දේශබන්දුව පොලිසියෙන් එළෙව්වද? රනිල්ගේ දේශපාලනික පරාජයක්ද ? Featured

Wednesday, 24 July 2024 12:57

පොලිස්පතිවරයා ලෙස පත්වීම ලැබු දේශබන්දු තෙන්න්කෝන්ට එම පත්වීම ලබා දීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබුණු පෙත්සම් 9 ක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමඟ එම තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් ඔහු එම ධුරයේ කටයුතු කිරීම වැලැක්වීමට අතුරු තහනම් නියෝගයක් පනවා තිබේ.

නමුත් මේ තීන්දුව සමඟ සමාජ මාධ්‍ය තුල සැරිසරන්නේ ඔහුගේ වැඩ තහනමට ලක්වූ බවත් පොලිසියෙන් නෙරපු බවත් හැඟවෙන සටහන්ය. එමෙන්ම එය ජනාධිපතිවරයාට එරෙහිව දේශපාලනික ප්‍රචාරයක් ලෙස යොදාගැනීම ද සිදුව තිබේ.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීන්දුවෙන් පැහැදිලි වන කාරණය නම් රටේ විධායකයට හෝ දේශපාලනමය ඇඟිලි ගැසීම් වලින් තොරව අධිකරණයට කටයුතු කිරීමේ නිදහස, ස්වාධීනත්වය අද පවතින බවය. එය රටේ ජයග්‍රහණයකි. ඒ තැනට රට පත් ක‌ළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහය. ඒ අනුව එය ඔහුගේත් ජයග්‍රහණයක් වෙයි. විධායක බලතල සහිත තනතුරක තීන්දු තීරණ පවා අධිකරණය මඟින් වැළැක්වීමට හැකි තැනට රට පත් කළේ ජනාධිපති රනිල්ය.

මේ රටේ පෙර අත්දැකීම වූයේ අධිකරණයේ තීන්දු වලට දේශපාලන අධිකාරියේ ඇඟිලි ගැසීම් සිදු වූ බවය. විධායකට හෝ දේශපාලන අධිකාරියට අවශ්‍ය ලෙස අධිකරණය තීන්දු දෙන බවය.

නමුත් මෑත කාලීනව බොහෝ විවාදාත්මක වූ කරුණු කාරනා සම්බන්ධයෙන් අධිකරණය ස්වාධීනව කටයුතු කළ බව පෙනෙන්නට තිබිණි. විශේෂයෙන්ම විපක්ෂය බරපතල ලෙස සාකච්ඡාවට ගත් දේශපාලනමය කරුනු අතර මැතිවරණ කල් දැමීම ගැන සිදුවීම් පෙලෙහි දී ජනාධිපතිවරයා මැතිවරණ කල් තැබීම වෙනුවෙන් අධිකරණය මෙවලමක් ලෙස යොදා ගැනීමට උත්සහ ගන්නා බව ප්‍රකාශ විය. ජනාධිපතිධුරය වසර 5 ක්ද 6 ක් යන්න තීරණය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් 2ක් නිසා මේ මතය තවත් තිව්ර විය. ජනාධිපතිවරයාට අධිකරණය මෙහෙයවීමේ හැකියාවක් තිබුණා නම් ඔහුට ජනාධිපතිවරණය කල් දැමීමේ වුවමණාවක් තිබුණා නම් ඒ වෙනුවෙන් ඔහුට අවශ්‍ය තීන්දුවක් අධිකරණයෙන් ගත හැකිව තිබිය යුතුය. නමුත් මෙම පෙත්සම් දෙකම අධිකරණය විභාගයටවත් නොගෙන ඉවත දැමීය.

යම් අවස්ථාවක ජනපතිවරයා අධිකරණය විවේචනයට ලක් කළේ ව්‍යවස්ථාදායකය අභිබවා යෑමට අධිකරණයට හැකියාවක් නැති බව පෙන්වා දෙමිනි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, රටේ නීතිය අනුව මිසක් ජනාධිපතිවරයාගේ පුද්ගලික කැමැත්ත අකමැත්ත මත පිහිටා නොවේ.

මේ අනුව ජනාධිපතිවරයා කිසි විටෙක අධිකරණයේ තීන්දු තීරණ වලට නීතියෙන් බැහැරව ඇඟිලි ගැසීමක් සිදු කර නැති බව පැහැදිලිය.

කොහොම නමුත් මේ වන විට දේශපාලනික වශයෙන් විපක්ෂයට වුවමණා වී ඇත්තේ ජනාධිපතිවරයාට එරෙහිව අභූත චෝදනා නඟා ඔහුට ගොඩ නැගෙන ජනප්‍රියත්වය කෙලසා දැමීමය. දේශබන්දු තෙන්නකොන් මහතාට එරෙහිව වන පෙත්සම් වල දී අධිකරණය පැනවූ තාවකාලික නියෝගය පවා ජනාධිපතිවරයාගේ දේශපාලනික පරාජයක් ලෙස අර්ථ දැක්වීම සිදු වන්නේ විපක්ෂයේ අසරණ කම නිසා බවත් පැහැදිලිය.

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ වැනි සංවිධාන තමන්ට බලය ලැබෙන බවට ස්වයං මෝහනයකට පත්ව සිටින තත්වයන් හමුවේ තමන්ට එරෙහිව එල්ල වන චෝදනා හමුවේ විරුද්ධ දේශපාලන බලවේග මර්දනය කිරීම ගැන, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වැලැක්වීම ගැන, මාධ්‍යවේදීන් මර්දනය කිරීම ගැන, නීතිය තමන් අතට ගන්නා බව, තමන්ගේ සාමාජිකයන් ලවා ගමේ නඩු අහන බව වැනි ප්‍රකාශ ගනනාවක් සිදු කර තිබේ. මේ අනුව මෙවැනි සංවිධානයක් අතට බලය හුවමාරු වීමක් සිදු වුවහොත් අධිකරණට ජවිපෙ රූකඩ මඩුවක් බවටත් නීතිය බල්ලට යෑමත් සිදුවිය හැකිය. එය කිසිසේත්ම නොවිය හැකි බව කිසිවිටෙකත් කල්පනා කළ නොහැකි අතීතයක් ජවිපෙට හිමිය. ජවිපෙ නඩු ඇසූ අතීතයක් තිබිණි. මෑතකදී ජවිපෙ නායකයකු කියා සිටියේ තමන් විසින් ඝාතනයට ලක් කළ සියළු දෙනා ස්ත්‍රී දූෂකයන් මංකොල්ලකරුවන් වැනි පිරිස් බවය. නමුත් ජවිපෙ මරා දැමුමේ අපරාධකරුවන් නොවේ. තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ය. අපරාධකරුවන් වුවත් ජවිපෙට එලෙස මරා දැමීමේ අයිතියක් ලැබුණේ කෙසේද? ඔවුන් රටේ නීතියත් අධිකරණයත් බැහැර කර තමන්ගේම වූ නීතියක් ක්‍රියාත්මක කිරීමෙනි. ජවිපෙ බලයට පැමිණියත් එයින් වෙනස් වන්නේ යැයි සහතිකයක් නැත. මන්ද ඔවුන් මේ සිදු කළ ඝාතනයන් තවමත් නිවැරදි බවට උත්කර්ෂයට නංවන බැවිනි.

මේ අනුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි ජනතාව, කල්පනා කළ යුත්තේ ස්වාධීන අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම මඟින් යුක්තිය සාධාරණත්වය පසඳලීමේ නිදහස සහතික කරන පාලනයක් තවදුරටත් පැවැතිය යුතු බවය. ඒ වෙනුවෙන් කටයුතු කරන ඒ වෙනුවෙන් කැපකිරීම් කරන පාලකයන් රටට අවශ්‍ය බවය. පොලිස්පතිවරයා සම්බන්ධ අධිකරණ කටයුත්ත විසින් මේ රටේ ජනතාවට ලබා දෙන පණිවිඩය එයය.

Leave a comment

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us