සමනලයෙක් නිහඩ කළ දා ...... Featured

Wednesday, 16 February 2022 09:05
wijaya funaral wijaya funaral

කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග 1945 ඔක්තෝබර් 9වනදා මෙලොව එලිය දුටුවේය. කුඩා විජය පසු කලක මෙරට නොමැකෙන සලකුණක් තබන මානව හිතවාදියෙකු වේයැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත.

පුරුෂයකට උරුම විය යුතු මනා පෞරශයක් උපතින්ම හිමි කර ගත් විජය තම ලස්සන රුව සිංහල සිනමාවට දායාද කළේය .හන්තානේ කතාවෙන් සිනමාවේ මුල් පියවර තැබූ විජය එදා මේද තුර සිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය නළුවා බවට පත්විය. ජිවිත සිනමාවේන් වසර 34කට පෙර සමුගත්තත් විජය කුමාරතුංග නම් වූ ඒ දැවැන්ත චරිතය අදටත් සිංහල සිනමාවේ නොමැකෙන සටහන විය.
සිනමාවේ සිහින කුමාරයා වූ විජයට රටම පෙම් කළේය .ඒ ප්‍රේමය විජය කොතරම් ජනතාව වෙන පුද කලේද යත් ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලන අත්පොත කියවා පසු කලක මෙරට ප්‍රබලම සාධකයක් විය හැකි දේශපාලන බලවේගයටද මුල පිරිය.

ශ්‍රී ලංකා නිදහන් පක්ෂයට එකතු වූ විජය පක්ෂයේ උනතිය උදෙසා දිවිහිමියෙන් කටයුතු කළේය. වරෙක ජනාධිපති ජේ.ආර් ජයවර්ධනගේ නියෝගයෙන් නැක්සලයිට් චෝදනාවට විජයට හිර බත් කෑමටද සිදුවිය. කටුක දේශපාලනයක නිරත වුවත් සුන්දර සිනමාව අමතක නොකළ විජය නිරන්තරයෙන්ම ලස්සන රුපය සිංහල සිනමාවට පුද කළේය. චන්ද්‍රික බණ්ඩාරනායක සමග විවාහ වීමෙන් විජය කුමාරතුංග බණ්ඩාර නායක පවුලටද එකතු විය. විජය සැමදා සිටියේ පොඩි මිනිසා සමගය .වල්ව්වෙත් මන්දිරයෙත් පදික වේදිකාවේත් සෑම කෙනෙක්ම විජයට ආදරය කළේය.
කිසිදා කිසිකලක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුවත් නොවූ විජය කුමාරතුංග ශ්‍රීලංකා මහජන පක්ෂය බිහිකොට එක්සත් සමාජවාදී පෙරමුණ නමින් වමේ බලවේගද එක් කළේය .විජයගේ මේ දේශපාලනය ගමන් මග ඉවසා ගත නොහැකි වූ කොටසක් විය. එ ජනතා විමුක්ති පෙරමුණයි. ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා වියාපාරය මේ පුංචි දිවයිනේ සමනල්ලු දහස් ගණනින් මරා දැමුවෝය . ජනතා විමුක්ති පෙරමුණේ ජනතා වියාපාරය උගතුන් ,වියතුන් නළුවන් ,නිලියන් හා කවියන් අමානුෂික ලෙස මරා දැමුවේ මෙරට බොරු විප්ලව වාදීන්ගේ හා පුස්සන්ගේ දේශයක් බවට පත් කොට සාමකාමී මිනිසුන් අහිමි පාළු මුසල දේශයක් කරන්නටය. ජනතා විමුක්ති පෙරමුන 1987අගෝස්තු මාසයේදී රහසිගත මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගෙන ඇත. ඒ විජය ඉවත් කලයුතු බවටයි. ඒ යෝජනාවට එදා ජනතා විමුක්ති පෙරමුණේ නන්දන මාරසිංහ විරුද්ධ විය. අවසානයේදී නන්දන මාරසිංහ ජනතා විමුක්ති පෙරමුණ විසින් ජිවිතයේන් ඉවත් කරනු ලැබිය.

87 විජය ඉවත් කිරීමේ ජවිපෙ යෝජනාව 1988දී ක්‍රියාත්මක විය .ඒ මුසල දිනය පෙබරවාරි 16වනදා විය. දහවල් 12.45ට පමණ තම ආදරණිය දරු දෙදෙනා සමග පොල්හේන්ගොඩ නිවස ඉදිරිපිටට විජය පැමිණියේ තමන් හමුවීමට සහෘදයකු පැමිණි බව සිතාය. විජය කුමාරතුංග නම් වූ ලස්සන දැකුම්කළු ආකර්ශනීය මිනිසා, දුව යශෝදරා පුතා විමුක්ති දෑතේ එල්ලී සිටියදී ඝාතනයේ උණ්ඩය විජයගේ ඔලුවට එල්ල විය. මිනිසුන්ට අසීමිත ලෙස ආදරය කල විජයට, මිනිසුන්ට කිසිකලකවත් ආදරය නොකල ජනතා විමුක්ති පෙරමුණේ ඝතකයකුගෙන් එල්ල වුයේ වෙඩි වරුසාවකි

ඒ වෙඩි වරුසාවෙන් සමනලයෙක් නිහඩ විය...........!

විජයගේ ලස්සන මුහුණට ඊර්ශ්‍ය කල ජනතා විමුක්ති පෙරමුණ විජයගේ මුහුණ විකෘති කලේ ඔහුගේ ලස්සන, දෑසින් බලා සිටි දහස් ගණන් රසිකයින් සමූල ඝාතනය කරමිනි. විජයගේ ඒ මුහුණ බලා කදුලක් හෙලීමට අවසර නොදීම තරම් ඝාතකයා සැහැසි විය. වෙඩි උණ්ඩයෙන් විජය කුමාරතුංග නම් මානව හිතවාදීයා ජනතා විමුක්ති පෙරමුණ විසින් නිහඩ කරනු ලැබුවත් විජය කුමාරතුංග නම් වූ ජනතාවාදී කලාකරුවාත් දේශපාලඥයාත් ජනතා හදවත් තුලින් කිසිදා කිසිකලක නිහඩ කල නොහැකි බව විජය කුමාරතුංගයන්ගෙන්ම දැන් ඔප්පු කොට පෙන්වා හමාරය.
අද මොන සමාජ වාදය ගැන නන්දොඩවමින් ජවිපෙ පැමිණියත් කොටියාගේ පුල්ලි වෙනස් වී නොමැති බව විජය කුමාරතුංගයන්ගේ අනුස්මරණ දිනය දා යළි සිහිපත් කරමි.

-පංචාලි

Last modified on Saturday, 19 February 2022 16:19

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us