ජනාධිපතිවරයා ගත්තේ නිවැරදිම තීන්දුද ??? Featured

Tuesday, 19 April 2022 18:37

අද මුළු රටම 225ම ප්‍රතික්ෂේප කරන තත්වයකට පත්ව ඇති අවස්ථාවක ඊයේ දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයේ සුවිශේෂී වෙනසක් සිදු කරයි..

ඒ අනුව තරුණ නායකත්වයන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් නව කැබිනට් මණ්ඩලයක් පත් කෙරුණි. පත් කෙරුණු කැබිනට් මණ්ඩලයේ දොළොස් දෙනෙකු නවකයන් වෙතත් ඔවුන් දේශපාලනයට හෝ රාජ්‍ය පාලනයට හෝ නවකයන් නොවීමත් අවධානයට ගත යුත්තකි.

අද රටේ බහුතරයක් තරුණ තරුණියන්ගේ ප්‍රධාන ඉල්ලීමක් බවට පත්ව ඇත්තේ රාජ්‍ය පාලනය තරුණ තරුණියන් අතට පත් විය යුතු බවය. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ එම ඉල්ලීම ඉෂ්ට කිරීමට දීර්ඝ කාලයක් ගත විය හැකි නමුත්, ඒ ඉල්ලීමට යම් පමණකින් කන් දීමට ජනාධිපති රාජපක්ෂ කටයුතු කර ඇති ආකාරය නව කැබිනට් මණ්ඩලය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන කරුණකි. එසේනම් ජනාධිපතිවරයා තැබූ විශ්වාසය මෙන්ම රටේ ජනතාවගේ විශ්වාසය රැකීමද මේ කැබිනට් මණ්ඩලය සතු වගකීමක් වනු ඇත.

එසේම අනෙක් පසින් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් තම අමාත්‍යධුර නවකයින්ට පරිත්‍යාග කිරීම විශිෂ්ඨ පරිත්‍යාගයක් ලෙස සැලකිය හැකිය . රට පත්ව ඇති අර්බුදකාරී තත්වය තුළත් ,ජනතාවගේ අප්‍රසාදය තුළත් ස්‌වය කැමැත්තෙන් රටත්, ආණ්ඩුවත් සුරැකීම සඳහා සිය අමාත්‍ය ධුරඅත්හැරීම ඔහුන් ගත් එඩිතර තීන්දුවක් බව කිව යුතුය.

අළු යට ගිනි පුපුරු මෙන් තිබූ ආර්ථික, සමාජීය හා දේශපාලනික අර්බුද කොවිඩ් වසංගතය හේතුවෙන් උඩට මතුවී අද මහා උග්‍ර අර්බුදයක් දක්වා මෙය ඔඩු දුවා ඇත.එහෙත් සත්‍යවශයෙන්ම කීමට ඇත්තේ ජනාධිපති රාජපක්ෂ අද මුහුණ දෙමින් සිටිනුයේ ඔහුගේ පාලන සමයේ මතු වූ ගැටලුවලට නොවන බවයි.
කලින් පැවැති ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් අරාජිකත්වයට පත්ව තිබූ රට ගොඩ ගැනීම ඔහු ඉදිරියේ තිබූ ප්‍රධානතම අභියෝගය විය.. සිය සෞභාග්‍යයේ දැක්ම මඟින් රට ගොඩනංවන සැලසුම් සකස් කර තිබුණද, බලයට පත් වී නොබෝ දිනකින් ලෝකය වෙළා ගත් කොවිඩ් වසංගතය හේතුවෙන් ඒ සැලසුම් ක්‍රියාවට නැංවීම වෙනුවට රටක ජනතාවට වගවන නායකයෙක් ලෙස සියලු සැලසුම් පසෙක ලා පුරවැසියාගේ ජිවිත සුරක්ෂ කිරීමට ජනාධිපතිවරයාට සිදු වූ බව අද උද්ඝෝෂණය කරමින් හඩ නගන්නන්ට අමතකදැයි අප නොදනී. ජනාධිපති රාජපක්ෂ අද මුහුණ දෙමින් සිටිනුයේ මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරයකු මුහුණ දුන් අසීරුතම ගැටලුවලට බව විවාදයක් නැත.

කෙසේවෙතත් දේශපාලන සහ ආර්ථික අර්බුද උත්සන්න වූ සති තුනක පමණ කාලය තුළ ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය නිරීක්ෂණය කිරීමේදී අපට පෙනී යන්නේ ඔහු ගැටලුව නිවැරැදිව හඳුනාගෙන ඇති බවය. ඒ අනුව කැබිනට් මණ්ඩලය පළමුව වෙනසකට භාජනය කරමින් මෙම අර්බුදයට ඉක්මන් විසදුම් සෙවීමට ජනාධිපතිවරයා පියවර ගනිමින් සිටින බව පැහැදිලිය. එහෙත් මේ වන විට රට පුරා දියත්වෙමින් ඇත්තේ සැබෑ ජනතා අරගලයක් නොවන බවත් ආණ්ඩු බලය ලබා ගැනීමට ආණ්ඩු විරෝධි කණ්ඩායම් දියත් කරන සටනක් බවත් දැන් පැහැදිලි වෙමින් පවතී.

වසන්තයට පමණක් නොව ඉඩෝරයෙදිත් මල් පල දරන්නා සේ අද රටට සුබදායි පණිවුඩයක් රැගෙන ඒමට නව මුදල් අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු ජනාධිපති නීතිඥ අලි සබ්රි ඇතුළු දූත පිරිස අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ බලධාරීන් හමු වීමට වොෂින්ටන් නුවර බලා ගොස් තිබෙන අතර එහිදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල සුබදායි ප්‍රතිචාරයක් දක්වමින් සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට ඕනෑම මොහොතක සහාය පළ කරන බවයි..

රට හමුවේ ඇත්තේ දැන් කව්රු රට බාර ගත්තද මඟහැර යා නොහැකි අභියෝගයකි. මෙතුවක් කල් රාජපක්ෂ පාලනයන් තුළදී මුහුණ දුන් සියලු අභියෝග සාර්ථකව රාජපක්ෂලා ජයගත්තා සේ මේ අර්බුදයත් ගෝඨාභය ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට ජයගත හැකි බව අපගේ ඒකායන විශ්වාසයයි. රටේ ඉදිරි අනාගතය තීරණය වන්නේ ඒ අභියෝගයට ජනතාව සහාය වන ආකාරය අනුවය. ජනාධිපතිවරයාම වරක් කී පරිදි ශ්‍රී ලාංකේය ජනතාව නොයෙකුත් අභියෝගවලට මුහුණදී සාර්ථකව ජයග්‍රහණය කළ ජාතියකි. අප වඩාත් ශක්තිමත් වනුයේ අභියෝග හමුවේදීය. අභියෝග නැති තැන නිසොල්මනේ සිටි ශ්‍රී ලාංකිකයෝ අභියෝග හමුවේ සිංහ ලීලාවෙන් නැඟී සිටිති. අද අප සිටිනුයේද එසේ සිංහ ලීලාවෙන් නැඟී සිටිය යුතු තැනකය. රටත්, ජාතියත් වෙනුවෙන් නැඟී සිට මේ අභියෝගය ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට ජනාධිපති රාජපක්ෂ ප්‍රමුඛ කැබිනට්ටුව සමත් වනු ඇතැයි අප බලාපොරොත්තු දල්වා ගෙන බලා සිටින්නෙමු.

-පංචාලි

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us