අනුරලාගේ වමට අනුව මේ රටේ මිනිස්සු තඩි මෝඩයන්ය Featured

Wednesday, 24 January 2024 16:22

නිදහසෙන් පසුව ශ්‍රී ලංකව ආර්ථිකමය වශයෙන් විශාල දියුණුවක් අත්පත් කරගැනීමේ සක්‍යතාවයක් තිබුණු රටකි. ඒ වෙන විට ආසියාවේ ප්‍රමුඛතම ආර්ථිකයක් හිමි රටක් ලෙස රටේ පාලනය පවත්වගෙන ගිය බ්‍රිතාන්‍යයන් මේ රට ගොඩනගා තිබිණි. නිදහස ලැබීමෙන් පසුව වියයුතුව තිබුණේ එතැනින් ඉදිරියට එම ආර්ථික ක්‍රමය පවත්වාගෙන යමින් ඒ තවදුරටත් සංවර්ධනය කරගනිමින් යන ගමනකි.

නිදහස ලැබෙන විට පැවැති එක්සත් ජාතික පක්ෂ පාලනය ඒ වෙනුවෙන් පැවැති අඩුපාඩු පූර්ණ කරගැනීම ද සමඟ තවත් ක්‍රියාමාර්ග ගනනාවක් යෝජනා කිරීම සිදුව තිබිණි. නමුත් පසුකලීනව රාජ්‍ය බලය අත්පත් කරගත් කණ්ඩායම් වෙතින් වැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සිදු විය.

විශේෂයෙන්ම වාමාංශික සහ ජාතිකවාදීන්ගේ නොමේරු බොලඳ පටු සංකල්ප මත ක්‍රියාත්මක වූ ආර්ථිකය 70-77 කාලයේ පැවැති සමගි පෙරමුණු පාලන සමයේදී ස්වයං විනාශකාරී තැනක් දක්වා ගෙන ඒම සිදු විය. රට පැවැතියේ බංකොලොත් තත්වයකට ආසන්නවය. කෘෂිකර්මාන්තය, කාර්මික කර්මාන්ත, සේවා ආර්ථිකය මේ සියල්ල බිඳ වැටීණි. මේ තත්වයන් මත 78 දී ජේ ආර් ජයවර්ධන පාලනය විසින් කණ පිට ගසමින් විවෘත නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රමයකට රට වෙනස්කර නව පිම්මකින් රටේ ආර්ථිකය ඉදිරියට ගැනීමේ උත්සාහයක යෙදිනි. එහෙත් මෙම ආර්ථික ක්‍රමයට එරෙහිව වාමාංශික සහ ජාතිකවාදීන්ගෙන් එල්ල වූ විරෝධයන් බාධා කිරීම් කඩකප්පල් කිරීම් තිව්ර වීමද සිදු විය. මේ අනුව 77 සාපය යනුවෙන් ජනප්‍රිය දේශපාලන සටන් පාඨයක් අසූව දශකයේ දී නිර්මාණය කිරීමටද ඔවුන් සමත් විය. ඔවුන්ට අවශ්‍ය වූයේ 77 ට පෙර යුගයට එනම් රජය විසින් තමන්ගේ බඩ වියත ගැන බලාගන්නා රට නැවත ගොඩනැගීමය.

78 න් පස්සේ වුණ දේ

ඒ එසේ වූවත් රටේ ආර්ථිකට 78 ට පෙර සහ පසුව සිදුවූයේ කුමක්ද යන්න ගැන ගැඹුරින් කල්පනා කිරීමට මේ විපක්ෂ කණ්ඩායම් වලට හැකි වූයේ නැත. ජනතාවද විපක්ෂ මතවාදයන් නිසා නොමඟ යෑම සිදු විය. මේ තත්වයන් මත 78 දි ගත් නව පියවරයන්ගේ හොඳම ප්‍රතිලාබයන් රටට අත්පත්කර ගැනීමද කළ නොහැකි විය. ඒ කොහොම නමුත් ආර්ථිකයේ සියලුම ක්ෂේත්‍රවල ඉදිරිගාමි වර්ධනයන් සිදු වූයේ 1978න් පසුවය. එය සම්බන්ධයෙන් සංඛ්‍යා දත්ත සමඟින් ඔප්පු කළ හැකි දේ එමටය. (පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් ලිපියක් අප පුවත් පතෙහි පළ විය)

කොහොම නමුත් 78 පෙරැළිය ආපසු හැරවීම වෙනුවෙන් වාම ජාතිකවාදීන් ගෙන ගිය අරගල මධ්‍යයේ වූවද මේ ගෙවුණු දශක හතරහාමාරක පමණ කාලය තුළ ශ්‍රී ලංකාව සිය සංවර්ධන ගමනේ යම් ජයග්‍රහණ සහිතව ඉදිරියට යෑම සිදුව තිබේ. වසර දෙකට පෙරතුව රට බංකොලොත් යනුවෙන් ප්‍රකාශයට පත්කරන තැන දක්වා මෙම ගමන පැමිණියේය. යළි රට ගොඩනගන්න ජනාධිපති රනිල්ට සිදු වන්නේ ආර්ථිකය ආගාධයක් පතුලට ඇද වැටී තිබුණු තැන සිටය. නමුත් මුහුණ දුන් අර්බුදය නිසා ඇති වු පීඩාවන් මුළුමනින්ම අවසන් නැත. තවදුරටත් පීඩාවන් සමනය කරගැනීමේ දුෂ්කර පියවරයන් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇත. අද රට තුළ කෙඳිරිලි කෑකෝගැසීම් අඬවැඩියාවන් මැසිවිලි නැඟෙන්නෙ ඒ අනුවය. කොහොම නමුත් විය යුතුව ඇත්තේ සිදුවූ තුවාල සුවපත් කරගනිමින් යළි ශක්තිමත්ව ඉදිරියට පියනැගීමය. නමුත් කණගාටුවට කරුණ නම් ඉතිහාසයේ සිදු කළ වරද්දා ගැනීම් නොසලකා සිදුවුණු නොමඟ යෑම් නොසලකා සිදුවුණු තුවාල නොසලකා රට ආපසු පෙර තිබු බංකොලොත් යුගයට ඇද දැමීමේ මුග්ධ දේශපාලනයක් ක්‍රියාත්මක වීමය. වර්තමාන පාලන තන්ත්‍රයට එරෙහිව වැඩිම කරදරයක් කරමින් සිටින් විපක්ෂ කණ්ඩායම් ඔවුන්ගේ ආර්ථික හා දේශපාලනික වුවමණාවන් නිවැරදි යැයි කීම වෙනුවෙන් රජයේ පිළිවෙතට විකල්පව නිශ්චිත පදනමක් සහිත කිසිවක් හෙළිදරව් නොකරමින්, පැහැදිලිවම ඔවුන් සිදු කරමින් සිටින්නේ රටේ ඉදිරි ගමන වැලැක්වීමේ පියවරයන්ය.

ආර්ථික ප්‍රතිපත්තිය ආපසු හැරවීම

විශේෂයෙන්ම මේවන විට යම් ජනප්‍රියත්වයක් උසුලාගෙන සිටි වාම ජාතිකවාදී උන්නතිකාමී කණ්ඩායම වන ජනතා විමුක්ති පෙරමුණ සහ ඔවුන්ගේ ඊනියා බහුජන ව්‍යාපෘතිය වූ ජාතික ජන බලවේගය හරහා මෙම ආපසු හැරවීම දැඩිව ප්‍රකාශයට පත්ව තිබේ. ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය යැයි කියවෙන ප්‍රකාශයන් වලින් මැවෙන්නේ අතිශය බියකරු තත්වයකි. විශේෂයෙන් කුමන හෝ ප්‍රතිපතිමය පදනමක නොපිහිටා කරන මේ ප්‍රකාශනයන් තුළින් රට ගෙන යන්න හදන්නේ කොතැනටද යන්න ගැනවත් අදහසක් සිතා ගැනීමට නොහැක. එකිනෙකට පරස්පර කතන්දර උදේ හවා ඔවුන් කියවමින් තිබේ. ඇතැම් යෝජනා ඇඟකිලිපොලා යන තරම් බයංකර අනතුරු හැඟවීම්ය.

කොහොම නමුත් ඔවුන් තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ලෙස ජාතික ජන බලවේගය නමින් නිල වශයෙන් නිකූත් කළ ප්‍රකාශනයක් තිබේ. රටේ ආර්ථිකය ගොඩනගන්නේ කොහොමදැයි විමසන විට ඔවුන් කියන්නේ තමන්ගේ මෙම වැඩපිළිවෙල ඉදිරිපත් කර තිබෙන බවත් ඒ සම්පුර්ණයෙන්ම කියවන ලෙස මෙම ලේඛනය ඉදිරිපත් කිරීමය. ඒ නිසා ඒ කියැවීමට සිදුව ඇත.

ඒ අනුව මෙය ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ආඥාදායක ප්‍රතිපත්තියෙන් වෙනස් වුවත් මේ තුළ ඇත්තේ ජවිපෙ ප්‍රතිපත්තිය තරම්වත් පැහැදිලි කතන්දරයක් නොවේ. විටෙක එය විහිළු සහගතය. රටක ආර්ථිකයක් හසුරුවන්නේ කොහොමදැයි නොදන්නාකමද එහි ප්‍රකට වෙයි. ලෝක ආර්ථිකය කියා දෙයක් තිබෙනවාද නොදන්නා කමද වෙයි. මනෝලෝක වල සැරිසරමින් කරන යෝජනා වෙයි. ඒ ගැන කරන විමසීමක් පවා වැඩකට නැති යැයි කල්පනා කළ හැකි වුවත් ඔවුන් නිල වශයෙන්ම කරන ප්‍රකාශය ඒබැවින් මෙහි තිබෙන ලොකුම විකාර ගැනවත් කතා කළ යුතුය. ඒ මන්දයත් ඔවුන්ගේ පාලනයක් යටතේ මේ දේවල් වෙනවා කියනවා නම් විය හැකි මහා ඛේදවාචකය නියතයක් නිසාය. (ඔවුන් බලයට පත් නොවීම වෙනම කතාවකි.) එසේම මේ ලස්සන කතා වලට ආකර්ෂණය වන ජනතාව බරපතල නොමඟ යෑමකට ලක්ව රටේ විනාශයට ඔවුන් දායකවීම වැලැක්වීම විය යුතුය. මොකද මේ පළමු වතාව ද නොවන නිසාය. පසුගිය ජනාධිපතිවරණයේදී මෙවැනිම මෝඩ කමක් කරගත් විශාල පිරිසක් ගෝඨා පාලනය යටතේ වසරක දෙකක් යන විට ඔවුන්ම තමන් බිහිකළ පාලකයාට මාරන්තික ලෙස එරෙහි වෙමින් ඔහුව පන්නා දැමීමට පෙරමුණ ගත්තේ තමන් වෙතින් වූ වරද නිවැරදි කරගැනීමට වෙනත් විකල්ප නොවීම නිසාය. ඔවුන් වරදකාරී හැඟීමෙන් බරපතල ලෙස පෙළනු ලැබ තිබිණි. යළි එවැන්නක් විය යුතු නැත.

රාජ්‍ය ආදායම් කටින් මැවීම

එහෙත් ගැටළුව නම් එදා වැරැද්දක් කරගනිමින් තමන් පීඩාවට ලක්වූවද නැවත් වතාවක් එම වැරද්දම කරමින් තවත් යම් පිරිසක් ජාතික ජන බලවේගයට ආකර්ෂණය වී තිබේ. එහෙත් මේ වන විට යථාර්ථය තේරුම් ගෙන එයින් ඉවත් වෙමින් තිබෙන පිරිස වැඩි වෙමින්ද තිබේ. ඒ කෙසේ නමුත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සලකා බැලීමේදී වැඩකට නැති වැල් වටාරම් තොගයක් දකින්නට ලැබේ. තවත් බොහොමයක් දැනටමත් මේ රටේ ක්‍රියාත්මක වෙමින් පවතින දේවල්ය. ඒවා කවරක් වුණත් ජවිපෙ නායකයන් ඔවුන්ගේ පාලනය යටතේ පෙන්වන ඉලක්කයන් තිබේ. විශේෂයෙන්ම ඉලක්කම් වලින් කියන කතාවක් තිබේ. ඒවා නොසලකා හැරිය නොහැක.

මෙහි මුලිකම දේ රටේ ආදායම් වර්ධනය කරගැනීම ගැන කියන කත්දරයය. මෙහිදී රාජ්‍ය මුල්‍ය හා බදු කියන පර්ච්ඡේදයේ එක් වගන්තියකින් කියැවෙන්නේ රාජ්‍ය ආදායම, දළ දේශීය නිශ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 20-25 ක් කරන බවය. රාජ්‍ය ආදායම අච්චර මෙච්චර වැඩි කරනවා කිව්වද මෙහිදී මෙම ඉලක්කම් වල දශමස්ථානද අතිශය වැදගත්ය. 20ක් 25ක් කරනවා කියන ඉලකක්ම දෙක අතර ඇති පතරය රාජ්‍ය ආදයම සමඟ බැලිමේදී අති විශාල අගයකි.

c1

2020 වසර වන විට සියයට14.5 ක් අගයක් වු මෙය 2022 වසරේදී සියයට 8 ක තරම් අඩු අගයක් දක්වා කඩා වැටී තිබිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් අනතුරුව පසුගිය වසර අවසන් වන විට එය සියයට 11.2 දක්වා ඉහල නංවා ගැනීමට සමත් විය. මේ සුළු ඉහල නංවා ගැනීම වෙනුවෙන් පසුගිය වසර එකහාමාර තුළ රජය ගත් පියවරයන්ට එරෙහිවත් විශාල විරෝධයන් එල්ල විය. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් හා හිතවතුන් බරපතල ලෙස ප්‍රතිසංස්කරණයන්ට එරෙහි විය.

කොහොම නමුත් රජයේ මීළඟ ඉලකක්ය 2026 වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිශ්පාදනයෙන් සියයට 15 ක තරමටවත් රැගෙන ඒමය. මේ සියයට 15 යනු රටක් අර්බුදයට පත් නොවී පවත්වා ගැනීම ගැන ලෝකය පිළිගත්තු ඉලක්කමකි. මේ ඉලක්කය දක්වා තවත් සියයට 4 කින් පමණ වැඩි කරගැනීමට වසර දෙකතුනක කාලයක් අවශ්‍ය බව රජයේ මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේද ගනන් බැලීමය. ඒ අනුව එය එතරම් පහසු නැති බව පැහැදිලිය. එමෙන්ම රජයේ ආදායම් කියන්නේ මුළුමනින්ම පාහේ බදු ආදායම්ය. බදු ආදායම් පුළුල් කරගැනීමේ දුෂ්කර බව අමුතුවෙන් කිව යුතු නැත. මුලින්ම ජනතාව බදු ගෙවිය හැකි ආර්ථික ම්ටටටමක්ට ගොඩ නැංවීම විය යුතුය. ඒ සඳහා කාලයක් වැය කරමින් ජනතාවට වන පීඩාවන් අවම කරමින් සුක්ෂමව එය සිදු කළ යුතුව තිබෙනනකි.

බදු ආදායම් නැතිව ජවිපෙටත් බෑ

එහෙත් ජාතික ජන බලවේගයේ පොරොන්දුව වන්නේ තමන්ගේ ජනාධිපති ලෙස අනුර කුමාර පත්කරගෙන රාජ්‍ය ආදායම සියයට 20 කට 25 කට ක්ෂණිකව ගෙන ඒමටය. නමුත් මෙහෙම කරන්න නම් දැනට අයකරන බදු ආදායම් දෙතුන්ගුණයකින් වැඩි කරගැනීම අනිවාර්ය වෙයි. මන්ද කෙටිකාලීනව වෙනත් විකල්ප නැති බැවිනි.

මේ අතරම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව ඇති තවත් කරුණක් වන්නේ සෘජු බදු හා වක්‍ර බදු අතර අනුපාතය 18 යි, 82 යි වන සේ තිබෙන පරතරය, 40 යි 60 යි බවට පත්කරන බවය. කොහොම නමුත් මේ වන විට මෙම අනුපාතය 30 යි 70 යි අතරට ගෙන ඒමට වත්මන් රජය සමත්ව ඇත. රජය මේ තැනට අනුපාත ගෙන ආවෙත් කලින් කිව් සේ විරෝධතා රැසකට මුහුණ දෙමින්ය. සෘජු බදු යනු පුද්ගල හා ව්‍යාපාරික ආදායම මත වන ආදායම් බදුය. දැන් මෙම පරතරය පියවන්න නම් සෘජු බදු වැඩි කිරීම හෝ වක්‍ර බදු අඩු කිරීම හෝ විය යුතුය.

දැන් මෙම පරතරය පියවන්න ජවිපෙ ආදායම් බදු ප්‍රතිශත වැඩි කිරීම සිදු නොකරනවා නම් වැට් සහ එවැනි වක්‍ර බදු විශාල වශයෙන් ලිහිල් කළ යුතුය. ගෝඨා යුගයේදී ගොඩහේවලාගේ කබ්රාල්ලාගේ උපදෙස් මත වැට් බදු අඩු කළේය. ඉන් පසු රටට සිදුවු දෙය කිව යුතු නැත. සෘජු බදු වැඩි කිරීමට ජවිපෙ තින්දු කළහොත් විය හැක්කේ ජවිපෙ පහුගිය කාලයේ රජයට එරෙහිව බදු සංශෝධන හකුලා ගනිව් කියා කළ වෘත්තිකයන්ගේ, වෘත්තීය සමිති වල විරෝධතා, ව්‍යාපාරිකයන්ගේ විරොධතා ඒ තිබුණාට වඩා විශාලව නැවත පැන නැගීමය. ඒ කොහොම වුණත් ජවිපෙට මේ බදු අනුපාතයන් 40 යි 60 ලෙස ගෙන ඒමට සහ රාජ්‍ය ආදායම සීයයට 25 ක දක්වා වර්ධනය කිරීමට, අද තිබෙන බදු වැඩි කිරීම පමණක් නොව තවතවත් අලුත් බදු වර්ග තොගයක් මේනම බදු දැලට අත් විශාල පිරිසක් හසු කරගැනීමද අනිවාර්යයක් වෙයි. මේ කිව්වා සේම ජාජබයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ බදු වැඩි වැඩියෙන් එකතු කිරීම ගැන යෝජනා රැසක්ම අඩංගුය. වත්මන රජය ටින් අංකයක් හ`සුන්වා දිමේදි ජවිපෙ හිතවතුන් ඊට එරෙහිව නරුණු දක්වන්නට විය. නමුත් ජාජබයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වන්නේ ටින් අංකයට වඩා එහා යෝජනාවකි. ඒ අනුව අවුරුදු 18 දී දෙන ටින් අංකය වෙනුවට උප්පත්තියම අංකයක් දෙයි. එය සදහන් වන්නේම බදු රැස් කරගැනීම වෙනුවෙන්ම එම අංකය දෙන බවය.

ඒ අනුව අද බදු ප්‍රතිසංස්කරණයට එරෙහිව ජාජබයේ හඬ නැගීම මුළුමනින්ම ජනතාව රවටන, නොමඟ යවන ජනතාවට වංචා කරන තවත් රැවටිලිකාර මෙහෙයුමක් පමණක් බව පැහැදිලිය.

රාජ්‍ය ව්‍යවසාය පැටව් ගැසීම

එහෙත් ජවිපෙ වේදිකා ගානේ කියවන්නේ බදු සහන දීම ගැනය. ජවිපෙ ප්‍රතිපත්තිය අනුව බදු හැර රාජ්‍ය ආදායම් රැස් කළ හැක්කේ රාජ්‍යය ව්‍යාපාර කිරීම හරහා ආදායම් සොයාගැනීමය. රාජ්‍ය ව්‍යාපාර ගැන අමුතුවෙන් යමක් සටහන් කළයුතු නැත. රජය තියෙන්නේ ව්‍යාපාර කරන්න නොවේය, යන්න ජාජබයේ ප්‍රතිපත්තිය බව ජවිපෙ නායකයෝ පසුගිය දින වල කියමින් සිටියහ. නමුත් යළි ඊයේ පෙරේදා කියවන්න ගත්තේ ඊට එරෙහි තමන්ගේ සුපුරුදු පැරණි වාමාංශික මතයය.

c2

කොහෙම නමුත් මෙම ප්‍රතිපත්ත ප්‍රකාශනයේ තිබෙන්නේද රාජ්‍ය ව්‍යවසායක්වයන් යළි පණ පොවා ගන්නා බවය. එමෙන්ම තව තවත් රාජ්‍ය ව්‍යවසායකයන්ම ඇති කරන බවත් පැහැදිලිව ඇත. තැනැත කිසිදු රාජ්‍ය ව්‍යවසායකයක්වත් පෞද්ගලිකකරණය හෝ එවැනි ප්‍රතිව්‍යුගතකරණයකට ලක් නොකරන බවත් සපත කර ඇත. ඒ අතරම තවත් තැනක පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධකිරීම් ගැනද කියයි. මේ සම්බන්ධයෙන් ජවිපෙ හෝ ජාජබය හෝ වේවා මේ අයගේ නිශ්චිත ප්‍රතිපත්තිය කුමක්ද යන්න පැහැදිලි නැත

ලෝක පංගුවේ විහිළුව

තවත් වැදගත් ඉලක්කක්මක් මෙහි තිබේ. ඒ ලෝක මට්ටමෙන් ලංකාවේ අපනයන පංගුව පළමු අදියරේදී සියයට 2කට වැඩිකරන බවය. සියයට 2 මොන සොච්චමක්ද කියා සිතෙන තරමට මෙය කුඩා සංඛ්‍යාවකි. නමුත් ඉතා බරපලතය. මෙහෙම නොමඟයැවීම් සිදු කරන්නේ ලංකාවේ මිනිස්සු මෝඩ අමු තකතීරුවන් යනුවෙන් කල්පනාකර බව පැහැදිලිය. නැතිනම් මෙහෙම ගොන් කතා ප්‍රතිපත්ති ලෙඛනයක තිබිය නොහැක. වර්තමානයේ අපනයනයන් සියයට 2 ක ලෝක පංගුව කියන්නේ අඩුම තරමින් ඩොලර් බිලියන 500ක් පමණ වේ. ඒ ඉක්මවා යන්න මේ රටේ සියලු වත්කම් මිනිස්සුත් සමඟම විකුණා දැමුවත් නොහැක.

ලෝක මට්ටමින් වෙළඳ භාණ්ඩ අපනයනයෙන් 2022 වසරේදී අසල්වැසි ඉන්දියාව සිටියේ සියයට 1.8 පංගුවක් ඇතිවය. ඕස්ටේ්‍රලියාව සියයට 1.7 කි. ලෝකෙටම තෙල් බෙදන සෞදිය 1.6 කි. ස්විස්ට්ර්ලන්ත, වියට්නාම් පොලන්තය, මලයාසියා බ්‍රසිලය ඉන්දුනිසියාව තායිලන්තය නෝර්වේ වැනි අපනයනයන රැස්ක කරන් රටවල් ඇත්තේත් ඊට පහලය.

c3

දැවැන්ත ප්‍රතිඅපනයනයන් ගනනාවක කරන සිංගප්පුරුව 2.1 කි. එංගලන්තය 2.1කි. රුසියාව 2.1 කි. කැනඩාව 2.4 කි. ලෝක අපනයන වැඩිම පංගුව චීනය හිමි කරගෙන තිබේ. ඒ සියයට 14.4 කි. අමරිකාව 8.3 කි. ජර්මනිය 6.6 කි. ජපානය 3 කි. ප්‍රංශය 2.5 කි. දැන් ලංකාව පළමු අදියරේදි 2 ඉක්මවා ඩොලර් බිලියව 500 කට වැඩි ආදායමක් ගෙන එන බව ජාජබය කියන්නේ මොනවා කරලාද?
වානිජ සේවා අපනයනයේදිත් ඉන්දියාව සියයට 4.4 කි. ඔස්ට්‍රේලියාව, රුසියාව 0.7 කි. ජපානය ඇත්තෙත් 2.3 කය. ඩිජිටල් සේවා සැපයීම අනුවත් සියයට 2 ඉක්මවන්නේ රටවල් 15 කට අඩු ප්‍රමාණයකි. ඔස්ටේ‍රලියාව රුසියාව වැනි රටවල් 0.5 කි. කොරියාව 1.3 කි. කැනඩාව 2 කි.

එහෙත් ජාජබය කියන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂෙත්‍රයේ ගුණාත්මක විශ්වාසදායක් හා නවීනතම විසඳුම් සපයන්නා බවට ශ්‍රි ලංකාව පත් කරන බවය. ඒ වෙනුවෙන් නව තක්ෂණික නගර 6 ක් ඇති කර සමාගම් 2000 ක් ගොඩනගා ලක්ෂ 13 කට රැකිය දෙන බවත් කියයි. මෙහිදී අමතක නොකළ යුතු කතාව නම් හෝමාගම නව තාක්ෂණික නගරය ඉදිකරන්න යෑමේදී ඊට ජවිපෙ විරුද්ධ වීමය. රජයේ ඩිජිටල් කරණ ව්‍යාපෘතිවලටත් ජවිපෙ වෘත්තීය සමිති විරුද්ධය.

ඒවගේම මේ අපනයනය ආර්ථිකය වෙනුවෙන් පවතින රාජ්‍ය කර්මාන්තයන්ට, ව්‍යවසායකයන්ට අමතරව තවත් රජයේ කර්මාන්ත ශාලා 100ක් බව කියයි. බදු ආදායම් වලින් රාජ්‍ය ව්‍යසායකයන් නඩත්තු කරන්න සිදුවෙන ආර්ථිකයක් ගැන තව කතාකරන්න දෙයක් නැත. මීට පෙර වාම ජාතිකවාදී ආණ්ඩු මෙරට තුළ කාර්මාන්ත පුනර්ජීවනයක් කරන්න කියමින් සමාජවාදී සොවියට් ආදර්ශය අනුව රාජ්‍ය කර්මාන්ත සිය ගනනනක් ආරම්බ කර තිබිණි. නමුත් වසර කිහිපයක් තුළ අධික පාඩු ලැබීය. කර්මාන්ත සදහා අමුද්‍රව්‍යයන්වත් ලබා ගැනීමට නොහැකිව ඒ වැඩි ප්‍රමාණයක් වසා දැමීම ද සිදු විය, වෙළඳපොළක් නැතිව ඉතිරිය කඩා වැටිනි. රජයේ බදු ආදායම් පොම්ප කරමින් මේවා නඩත්තු කරගෙන යෑම නිසා රට ආර්ථික වශයෙන් පිරිහීමද විය.

c4

පහුගිය කාලයේ ජවිපෙ ආර්ථික විශේෂඥ සුනිල් හඳුන්නෙත්ති මෙන්ම ජාජබයේ ආර්ථික වියතුන් ත්‍රිකුණාමලයේ උක් වවා ආසියාවටම සීනි සපයනවා යැයි කිවේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුවය. අඩුම තරමින් ඒසා විශාල නිශ්පාදනයක් වෙනුවෙන් උක් වවන්න, සීනී හදන්න ජලය පොම්ප කරන්නේ කොහෙන්ද යන්නවත් ඔවුන්ට අදහසක් තිබුණේ නැත.

රටට එන විදේශ ආයෝජකයන්

දැන් ජාජබය මේ කියන ආර්ථික සමුර්දිය උදා කරගන්න යන්නේ දේශීය හෝ විදේශීය ආයෝජකයන්ට රාජ්‍ය සම්පත්ය කියන කිසිදු දෙයක් ලබා නොදීමෙනි. එනම් රටේ එක බිම් අඟලක්වත් ආයෝජකයන්ට දීමේ බලාපොරොත්තුවක් නැත. එමෙන්ම ආයෝජන සම්බන්ධයෙන් රජයේ දැඩි නියාමනයට ද යටත්වය.

c5

එහෙත් විදේශ අයෝජකයන් කැඳවීම ගැනත් අපුර්ව කතාවක් තිබේ. ඒ අනුව දළ ජාතික නිශ්පාදනයෙන් සියයට 10 ක ප්‍රතිශතයකට විදේශ ආයෝජන පත්කරන බව සඳහන්ය. මේ ඉලක්කම ගැනත් කියන්න වෙන්නේ කලින් කිව් කතාවමය. ලංකාවට වැඩිම සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ලැබුණු 2018 වසරේ මෙම අගය සියයට 4ක් විය. එයත් ඩොලර් බිලියන 2 ඉක්මවුයේ නැත. රටම නිකම් දෙනවා කිව්වත් මෙරටට විදේශ ආයෝජකයන් පැමිණිමට මැලි වන හේතු තිබේ. වත්මන් රජය උත්සහ කරන්නේ ඒ බාධක ඉවත් කිරීමටය. ජාජබයේ අනෙක් ප්‍රතිපත්ති අනුව පැහැදිලි කරන්නේ රාජ්‍ය ආයෝජනයන්ට ඉඩ ලබා දී දෙස් විදේස් ආයෝජනයට බාධක ඇති තරම් වැඩි කිරීමය. ඒ අනුව විදෙස් ආයෝජන සියයට 10 තබා 1ක වත් එන්නේ නැති බව පැහැදිලිය. ඒ තත්වයන් යටතේ මෙරටට පැමිණෙන විදේශ ආයෝජකයන් කවුද යන්න දැන ගැනීමට ජාජබයේ ආණ්ඩුවක්ම බිහිවෙන තුරු බලා සිටිය යුතුය.

විදුලිය වෙනුවට දර භාවිතය

මෙහි තවත් තිබෙන විහිළු සහගතම කොටස නම් බලශක්තිය ගැන කොටසය. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වැඩිම අවධාරණයක් සහ වැඩිම ඉඩක් වෙන් කර ඇත්තෙ ඒ වෙනුවෙනි.

රටේ බලශක්ති ඉල්ලුම වැඩි වීම විශේෂයෙන්ම විදුලි ඉල්ලුම වැඩි වීම ගැන බරසාර කත්න්දර ප්‍රමාණයක් කියමින් ඉදිරියේදී විදුලි ඉල්ලුම පස් ගුණයකින් ඉහළ යන බව පවසා ඒ පාලනය කිරීමට කරඇති එක් මුලික යෝජනාවක් වන්නේ විදුලි උපකරණ භාවිතය අධෛර්යමත්කර නැවත දර පොල්කටු දහයියා වැනි ජෛව්‍ය මූල බලශක්ති ප්‍රබවයට මාරු වීම විය යුතු බවය. එක මිටට දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට යන ජවිපෙ, ජාජබ කාන්තාවෝ ටික මේවා නොදන්නවාට සැක නැත. දර ලිපේ දුම්කාගෙන දැලි නාවර පෙරාගෙන බත් තම්බන්න වෙන බව මේ අයගේ හැදි මිටේ නුවණට තවම හසුවී නැති සෙයකි.

c6
එසේම බලශක්තියට අලුත් බදු අයකර ගැනීම විදුලි බිල් වැඩි කිරීම වැනි කතන්දර රැසක්ද අඩංගුය. ඒ අනුව දැනට අයකරන මිල ගනන් පවා ඉහළ යෑමක් ඇතැම් පාරිභෝගික කාණ්ඩ වලට සිදුවිය හැකිය. කෙසේ නමුත් බලශක්තිය ගැන සඳහන් අනෙතුත් විසඳුම් සියල්ලම පාහේ සහ තවත් ක්‍රියාමාර්ග රැසක්ම මේවන විට වත්මන් රජය ක්‍රියාත්මකකිරීම ආරම්භ කර ඇත.

අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වෙනුවෙන් දළ දේශීය නිශ්පාදනයෙන් සියයට 11ක් වෙන් කරන බව ද ජවිපෙ නායකයන් වේදිකා ගානේ කියමින් සිටී. මේ ඉලක්කම් ගැන ඉහත සඳහන් කරුණු කාරණා අනුව ඒ විය හැකි දෙයක්ද යන්න බුද්ධිමත් පාඨකයාට තේරුම් ගත හැකිය. රජයට වෙන කරන්න වැඩ නැතිනම් මේවා කළ හැකිය.

මිනිස්සු තඩි මෝඩයන්යලු

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් මෙහිදී අවදාරණය කළේ කරුණු කිහිපයක් පමණි. කොහොම වුණත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සමස්තය ගැන කිවහොත් එහෙන් මෙහෙත් අහුලා ගත් කොටස් කිහිපයක එකතුවක් මිස ආර්ථිකය ගැන ගැඹුරු හැදැරීමක් තබා සාමාන්‍ය දැනුමක්වත් නොමැතිව සිදුකළ දෙයක් බව පැහැදිලිය. එසේම රාජ්‍යයක් පවත්වාගෙන යෑමෙදී මූලිකම දෙය ආර්ථික පදනම නියමාකාරයෙන් සකසා ගැනීමය. අනෙක් සියල්ල පදනම් වන්නේ ඒ මතය. ඒ අනුව මෙම ආර්ථික ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වන සෙසු ක්ෂේත්‍ර ගැන ජාජබයේ ප්‍රතිපත්ති නිකම්ම නිකම් සින්තටික් හිතළු පමණක් වීම අනිවාර්යයකි. මේ අනුව මෙරට දේශපාලන පක්ෂයක් විසින් තමන්ගේ ප්‍රතිපත්ති ලෙස ඉදිරිපත් කර ඇති ලේඛන අතරින් වඩාත් රැවටිලිකාරම විහිළු සහගතම මුග්ධම ප්‍රතිපත්ති ප්‍රකාශය ජාජබයේ මෙම් ප්‍රතිපත්ති ලේඛනයන් බව විවාදයක් නැතිව පිළිගත හැකි තැනක තිබේ. බරපතලම දේ මේ රටේ මිනිස්සු මෝඩ තකතීරුවන් යැයි සිතා මෙවැන්නක් පිළියෙල කිරීමය.

මේ තත්වයන් මත ජාජබයේ ආණ්ඩුවක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත මේ විකාරයන් ප්‍රමාණයම රටට සිදුවිය හැකි බරපතල අනතුර ගැන හිතන්න ප්‍රමාණවත්ය. එසේම ජවිපෙ මෙම ප්‍රතිපත්ති කඩ නොකරන බවත් ඒවා සහතික ලෙසම ඉටු කරන බවත් සපත කරයි. මෑතකදී ජවිපෙ ලාල්කාන්ත කීවේ තමන්ගේ ආණ්ඩුවක් යටතේ මේවා කොහොම හරි ඉටුකරන කතාවකි. එහිදි රජයට විරුද්ධ වන්නන් මර්දනය කරන බවත් කියා තිබිණි. නැතිනම් රාජ්‍ය බලය කුමකටද කියා ද අසා තිබිණි.

කොහොම නමුත් රටේ තිබෙන ගැටළු මොනවාද ඒවාට දිය යුතු විසඳුම මොනවාද යන්න ගැන ජවිපෙට හෝ ජාජබය වටා සිටින වියතුන්ය කියන පිරිසට සාමාන්‍ය අවබෝධයක්වත් නැති බව මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන්ගෙන් වුවමණාවටත් වඩා පැහැදිලිය. මෙහෙම පිරිසක් රටේ බලය අත්පත් කරගෙන රට හදයි යනුවෙන් විශ්වාස කරන්නන් පව් කියා කිව යැකි නමුත් රටට සිදුවන විනාශය ගැන මේ අය වගකියන්නේ නැත. ජවිපෙ කොහොමටවත් ඒ වගකීම් බාරගන්නේ නැත. ජවිපෙ අනුර කුමාරම කියන්නේ ඔවුන්ට අවුරුදු පහකට දීලා බලන්න, හොඳට නොකෙරුවොත් යවන්න කියන එකය.

ඔවුන්ගේ ප්‍රතිපත්ති අනුව රට හදනවා කියන එක තනිතර විහිළුවකි. ඒ අනුව ඔවුන්ට රට බාර දී තවත් දශක ගනනාවකට ගොඩ එන්න නොහැකි තැනකට රට ඇද වැටුණු විට ඒ රට ගොඩනගන්න ජවිපෙ උදව්කරන්නේද නැත. වර්තමානයේ මුහුණ දෙන අර්බුදයෙන් ගොඩ එන්න උදව් නොකරන තැනක සිටින ජවිපෙ තමන් වෙතින් වන වරද නිවැරදි කරන්න තබා ඒ ගැන සමාව අයදින්නේවත් නැත. කැරලි දෙකක් ගසා රටට කළ මහා විනාශය ගැන ඔවුන් මෙතෙක් රටෙන් සමාව අයදීමක්වත් සිදුකර නැති බවත් මතක තබා ගත යුතුය.

කොහොම නමුත් ජාජබය වැනි අවස්ථාවාදි රංචුගැසීමකට මේ රටේ පාලන බලය අත්පත්කර දීමට රටේ බහුතරයේ කැමැත්ත නොලැබීම රටේ වාසනාවක්ව තිබේ. මේ මොහොතේ තිබෙන ලොකුම සැනසීම එයය.

වර්තමානය තුළ වැරදි නිවැරදි කරගනිමින්, වඩාත්ම නිවැරදි ආර්ථික මාර්ගයක් තෝරා ගෙන ප්‍රත්පත්තියක්, සැලසුමක්, වැඩපිළිලෙක් ඉදිරිපත් කරමින්, එය සාර්ථකව ක්‍රියාවට නඟමින්, දූරදර්ශී නායකත්වයක් සමඟ ඉලකක්යක් කරා මේ යන ගමන තවදුරටත් ඉදිරියටම යෑම විය යුතු අනිවාර්ය තත්වයකි. එය කඩාකප්පල් කිරීමට විපක්ෂ කණ්ඩායම් දරණ වෑයම පරාජය කිරීම වෙනුවෙන් තව තවත් ජනතාව නිවැරදි දෙය සමග එකතුවිය යුතුව තිබෙන්නකි. නමුත් ඒ බලකිරීමක් නොව තමතමන්ගේ බුද්ධි ප්‍රමාණයෙන් විමසා බලා සැකසංකාවෙන් තොරව විය යුත්තකි. තමන් මෝඩ ලෙස වරද්දා ගතහොත් වරදින්නේ රටටම මෙන්ම තමන්ගේ දුවාදරුවන්ගේ අනාගතයටය.

chatham street journal පුවත් පතෙනි.

Leave a comment

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us