රට වෙනුවෙන් යුතුකම ඉටු කරන්න ඔබ සුදානම්ද ? Featured

Monday, 18 April 2022 18:29

රටට විදේශ විනිමය ලැබුණු ප්‍රධාන ආදායම් මාර්ග වූ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායමත්, විදේශ රටවල සිටින ශ්‍රමිකයන් එවන මුදල් අඩු වීමත්, පාස්කු ප්‍රහාරයත්, කොවිඩ් වසංගතයත් බලපෑවා.

ඒ වගේම විශේෂයෙන් අලුත් පරම්පරාව ඉලක්ක කරමින් සමාජ මාධ්‍ත් විපක්ෂ දේශපාලකයොත් රජය අපහසුතාවයට පත් කරන්න තියෙන අවශ්‍යතාවයට ශ්‍රමිකයන්ට ලංකාවට මුදල් නොඑවන ලෙස ඉල්ලීම් පවා කලා. රටේ ව්‍යාජ මතයක් ඇති කළා විදෙස් ශ්‍රමිකයන් රටට එවන මුදල් සොරාකනවා, ඒ නිසා මුදල් එවන්න එපා කියලා. මේ කතාව විශ්වාස කළ අය මුදල් එව්වේ නෑ. එවැනි විශ්වාසයකින් කටයුතු කළ අය මගේ මුදල් කවුරු හරි හොරකම් කරනවා ඇති කියලා හිතන එක සාධාරණයි. මොකද, ඔවුන් දන්නා ප්‍රමාණයට තමයි ඒ තීරණ ගන්නේ. හැබැයි. ඔවුන්ටම ඒක දැන ගන්න තිබුණා, තමන් යවපු මුදල් ගෙදර අයට ලැබුණා ද නැද්ද කියල අහලා බැලුව නම්. එතකොට දැනගන්න පුළුවන් ඒ සල්ලි කවුරු හරි හොරකම් කරල ද නැද්ද කියලා. එවැනි තහවුරු කර ගැනීමක් නෑ. කවුරු හරි කියපු දෙයක්, අහපු දෙයක් පිළිගත්තා මිසක් එවැනි සොයා බැලීමක් නෑ. අපේ රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධානම ක්‍රමයක් තමයි මේ විදේශගතව ඉන්න අය ලංකාවට එවන මුදල්.

අනෙක ඩොලරයට නියමිත අගය ලැබෙන්නේ නෑ කියන ගැටලුව නිසා සමහරු ඩොලර් එව්වේ නෑ..ඒ රටට වඩා තමන්ගේ බඩගෝස්තරය වැදගත් කියල හිතපු අය. ඩොලරයේ අගය පාවෙන්න ඉඩ හැර නියම වටිනාකම ලැබෙන ඉඩහදලා දුන්නත් ඩොලර් එවන්නේ නෑ..තවත් මිල ඉහළ යන්කම් මේ අය බලන් ඉන්නවා.. මේ මිනිස්සුම තමයි පිටරටවලට වෙලා, රට ජාතිය බේරගන්න ඕන කියලා බොරුවට කෑගහන්නෙත්..

රට අසීරුතාවට මුහුණ දී සිටිනවා නම් මේ රටේ අවුරුදු 13ක් නිදහස් අධ්‍යාපනය යටතේ බදු ගෙවන සෑම පුරවැසියකුගේම මුදලින් ඉගෙන ගෙන තවත් අවුරුදු 4,5ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හරි වෘත්තීය පුහුණු පාඨමාලා හරි හදාරලා පිටරටකට ගියාම තමන් වෙනුවෙන් මේ රට, මේ රටේ මිනිසුන් කළ කැප කිරීමට කෘතවේදීත්වය දැක්වීමේ යුතුකමක් තියෙනවා. වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් වගේ වෘත්තිකයෙක් බිහි කරන්න අවුරුදු 20කට කිට්ටු කාලයක් මේ රටේ මිනිස්සු මොන තරම් කැපකිරීමක් කරනවාද? එවැනි වෘත්තිකයෙක් විදේශගත වුණාම ඔවුන්ට මේ රට ගැනත් හැඟීමක් තිබිය යුතුයි. එක එක කටකතා පස්සේ යමින් මේ යුතුකම පැහැර හැරීම සාධාරණීකරණය කරන්නේ කොහොමද? තමන් එවන සල්ලි හොරා කෑවද කියලා තමන්ටම සොයා බලන්න පුළුවන්. ඒක කරන්නේ නැතිව එක එක්කෙනා කියන දේවල් මත නම් තමන් තීරණ ගන්නේ ඒක ප්‍රශ්නයක්. වංචා දූෂණ කියන ඒවා නොවෙනවා නෙවෙයි. ඒවා සිදු වෙලා තියෙනවා කියල තහවුරු වෙලා තියෙනවා . ඒවාට දඬුවම් කරලා නැත්නම් නිකම්ම කවුරු හරි කිව්වයි කියල ඒවා පිළිගන්න පුළුවන්කමක් නෑ. සත්‍යතා තියෙනවා වගේම දුර්මතත් තියෙනවා. මේ ගැන අවබෝධයෙන් ක්‍රියා කළ යුතුයි. ඒ වෙනුවට වුණේ තමන් උපයන මුදල් උණ්ඩියල් ,හවාලා වැනි නීත්‍යානුකූල ⁣නොවන ක්‍රම හරහා ලංකාවට මුදල් යවන්න පටන් ගත්ත හොර රහසේ. ඒ මුදල් බ්ලැක් මාකට් එකේ අලෙවි කරන්නෙ කවුද කියලා මේ අය කල්පනා කරන්න ඕනෑ. මේ වැඩේ නිසා අපේ රටේ ආර්ථිකය තවත් වැටෙන්න පටන් ගත්ත.
නමුත් මේ වනවිට උපන් බිමට ආදරය කරන අපේ විදේශගත ශ්‍රමිකයො එකතුවෙලා රජය පිළිගත් මූල්‍ය ආයතන හරහා පමණක් ලංකාවට මුදල් එවමින් පවතින බවත් මතක් කළ යුතුයි.

මධ්‍යම පංතික කොටස් අසාමාන්‍යය ලෙස විනෝදාස්වාදයට, පාරිභෝජනයට අධිකව මුදල් වියදම් කළා. මෙන්න මේ නාස්තිකාර පැලැන්තියේ අයට ඒවා අහිමි වීම නිසා තමයි අද අසහනකාරී තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නෙ. අද පාරක් පාරක් ගානේ විරෝධතා පවත්වමින් යන්නේ මෙන්න මේ පංතීන් නියෝජනය කරන අය. තමන්ගේ සුඛ විහරණයට වුවමනා කළ ගෑස්, ඉන්ධන, විදුලිය නැති වුණාම ඒ අයට විශාල ප්‍රශ්නයක්. අනෙක මේ අවශ්‍යතා නැත්තටම නැතිවෙලා නැහැ. හිඟ තාවයක් පමණයි මේ වන විටත් පවතින්නේ.. ඒකට හේතුව ආණ්ඩුව නොවෙයි.. විදෙශ් විනිමය මාර්ග ඇහිරීම. ඒකටත් මේ රටේම පුරවැසියනුත් යම් තරමක් වග කිව යුතුයි..කොහොම හරි තමන්ගේ සුඛවිහරණය අඩු පාඩු සහිත වෙනකොට ඒ රට ගැන හිතලා දරා ගන්න බැරි ආත්මාර්ථකාමී අය තමයි මේ එළියට බැහැලා ඉන්නේ.
කම්කරුවෝ,ගොවියෝ, ධීවරයෝ එදිනෙදා වේල සරිකර ගන්න සාමාන්‍ය ජනතාව නෙවෙයි මේවාට වගකියන්න ඕනෑ. නමුත් මේ තත්ත්වය නිසා පීඩාවට පත්වෙලා ඉන්නේ සත්‍ය වශයෙන්ම මේ වගේ පිඩිත පංතියයි. අපි මේ කාරණය තේරුම් අරගෙන ක්‍රියා නොකලොත් එයින් සිද්ධ වෙන අනිසි ප්‍රතිවිපාකත් විදින්න වෙන්නේ සියලු පුරවැසියන්ට බව සිහි තබා ගනිමු.. බඩජාරියනේ නොසිඳෙන බඩගින්න නිවන්න රටක් බිල්ලට දෙන තැනකට අද පත්වෙලා කියන එක තමයි ගෝල්ෆේස් වියරු සැණකෙළියේ තේරුම.

-පංචාලි

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us