ඉල්ලං කන්න එපා..ජනාධිපතිවරයා කිව්වේ හරි දේ හරි විදිහටයි Featured

Friday, 26 November 2021 12:43

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. එහෙම නොවුණොත් වන්නේ අසන්නා මුලින්ම නොමඟ ගොස් මුග්ධයකු වන අතරම අනෙකුන්වද නොමඟ යැවීම සිදු කිරීමය.

පසුගියදා නව කැළණි පාලම විවෘත කිරීමේදී ජනාධිපතිවරයා පැවැසූ දේ වැරැදියට තේරුම අරගෙන වැරදි අර්ථ කථන දෙමින් විපක්ෂයේ මුග්ධයන් පිරිසක් හැසිරෙමින් සිටින බව පෙනෙන්නට තිබේ. ඇතැම් විට මෙය මුග්ධ කමටත් වඩා තිබෙන තක්කඩි කම ලෙස වටහා ගැනීම වැරදිත් නැත. මන්ද ජනාධිපතිවරයා සිය ප්‍රකාශය තුළින් අදහස් කරල ලද දේට වඩා හාත් පසින්ම වෙනස් අදහසක් සමාජ ගත කරමින් සමස්ථ සමාජයම නොමඟ යැවීමේ ප‍ටු දේශපාලනික වුවමණාවක් මෙයින් පෙන්වා තිබෙන බැවිනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන වලට අදාලව ජනාධිපතිවරයා පවසා සිටියේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව විසින්ම පත් කළ ජනාධිපති කොමිසම මඟින් එවකට හිටපු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මීට වගකිව යුතු බවට නිර්දේශ කර ඇති බවත් එම වාර්තා සහ මේ සමබන්ධයෙන් අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන ආදිය නීතිපතිවරයාට ලබා දී රටේ නීතිය ප්‍රකාරව, ස්වධීන අධිකරණය මඟින් යුක්තිය ඉ‍ටු කරනු ඇති බවය. තමන් පසුගිය ආණ්ඩුව මෙන් දේශපාලන පළිගැනීම් කිරීමට ඊට ඇඟිලි නොගසන බවය. එහෙත් එහෙම අවශ්‍ය නැතිනම් තමන්ට තිබෙන් බලය පාවිච්චි කර පාර්ලිමේන්තු පනතක් මඟින් පාස්කු කොමිසමේ නිර්දේශ මත වගකිව යුත්තන්ගේ අයිතිවසිකම් ( ප්‍රජා අයිතිය) අහෝසි කර දැමිය හැකි බවත්ය. මෙහිදී ජනාධිපතිවරයා පැහැදිලිව අවධාරණ කළේ නීතිය අනුව කටයුතු කරන බව මිසක් තමන්ට ජනතාව විසින් පැවැරූ බලතල හිතුවක්කාරී ලෙස උපයෝගි කර නොගන්නා බවය.( video link https://www.facebook.com/hsenid.ekayanassid/videos/740688967323503)

එහෙත් විපක්ෂයේ තක්කඩීන් මෙහි අල්ලා ගත්තේ එක කොටසක් පමණය. එයත් විකෘති කර වැරදි අදහසක් ජනිත වන ලෙසය. එනම් ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඬුවම් නොදී ඔවුන්ට තර්ජනය කරමින් දේශපාලන වාසි තකා තමන්ගේ පාලනය යටතේ තබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව හැඟවීමය. සත්‍ය ලෙසම මීට පෙර ඉතිහාසයේ දුෂිත අපරාධකාරී දේශපාලකයන් සම්බන්ධයෙන් තොරතුරු සාක්ෂි එක් රැස් කරගෙන ඒවා පෙන්වා වැඩිය දැඟලුවොත් දඬුවම් විඳින්න සිදුවෙයි කියන තර්ජනය කරමින් තමන්ට පක්ෂපාතව ඔවුන්ව තබා ගත් රාජ්‍ය නායකයන් ගැන ඕනෑ තරම් කතන්දර තිබිණි. ආණ්ඩු මාරු වෙන විට කිසි හිරිකිතයක් නැතිව පැත්ත මාරු කරමින් තමන්ගේ දේශපාලන විරුද්ධවාදියාගේ වුව පැත්ත ගන්නා දේශපාලකයන් බොහොමයක් දෙනා මෙහෙම දූෂිතයන්ය. නීතියෙන් බේරී තවදුරටත් දුෂිත අපරාධකාරී දේශපාලන ජීවිතයම නඩත්තු කරමින් සිටිමටද මෙවැනි දේ හරහා මේ අය පෙළඹීද සිටී. තමන්ට නඩු වැටෙන්නෙ නැති නම් තමන්ගේ ජාවාරම්කාරී අපරාධකාරී දේශපාලන ජීවිතය තවදුරටත් පවත්වාගෙන යා හැකි නම් ඔවුන්ට තමන්ගේ දේශපාලන පක්ෂය හෝ තමන්ගේ ඊනියා දේශපාලන ප්‍රතිපත්ති හෝ තමන් වෙනුවෙන් බලාපොරොත්තු තබා ගෙන තමන්ට ඡන්ද දුන් ජනතාව හෝ එවිට වැදගත් නැත. ඒ තත්වයන් තමන්ගේ දේශපාලන බලය පවත්වාගෙන යෑම වෙනුවෙන් යොදා ගත් රාජ්‍ය නායකයන් මේ රටේ ඉතිහාසයේ සිටියේය.

එහෙත් ගෝඨභය රාජපක්ෂ ජනාධිතිවරයා තමන් එතැනින් වෙනස් රාජ්‍ය නායකයකු බව පැහැදිලිව පෙන්වා තිබේ. කැළණි පාලම විවෘත කිරීමේ උත්සවයේදී කළ ප්‍රකාශයෙන් යළි අවධාරණය කළේ එය මිසක් වෙන උද්ධච්ච, ඒකාධිපතියකුගේ මෝඩ ප්‍රකාශයක් නොවෙයි. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී නායකයකුගේ නීතියට ගරු කරන ස්වාධීන අධිකරණ ක්‍රමය පිළිගන්නා නියම ජනතා හිතවාදී නායකත්ව ගුණයක් ඔහු මෙහිදී පෙන්වා තිබේ. ඔහුට ජය ගත යුතු පටු පක්ෂ දේශපාලන ගේම් හෝ ඩීල් නොමැති බවත් මේ අනුව පැහැදිලිය. වැරදි කරුවා කවරකු වුවත් එය නීතිය හමුවේ ඔප්පු වේ නම් ඔහු දඬුවමට යටත් විය යුතුය. ජනාධිපතිවරයාගේ අවධාරණය එයය. නීතිය සමඟ, අධිකරණය සමඟ සෙල්ලම් කරමින් ඊට වෙට්‍ටු දමමින්, තමන්ගේ දූෂිත බව අපරාධකාරී බව වහගන්න තමන් යටතේ ඉඩ නැති බව ඔහු අවධාරණය කරනවා පමණක් නොව එය ක්‍රියාවෙන්ද පෙන්වා දීමට ජනාදිපතිවරයාගේ ඇති අධිෂ්ඨානය විපක්ෂ තකක්ඩීන්ට දැන් දිරවා ගත නොහැක.

එහි හොඳම ප්‍රකාශය සිදු කළේ හිටපු ජනාධිපති සිරිසේනය. අපිට ගහන්න එපා.. අපි ගහන්න ගත්තොත් ගහන්නේ වෙනස් ක්‍රමයකට යනුවෙන් ඔහු පවසා සිටියේ.., 'අපි වැරැදියි තමයි.. අනේ ඒවා එළියට අදින්නෙ නැතුව වහගෙන ඉන්නකෝ..එතකොට අපිට මිතුරන් ලෙස එක බත්පත කාගෙන වැඩ කරගෙන යන්න පුලුවන්නේ.... එහෙම නොවුණොත් අපිටත් කේන්ති යනවා.. එතකොට අපිත් ගහයි..ඒත් ගැහුවත් මූණට මූණ ගහ ගන්න අපිට බෑ... අපි කරන්නෙ වෙන කුමන්ත්‍රණ.. කාටවත් හොයා ගන්න බැරි වෙන්න.. එහෙම උනොත් ඔයාලට ගොඩක ඌයියා වෙයි..එතකොට ඔයාල පව්... ඒ නිසා අපිට නොගහා ඉන්න හොඳේ.....' කියන්නා වගේ ප්‍රකාශයකි.

ජනාධිපතිගේ සහ හිටපු ජනාධිපතිගේ ප්‍රකාශ දෙක අනුව ඇත්තටම වැරැදිකාරයා කවුද කියන එක පැහැදිලිය. තව අමුතුවෙන් අ‍ටුවා ටිකා ටිප්පනි ලියමින් ඒ ගැන තවත් පැහැදිලි කළ යුතු නැත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන තවදුරටත් සිදු කෙරෙමින් තිබෙන අතර අවසන් කෙරුනු විමර්ශන අනුව නඩු පැවැරීම් ගනනාවක්ද සිදුකර විභාගයන්ද අරම්භ වී තිබේ. ප්‍රහාරයට වගකිව යුත්තන්ට අධිකරණය විසින් රටේ නීතිය අනුව යුක්තිය පසිඳලා දිය යුතු දඬුවම ලබා දෙනු ඇත. මෙයට වගකිව යුත්තන් හැර වෙන කිසිවකුත් මෙයින් කලබල වෙන්නවත් වේදනාවට පත් වන්නවත් අවශ්‍ය නැත. මෙම අධිකරණ කටයුත්තට යම් සාධාරණ කාලයක් ගත වෙනු ඇත. ඒ වැලැක්විය නොහැකිය. ප්‍රහාරය සිදු කළ බොම්බ කරුවන් සියලු දෙනාමත් මියගොස් ඇති නිසාත්, මෙයට දේශිය සහ විදේශීයව පැතිරුණු විශාල ත්‍රස්ත ජාලයක සම්බන්ධතා ඇති නිසාත්, එවකට මෙරට බුද්ධි සේවාවේ සහ පැවැති දේශපාලන අධිකාරියේ දුර්වල කම් හෝ සම්බන්ධතා හඳුනාගෙන තිබෙන නිසාත්, තවදුරටත් අත්‍යවශ්‍ය සාක්ෂි ‍රැස්කිරීම සිදු වෙමින් පවතින නිසාත් සහ මෙය සංකීර්ණ සිදුවීම ජාලයක් සමඟ පැටැලී ඇති නිසා මෙහි අගක් මුලක් මැදක් සොයා හරියටම සිදුවූ දේ පැහැදිලි කර ගනිමින් වැරදි කරුවන්ට දඬුවම් දිමත් ඒ හා සමානවම අසීරු, දිගුකල් ගත වන කටයුත්තකි.

මේ නිසා 'කෝ පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් දුන්නද ?' කියමින් හැම මාසයකම 21 වෙනිදාට මෝඩ කතා කියමින් හැසිරෙන මුගධයන් මෙන් නොව සිහි බුද්ධියෙන් මේ සිදුවෙමින් තිබෙන නෛතික ක්‍රියාදාමය ගැන ඇස් ඇරගෙන බලන් සිටීම වගකිව යුතු පුරවැසියන් සිදු කළ යුතුයි. එසේ නැතුව වගඋත්තර කරුවන්ගේ තක්කඩිකම්වලින්, කුමන්ත්‍රණවලින් මේ කතන්දර යට ගැසීම සිදු වුවහොත් අනාගතයේදීත් රටත්, පුරවැසියන් වන අප සියලු දෙනාමත් යළි ත්‍රස්තයන්ගේ බිල්ලක් වීම වැලැක්විය නොහැකි වෙනු ඇත. ඒ නිසා හරි දේ හරි විදිහට කරන්න අප ඉඩ දිය යුතුය. ඊට සහය දිය යුතුය. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ගන්න උත්සාහයට අප ගරු කළ යුතුය.

 

- the novemberist

Last modified on Friday, 26 November 2021 12:44

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us