අරගල ඇත්තටම සාමකාමිද ??? Featured

Saturday, 23 April 2022 20:52

දැන් දැන් රටේ පවතින සාමකාමී අරගල යැයි කියාගන්නා උත්ඝෝෂණ ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වී ඇති බව පෙනේ.

එහි ප්‍රතිඵලය ඉතා භයානක විය හැකිය. මෙය දිගටම පැවතුණ හොත් 1989 -1991 භීෂණ කාලය යළිත් ඇති වන්නට බැරි නැත. මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ප්‍රවාහනයට ද බාධා කිරීම් සිදු වූ බවට වාර්තා පළ වී ඇත. විදේශීය සංචාරකයන්ට බාධා කිරීම අතිශය අවාසනාවන්ත සිද්ධියක් වන අතර, ඒ ඔස්සේ රටට සිදුවිය හැකි පාඩුව බරපතළය. විදේශ විනිමය උපයා ගැනීම සඳහා සියලු අවකාශ භාවිත කළ යුතු අවස්ථාවක ඒවා විනාශ කර ගැනීම ඛේදවාචකයකි.

ගෝල්ෆේස් උද්ඝෝෂණ භූමිය සාමකාමී ස්ථානයක් ලෙස හැඳින්වුව ද ඒ තුළ ගැටුම් ගණනාවක් පැවති බව වාර්තා වී ඇත. එක ගැටුමක් නිමාවට පත් වී ඇත්තේ පිහි ඇනුමකිනි. උද්ඝෝෂණ භූමියේදී විවිධ හේතු මත විස්සකට වැඩි පිරිසක තුවාල ලබා ඇති බව ද වාර්තාවක සඳහන් වේ. වඩාත් භයානක තත්ත්වය වන්නේ උද්ඝෝෂණකරුවන් පොලීසිය සමඟ ගැටුම් ඇතිකර ගැනීමේ ප්‍රවණතාවක් මතුවී තිබීමය. එසේනම් මේවා සාමකාමී අරගල යැයි කියා මේවාට තවදුරටත් නිර්වචන දිය නොහැකිය.

රඹුක්කන සිද්ධියේ දී එක්තරා පුද්ගලයෙක් කියා සිටියේ පොලිසියේ තුවක්කුවල උණ්ඩ අවසන් විය හැකි වුව ද රේල් පාරේ ගල් අවසන් නොවන බවය. එය සුළුවෙන් තැකිය නොහැකි ප්‍රකාශයකි. 1989 කාල සීමාව තුළ පවතී භීෂණයේදී දේපොළ විනාශ කිරීම මෙන්ම මිනිස් ඝාතන ද බරපතළ ලෙසින් සිදු විය. 1991 දී රට යළිත් යථා තත්ත්වයට පත් වන විට හැටදහසකට අධික මිනිස් ඝාතනයක් රට තුළ සිදු වී තිබිණි. බහුල ලෙසින් මරණයට පත් වූයේ තරුණයන්ය. මේ වන විටත් ජන උද්ඝෝෂණවල පෙරමුණ තරුණයන්ට භාර වී ඇත. ඔවුන් බුද්ධිමත් ලෙස උද්ඝෝෂණ හසුරවන්නේ ද යන්න ගැටලුවකි. ඇතැම් තරුණ කණ්ඩායම් ප්‍රචණ්ඩත්වය දෙසට ඇදී යාම භයානක තත්වයකි. එසේනම් ඔහුන් මේ අරගල අරන් යන්නේ නැවතත් භීෂණ යුගයකට දැයි යන්න මේ වන විට මතු වන්නා වූ ගැටලුවකි.

රට බරපතළ අර්බුදයකට මුහුණ දී ඇතත් එහි පීඩනය සෑම සමාජ කණ්ඩායමක්ම වටහා ගෙන ඇති බවක් දකින්න නැත. සමහරු දේශපාලන බලය ලබා ගැනීම සඳහා අනන්ත කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරති. තව සමහරු උද්ඝෝෂණකරුවන් සමඟ රට විනාශ කරති. තවත් සමහරු මිනිසුන් මුළා කරමින් විවිධ වෙළෙඳාම් හා ජාවාරම්වල නිරත වෙති. මේ අයුරින් එකිනෙක සමාජ කණ්ඩායම් තම තමන්ගේ අරමුණු හා ඉලක්ක කරා ඇදී යන බව පැහැදිලිව දැක ගත හැකිය. අප පොදුවේ සමාජ කණ්ඩායමක් නියෝජනය කරන්නේ නම්, එම කණ්ඩායමේ මතය ඉදිරියට ගෙන යා යුතුය. එසේ කිරීම වරදක් නොවේ.එහෙත් මේ මොහොතේ රටට ලැබෙන ඩොලර් ටික,තෙල් ටික පවා විනාශ කරන්නට උත්සහා දරන මේ අරගල වල අරමුණ කුමක්ද යන්න අපැහැදිලි තත්වයකි.

ආර්ථික දුෂ්කරතා පවතින්නේ වුව අප රට ආරක්ෂා කළ යුතුය. එහි සාමය ස්ථාපිත කිරීමට උපරිම සහයෝගය දැක්විය යුතුය. ඔබගේ විරෝධතාව සාධාරණ වුව එය දක්වන විලාසය අනුමත කළ නොහැකිය. අප අපේක්ෂා කරන සාමය හා සමෘද්ධිය මේ ආකාරයේ විරෝධතාවලින් ඉටුකර ගත හැකි ද යන්න ගැටලුවක් පමණක් අපට අද ඉතිරි වී ඇත.

-පංචාලි

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us