured

Tuesday, 23 July 2024 12:35

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති පිළිගන්නා අයකූ හැර වෙන අයකුට තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය නොහැකි බව නාමල් රාජපක්ෂ පසුගියදා අදහසක් ප්‍රකාශයට පත් කර තිබිණි.

එහෙත් මේ ප්‍රතිපත්තිය කුමක්ද යන්න පැහැදිලි නැත. එසේම පොහොට්ටුව 2019 ජනාධිපතිවරණයට සිය අපේක්ෂකයා ලෙස ගොඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන විට පොහොට්‍ටුවේ තිබු ප්‍රතිපත්ති අනුව ඒකරාශී වූ පිරිස මේ වන විට කණ්ඩායම් කිහිපයක් ලෙස විසිර යෑමෙන් පොහොට්‍ටුවේ තිබු හෝ තිබෙන ප්‍රතිපත්තිය කුමක්ද යන්න ගැටලුවක් මතු කර ඇත.

පොහොට්‍ටුව සතුව නිශ්චිත ප්‍රතිපත්තියක් තිබුණා නම් එම ප්‍රතිපත්තිය පිළිගෙන එම පක්ෂයේ අරමුණු ජයග්‍රහණයට එකතු වී සිටි පිරිස් පොහොට්‍ටුව සමඟ මේ වන තුරුත් සිටිය යුතුය. නමුත් එසේ වූයේ නැත. මුලින් පොහොට්ටුව සමග එක්ව සිටි මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රීනිපය වෙන් විය. පොහොට්‍ටුවේ හිටපු සභාපති සිටි ජීඑල් පීරිස් සමඟ ඩලස්ලා ඇතුලු පිරිසක් එයින් වෙන් විය. විමල් වීරවංශලා, උදය ගම්ම්න්පිලා වෙනම කණ්ඩයමක් ලෙස වෙන් විය. නිමල් ලන්සලා,අනුර ප්‍රියදර්ශනලා තවත් කණ්ඩායමක් ලෙස වෙන් විය. පොහොට්ටුවේ නියෝජනය කළ මන්ත්‍රීවරයකු වූ විජයදාස රාජපක්ෂත් මෙවර ජනාධිපතිවරණටය ඉදිරිපත් වන බවත් පවසා තිබිණි. ජීවන් තොන්ඩමාන්ගේ ලංකා වතුකම්කරු පක්ෂයත් ඉවත් විය. මේ ආදි වශයෙන් වෙන් වුණ පිරිස අතරට මේ වන විට තවත් පිරිසක් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බව කියමින් එයින් වෙන්වන තැනක සිටී.

මේ සටහන් කරන මොහොත වෙන විටත් පොහොට්‍ටුවේ ප්‍රසන්න රණතුංග ඇතුලු පාර්ශ්වය සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහව නම් කර අවසන්ය. රාජපක්ෂ පවුල් පාර්ශ්වය පොහොට්ටු පක්ෂය වෙනුවෙන් වෙනම ජනාධිපති අපේක්ෂකයකු නම් කරන බවට ප්‍රකාශයට පත්කර ඇති අතර පොහොට්‍ටුවේ නිල අයිතිකාර පාර්ශ්වය වන්නේ එම පවුලයි.
පොහොට්‍ටුවේ ප්‍රතිපත්තිය පිළිගන්නා අපේක්ෂකයකු ගැන ඔවුන් කියන්නෙ එම පවුලේ ප්‍රතිපත්තිය පිළිගන්නා අපේක්ෂකයකු ගැන විය යුතුය. මෙය මහින්ද චින්තන ප්‍රතිපත්තිය බව ඇතැම් විටක ප්‍රකාශ වී තිබිණි. එයින් පැහැදිලි වන්නේ රාජපක්ෂ පවුලේ මෙම මහින්ද චින්තනය අවුරුදු 20 ක් පමණ පැරණි මෙන්ම අදට නොගැලපෙන චින්තනයක් තවදුරටත් මෙම කණ්ඩායම කර තබාගෙන සිටින බවය.

මේ අනුව අදටත් ආණ්ඩු පාර්ශ්වයේ බහුතර නියෝජනය වන පොහොට්‍ටුව ලෙස ඉතිරිව සිටින පාර්ශ්වය තුළත් නිශ්චිත දේශපාලන මතවාදයක් ප්‍රතිපත්තියක් නැති බව පැහැදිලිය.

කොහොම නමුත් මේ සියලු කණ්ඩායම් පොහොට්‍ටුව සමග 2019 දී එකතුව සිටියේ ප්‍රතිපත්තියක් මත නොවන බවත් තේරුම් ගත හැකිය. එදා තාවකාලික අරමුණු වෙනුවෙන් මේ සියළු පිරිස් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස දිනවා ආණ්ඩු බලයක් භුක්ති විඳීමේ වුවමණාව මත එක්ව සිටියා හැර වෙනයම් ප්‍රතිපත්තිමය දේශපාලනයක නොයෙදුනේය. එම ආණ්ඩුව මාස කිහිපයක් ඇතුළත බිඳ වැ‍ටීම ආරම්භ කළේ රාජ්‍ය පාලනයේදී ද නිශ්චිත ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අසමත් වීම තුළය.

පොහොට්ටුවේ බහුතර පාර්ශ්ව අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ජනාධිපති අපේක්ෂකයා විය යුතු බව කියන්නේ ජනාධිපතිවරයා නිශ්චිත ප්‍රතිපත්තියක් වැඩ පිළිවෙලක් අනුව රාජ්‍ය පාලනය සාර්ථක කරගැනීමට සමත් වීම තුළය. කොටින්ම අද මෙ රට මුහුණ දෙන අර්බුද හමුවේ වෙනත් විකල්පයක් නැති බවත් පැහැදිලි තත්වයන් හමුවේ සිහි බුද්ධියෙන් වගවීමක් සහිතව දේශපාලනයක යෙදෙනවා නම් ජනපති රනිල් සමඟ කටයුතු කිරීම අනිවාර්යයක් වී තිබේ.

මේ නිසා පොහොට්‍ටුවට තව දුරටත් දේශපාලන ගමනක් වේ නම් ප්‍රතිපත්තිමය වශයෙන් නිශ්චිත එකඟත්වයකට පැමිණිය යුතුය.

කොහොම නමුත් එළැඹෙන ජනාධිපතිවරණය නිසා මෙම ගැටලුව උග්‍ර කර තිබෙන අතර මෙම ප්‍රතිපත්ති ගැටළුව විසඳා නොගන්නේ නම් පොහොට්‍ටුව ලෙස දැනට ඉතිරිව සිටින පිරිස් සීසී කඩ යෑම අනිවාර්යය. අවසන් වශයෙන් රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ සහචරයන් දේශපාලනිකව හුදකළා වීමක් විය හැකිය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ පොදු ජන පෙරමුණ සහාය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙන බවත් වාර්තා වී ඇත. එහිදී ගන්නා තීරණය මෙරට දේශපාලනයේ දිශානතිය තීරණය කිරීම විය හැකිය.

Leave a comment

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us