සනත් නිශාන්ත මෙන්ම මියගොස් සිටි පොහොට්‍ටු දේශපාලනයට... නැවත ජීවයක් දෙමින් සිටී...
අසීමිතව පොහොට්‍ටුවට ආදරේ සනත් නිශාන්ත හරහා..., මිනිහෙක් මළාට පස්සෙ හතුරෙක් ගැනවත් අනේ යසයි කියන්නෙ නැහැ.. කියමින්, ආවේගශීලිව.. සනත් නිශාන්තට ශෝකය පළකරමින් විශාල ප්‍රජාවක් පැමිණ ඇත....
ඒ පොහොට්‍ටු දැඩි විරෝධය නිසා නිහඬව සිටියද.. ඇත්තටම පොහොට්‍ටුවට ආදරේ... මැතිවරණයක් එනකම් සිටි පිරිස විය හැක...... එය කලින් ෆේස්බුක් විකෘතියක් වූ රැඩිකලුන්ට දැක ගැනීමට මේ මොහොතක් ය..
ගමක ශ්‍රීලංකා කාරයා යනු කුමක්ද යන්න තේරුම් ගැනීමට ඡන්දයක් එන මොහොත තෙක් නොසිට සනත් නිශාන්තගේ මරණය.. හේතුවක් වී ඇත.
සනත් නිශාන්ත ගැන කියන්න කිසිවක්ම නැති නිසා...හොඳ පවුල් ජීවිතයක් ගෙවා ඇත යනුවෙන්.. පවසා.. බිරිඳගේ සහ දරුවන්ට ශෝකය පලකිරීම ආරම්භ වී තිබෙන්නේ.. එය සමාජ මාධ්‍යය පිස්සන්ට නොතේරුණාට.. එය ලංකාව වැනි රටක අවිහිංසාවාදී සංස්කෘතිය වන නිසාය..
සති කිහිපයකට පෙර සනත් නිශාන්තගේ බිරිඳ, සනත් නිශාන්තට ඇඳුම් අන්දන වීඩියෝව වයිරල් වීඩියෝවක් වූවා අමතක කළ යුතු නැත...
අපි ගැරඩි නයි ආහාරයක් ලෙස නොගන්නේ අපි සියල්ල සංස්කෘතික ජීවීන් නිසාය..
මරණයක් වු පසු.... ජීවත්ව සිටින කළ මොන දේ කළත්... අනුකම්පා සහිත වීම ලංකාව වැනි රටක සංස්කෘතියය...
එකී සංස්කෘතිය අපේ රටේ මිනිස්සුන්ගේ ඇස්..මස්..ලේ.. නහර සමඟ ගැට ගැසී ඇත..
සනත් නිශාන්තගේ මියගිය සිරුරට බැන වදින..බූරුවා කියන... සමාජ මාධ්‍යය උම්මත්තක, පිස්සො, රැල......කරන්නේ කුමක්ද ඔවුන් ද දන්නේ නැත....
ගෝල්ෆේස් මනෝභාවය නිර්මාණය කිරීමද සමාජ මාධ්‍යය දෘෂ්ඨිවාදී බෝම්බයක් වන අතර..එය අංශක 360ක් වෙනස් වීමටද... වැඩි කාලයක් ගත්වන්නේ නැත...
මහජනතාව නම්, මේ ක්‍රමයට සිස්ටම් වූ ඉත්‍තන් එහෙට මෙහෙට වීමට වෙනස් වීමට ගතවන්නේ පොඩි කාලයක්ය.. සිස්ටම් වෙනස් කිරීම යනු ටවුන් හෝල් එකේ බෝර්ඩ් උස්සන් කෑගැසීම නොවන බව අපි දිගින් දිගටම කීවේ ඒ නිසාය.
ලක්මාල් රණභාහු....