ගෝඨාභය හිටිය නම් පාස්කු ප්‍රහාරය සිදුවන්නේ නැහැ - ෆොන්සේකම කියයි ! Featured

Friday, 22 April 2022 10:42

2019 වසරේ අප්‍රේල් 21 වෙනිදා එනම් ඊයේ දිනයට පාස්කු ඉරුදිනයේ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී වසර තුනක් සපිරුණා .

කතෝලික දේවස්ථාන 03 කට හා කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 03ක් ඇතුළු ස්ථාන 08ක් ඉලක්ක කර ගනිමින් ත‍්‍රස්තවාදීන් විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව එල්ල කල අතර එමගින් ජිවිත අහිමි වුවන් ගණන එම මොහොතේ 254 ක් ලෙස දැක්වුවද පසුව අසාධ්‍ය තත්වයේ පසු වූ තවත් ජිවිත ගණනක් මරණයට පත් වූ පසු සමස්ත ගණන වාර්තා වුයේ 269 ක් ලෙසය . එමෙන්ම විදේශිකයන් 45 දෙනෙක් සහ පොලිස් නිලධාරීන්ද ඇතුළුව අවම වශයෙන් 500 ක් පමණ තුවාල ලැබූ බවයි වාර්තා වූයේ. මෙම ම්ලේච්ඡ ‌ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන් සිහිපත් කරමින් ඊයේ දිනයේ දිවයින පුරා විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණා .

ප්‍රහාරයට වසර තුනක් ගතවන මේ අවස්ථාවේ දී ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉෂ්ඨ වී ඇද්ද, ප්‍රහාරය පිළිබඳ කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගත් වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී ඇද්ද යන්න වින්දිතයන් ඇතුළු රටේ සමස්ත ජනතාවටමඅද වන විට බරපතල ප්‍රශ්නාර්ථයක් ඉතිරි වී ඇත.

එහෙත් ඊයේ දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා යුක්තිය නොදුරේදීම ඉටු කරන බවයි. එම නිවේදනය තුළින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සදහන් කර සිටියේ ,

"ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා දමා තිබූ එකල රජයේ නොසැලකිල්ල මත එදා නිකරුණේ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වූයේ අහිංසක කිතුනු ජනතාවට ය. මේ වන විට අපගේ රජය පත් වී වසර තුනකට ආසන්න ව තිබුණ ද මිනිසුන් 269 දෙනෙක් ජීවිතක්ෂයට පත් කරමින්, 400කට අධික පිරිසක් තුවාලකරුවන් බවට පත් කරමින් සිදු වූ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට තවමත් යුක්තිය ඉටු වී නැතැයි නැඟෙන චෝදනා බොහෝ ය.

එහෙත් ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ඇති යුගයක මෙවන් සංවිධානාත්මක ප්‍රහාරයක් සිදු වීම සුළුපටු කාරණාවක් නො වේ.

මේ වන විට විවිධ සාක්ෂි ඔස්සේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට පත් ව ඇති අතර ඔවුන්ගෙන් ලබා ගත් ප්‍රකාශ ඔස්සේ ද පරීක්ෂණ ක්‍රියාත්මක බව අවධාරණය කරමි. සැකකරුවන්ට දඬුවම් ලබා දිය හැක්කේ සාක්ෂි, සාධක විමසා බලා අධිකරණයකදී වරදකරුවන් වූ පසුව ය. එබැවින් මේ දක්වා ම විවිධ සාක්ෂි මත පදනම් ව සිදු කළ පරීක්ෂණවලින් පසු ඔබ සැම දෑස් දල්වා බලා සිටින යුක්තිය නුදුරේදී ම ඉටු කරන බව ද ඒ සඳහා මා බැඳී සිටින බව ද අද දිනයේ ප්‍රකාශ කරන බවද'' ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ඒ වගේම ඊයේ දිනයේ හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මාධ්‍යවෙත අදහස් දක්වමින් කියා සිටියේ

''බුද්ධි තොරතුරු ලැබෙද්දී ගෝඨාභය ආරක්ෂක ලේඛම් වෙලා හිටියානම් අටක් අතුරුදහන් වෙලා 254ක් ජිවත් වෙනවා. එතකොට අර අතුරුදන් වූ අට දෙන වෙනුවෙන් මේ වෙද්දී NGOකාරයෝ හඩා වැටෙනවා.ඔහු මාගේ දේශපාලන එදිරිවාදියා වුණත් මම ඒ දේ කියන්න පසු බව වෙන්නේ නැහැ''

ෆොන්සේකා ඊයේ දිනයේ සිදු කළ මෙම ප්‍රකාශය සමස්ත ජනතාවම හදවතෙන් ඇසිය යුතු යථාර්තවාදී කතාවකි.. අප තිස් වසරක යුද්ධයකින් බැට කෑ ජාතියක් ලෙස අපට රාජපක්ෂ යුගය අමතක කළ නොහැක්කේ ඒ යුද්ධය අවසන් කළ නිමැවුම් කරුවන් ලෙස රාජපක්ෂලා ඉතිහාසයට එක් වූ නිසාය. එදා ආරක්ෂක ලේඛම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ වරෙක එල්.ටී .ටී යි ත්‍රස්ත ප්‍රහාරයකට හසුව ජීවිතය බේරුණේ අනු නවයෙන් බව අපට මතකය..ඒ ඔහු එදත් ආරක්ෂක වළලු තර කරගනිමින් ,වායුසමීකරණය කරන ලද කාමර වල සැපට හිදිමින් අන් අයට අණ දුන් නායකයෙක් නොවූ නිසාය..එදා මෙරටේ බෙදුම්වාදී යුද්ධය අවසාන කරන්න ආරක්ෂක ලේඛම් ලෙස ඔහු දැක්වූ සහයෝගය අති මහත්ය..එය වඩා හොදට දන්නේ හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකලාය. කුමන මතවාදයක් දැරුවද සත්‍ය ඒ ආකාරයෙන්ම පැවසීමට සෘජු කොන්දක් තිබීම ගැන අප ෆොන්සේකාට ස්තුතිවන්ත වීමට අවශ්‍ය වන්නේත් ඒ නිසාය.

එදා අවසානයේ මේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රාජපක්ෂලා NGO නඩ ඉදිරියේ වරද කරුවන්විය. දිවිහිමියෙන් යුද වැදුණු අපේ රණවිරුවන් දංගෙඩියට ගෙන යාම සදහා ජාත්‍යන්තර සහාය ලබා ගනිමින් මේ NGO කාරයන්ගේ නාටක අපට හොදට මතකය. වින්දිතයන්ට ,අතුරුදන් වුවන්ට සාධාරණයක් කරන්නැයි කියමින් එම සංවිධාන හඩා වැටුණේ ත්‍රස්තවාදීන් වෙනුවෙනි..මේ NGO ක්‍රියාකලාපය ගැන තවත් අටුවාටීකා අනවශ්‍ය වන්නේ එය පැහැදිලිවම සරලවම සරත් ෆොන්සේකාම මාධ්‍යට ප්‍රකාශ කර ඇති නිසාය.

දැන් දැන් රටේ විවිධ දේශපාලන බලවේගයන් විසින් වපුරන්නට උත්සහා දරමින් සිටින්නේ පවතින රජය පාස්කු ප්‍රහාරය පිළිබඳ දැනුවත්ව සිටියේ ය යන්නයි. කෙසේ නමුත්, පසුගිය දා ආරක්ෂක ලේකම්වරයා මෙම ප්‍රකාශයන් ප්‍රතික්ෂේපකරමින් කියා සිටියේ සිංහල බෞද්ධ නායකයෙකු පත්කිරීමට ඉස්ලාමිකයින් අටදෙනෙකු දිවි පුදනු ඇත්දැ යි ප්‍රශ්න කරමිනි.

''සමාජයේ ඇතැම් කොටස් කියාගෙන යනවා රජය බලයට පත්වුණේ පාස්කු ප්‍රහාරය විකුණගෙන කියලා. දැන් මෙතන චෝදනාව ඇති වෙන්නේ ජනාධිපතිවරයා බලයට පත් කිරීම සඳහා මෙම කුමන්ත්‍රණයක් සිදුවුණා. මේක පිටුපස්සේ විශාල කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. මම ඉතාමත්ම වගකීමෙන් කියන්න ඕනේ, ඒ වගේ ප්‍රහාරයක් ඇහුණහම මට තියෙන ප්‍රශ්නය, ඒ තමයි සිංහල බෞද්ධ කෙනෙක්ව රටේ නායකයා කරන්න ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම ආගමක් වන ඉස්ලාම් ධර්මය වැරදි විදිහට අර්තකථනය කරලා, මොලය විකල් කරපු ඉස්ලාම් ආගම අදහන අට දෙනෙක් ජීවිත පූජා කරයි ද කියලා සිංහල බෞද්ධයකේව රටේ ජනාධිපති කරන්න,"

අවසානයේ කීමට ඇත්තේ තම පාලන කාලය තුළ නිදි කිරමින් සිටමින් ,ඒ නොසැලකිලිමත් භාවය නිසා අවසානයේ මහා ඛේදවාචකයකට මුහුණ දුන් පසු එහි කුණු හත්පොලේ ගාන්නට වෙහෙසෙන පටු දේශපාලනික ප්‍රවාහයන් ඇත්තටම කුජීතය.අපුලය..කියාය.

-පංචාලි

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us