කින්නියා ඛේදවාචකයේ ඇත්ත නැත්ත ...  

Wednesday, 24 November 2021 23:21

සමාජයේ සිදුවන ඛේදවාචකයන් සමඟ ඒ ගැන නොයෙක් ආකාරයේ සමාජ ආර්ථික දේශපාලනික විග්‍රහයන් මතුවීම සාමාන්‍ය දෙයකි. එහෙත් ඒ කවර විග්‍රහයන් මත වුවත් ඛේදවාචකයක බර සැහැල්ලු කළ නොහැක. ඒ එසේ වුවත් සිද්ධියක සත්‍ය තත්වය පැහැදිලි කර ගැනීමකින් තොරව ඉදිරියට විය හැකි ඛේදවාචක වලක්වා ගැනීම ත් කළ නොහැකි දෙයකි. කින්නියා ඛේදවාචකය ගැන කතා කරන්න අවශ්‍ය වන්නේ මේ සත්‍ය තත්වය හෙළි කිරීම වෙනුවෙනි.

දේශපාලන, ආර්ථික, සමාජීය වශයෙන් රටේ දැවැන්ත පරිවර්තනයක් සිදුවූ අවධියක් ලෙස වසර 2005 ත් 2015ත් අතර කාලය හැඳිනගත හැක. රටේ බිහිසුණු යුද්ධයක් පැවතිය ද 2005-2010 වකවානුව රටට දැනෙන සංවර්ධනයක් ක්‍රියාත්මක වූ බව අපට අමතක කරන්න නොහැකියි. කින්නියා ඛේදවාචකය ගැන ,එහි සැබෑ වග උත්තරකරුවන් ගැන කතා කිරීමට කළින් කින්නියා පාලමෙහි ආරම්භය ගැන අප නැවත මතක් කරන්නෙමු.

කින්නියා පාලම ඉදිකිරීමට පෙර එහි වැසියන් කොඩ්ඩිආරම් බොක්ක හරහා ගමන් කළේ, පාලම් පාරුවෙන්. එය තරමක අවදානම් සහගත ගමනක් විය. එහි පාලමක් ඉදිකිරීමට පැවති රජයන් 18 වතාවක් මුල්ගල් තබා තිබේ. එහෙත් කින්නියා පාලම් සිහිනය යථාර්ථයක් බවට පත්වුනේ, 2005 වසරෙන් පසුවයි. මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයාව සිටියදී ආරම්භ කළ පාලමේ ඉදිකිරීම් කඩිනම් කෙරුණේ, එතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුවයි. ඒ අනුව 2009 වසරේ ඔක්තෝබර් 10 වැනි දින ලංකාවේ දිගම පාලම ලෙස කින්නියා පාලම ජනතා අයිතියට පත් කෙරිණ. එය දිගින් මීටර් 396 යුක්තය.

එහෙත් ඊයේ දිනයේදී නැවතත් කින්නියා ප්‍රදේශයේ පාලමක් නොමැති වීම නිසා වූ මහා ඛේදවාචකයක් අපට අසන්නට ලැබුණා. ඒ ත්‍රිකුණාමලය - කින්නියා කලපුවේ - කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී හයදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්ය. මේ වන විටද සමාජය මෙම සිදු වීමට අදාළව දේශපාලන වාසියක් කර ගනිමින් විවිධ පාර්ශවයන් වෙත විවේචන එල්ල කරමින් සිටි. එහෙත් ඊයේ දින සිදු වූ මේ ඛේදවාචකයට වගකිවයුතු සැබෑම ඇත්ත කුමක්ද යන්න සමාජයට පැහැදිලි විය යුතු කරුණක්ව ඇත.

ඊයේ (23) උදෑසන 7.30ට පමණ පාලම් පාරුව අනතුරට ලක්වූ අතර, එම අවස්ථාව වනවිට එහි පුද්ගලයින් 30 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇත. අදාළ සිදුවීමෙන් දරුවන් ඇතුළු හයදෙනෙකු මියයෑමත් සමග ප්‍රදේශයේ ඇති වූයේ දැඩි නොසන්සුන්කාරී තත්වයකි. කෙසේ වෙතත් මෙම ඛේදවාචකය සම්බන්ධව පාර්ලිමේන්තුව තුළද උණුසුම් කතාබහක් ඇති විය. විපක්ෂය විසින් මෙම ඛේදවාචකය සිදු වුයේ ආණ්ඩුවේ වරදින් බව දැඩි විවේචනාත්මකව පාර්ලිමේන්තුව තුළ දී අදහස් ප්‍රකාශ කරමින් සිටියා .

කින්නියා ප්‍රදේශ වැසියන්ගේ බොහෝ කාලයක සිට සිහිනය වී තිබුණේ ප්‍රදේශයේ වැසියන්ට ගමන් කිරීම සදහා පාලමක් ඉදි කිරීමේ සිහිනයයි..ප්‍රදේශයේ කලපු හරහා පාලමක් නොතිබුණ නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටීම මිට හේතුවයි. ඒ නිසාම ඔහුන්ට පැවති ආණ්ඩුවල සහය පැතීමට සිදු විය.
ඒ අනුව යහපාලන සමය තුළදී ද විවිධ ඇමතිවරුන් මෙම පාලම ඉදිකිරීම සදහා මුල් ගල් තැබීම පමණක් සිදු කරමින් ජනතාවට තාවකාලික මානසික සුවයක් ලබා දීමට පමණක් කටයුතු කරා .

එහෙත් කිසිදු සහනයක් නොලැබුණ මෙම කින්නියා වැසියන් අවසානයේ අනාරක්‍ෂිත බෝට්ටු යොදා ගනිමින් කලපු හරහා ගමන් කිරීමට සිදු විය. එහෙත් වත්මන් ආණ්ඩුව පත් වූ පසු කින්නියා වැසියන්ගේ මෙම අවදානම් සහගත ගැටලුවට විසදුම් ලබා දීමට මෙම වසරේ අප්‍රේල් මාසය තුළදී ඉදිකිරීමට නියමිත පාලම් තුනෙන් එක් පාලමක් ඉදි කිරීම සදහා මුල් ගල තබමින් වැඩ ආරම්භ කරනු ලැබිය. ඒ අනුව පාලම් සාදා නිමවන තෙක් විකල්ප මාර්ගයක් ලෙස කිලෝමීටර් තුනහමාරක විකල්ප මාර්ගය භාවිතා කරණ ලෙස දන්වා ඇත. මේ අතර කින්නියා නගර සභාව මුදල් ඉපැයිම සදහා පාලම් පාරුවකට මාර්ග සංවර්ධන අධිකාරියෙන් අවසර ඉල්ලු නමුත් එයට අවසර ලබා නොදීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරනු ලැබුවා. එහෙත් කින්නියා නගර සභාව කිසිදු අවසරයකින් තොරව ජනතාවගේ ජිවිත අනතුරේ හෙලමින් ව්‍යාපාරිකයෙකුට පාලම් පාරුව සදහා අවසර ලබා දී තිබුණා .

මේ පිළිබදව අද දින පාර්ලිමේන්තුවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අදහස් දක්වා සිටියේ මෙසේය,

''යහපාලන ආණ්ඩුව ඇස්තමේන්තු කරන්නේ නැතුව,ටෙන්ඩර් කැදවන්නේ නැතුව ඔක්කොම මුල් ගල තියල තිබුණා. අපේ රජය ආවායින් පස්සේ ඇස්තමේන්තු කරලා ,ටෙන්ඩර් කරලා මේ පාලමේ කොටසක් ඉක්මණින් ලබා දෙන්න අපි කටයුතු කෙරුවා . මේ පාලම හදද්දී අතුරු මාර්ගයක් මේ ජනතාවට පාවිච්චි කරන්න අපි ලබා දීලා තිබුණා. හැබැයි මාර්ගය කිලෝමීටර් 3ක් දුරයි. ඒ නිසා ජනතාව එක පාවිච්චි කරන්න කැමති නැහැ. ඊළගට මේ ෆෙරි සර්විස් එක..දාල තියෙන්නේ නගර සභාවෙන් . ඒගොල්ලෝ තමයි ෆෙරි සර්විස් එකට අවසර ලබා දීලා තියෙන්නේ. ඒ හින්ද මේ පාරු සේවයට අපි අවසර දුන්නා කියලා කියන්න එපා. මේ දරුවෝ අරන් යද්දී කිසිම ආරක්‍ෂිත ජැකට් පළඳවලවත් නැහැ. ඒ නිසා මේක රජයට ඇගිල්ල දික් කරන්න හදන්න එපා..දේශපාලනීකරණය කරන්න හදන්න එපා '' යනුවෙන් අමාත්‍යවරයා අදහස් දක්වා ඇත.

මේ පිළිබදව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා අමාත්‍යවරයා මෙලෙස අදහස් පල කර සිටියා ,

''අපේ ආර් .ඩි එකෙන් කින්නියා ප්‍රාදේශීය සභාව අවසර ඉල්ලනවා පාලම් පාරුවක් දාන්න .අපි පැහැදිලිවම කියනවා පාරුවක් දන්නා එපා.අපි අවසර දෙන්නේ නැහැ කියලා . ඊළගට කින්නියා නගර සභාව අපෙන් අවසරයක් ඉල්ලනවා.අපි පැහැදිලිවම කියනවා අවසර ලබා දෙන්න බැහැ විකල්ප මාර්ගය පාවිච්චි කරන්න කියල. හැබැයි මෙහෙම තියෙද්දී තමයි කින්නියා නගර සභාව තමන්ට නැති බලයක් උපයෝගී කරගෙන ජනතාව එහෙට මෙහෙට ගෙනියන්න කෙටි මාර්ග වලින් මුදල් හම්බුකරන්න වියපරිකයෙකුට මේ ෆෙරි සර්විස් එකක් දන්නා අවසර දීලා තියෙන්නේ. එතකොට මේ නිසා තමයි මේ ජනතාව මේ අවාසනාවන්ත තත්වයට මුහුණ දෙන්නේ''

ලංකාව තුළ පමණක් නොව ඕනෑම රටක මගී ප්‍රවාහන බෝට්ටු පාරු භාවිතයේදී අනුගමනය කළ යුතු මුලික ආරක්‍ෂිත ක්‍රමවේද පද්ධතියක් ඇත. එවැනි සේවයක් ක්‍රියාත්මක කිරීමේදී එය අදාළ ආයතන පද්ධති තුළින් සහතික විය යුතුය. එහෙත් ඒ කිසිවක් නොතකමින් මාර්ග සංවර්ධන අධිකාරියේ කිසිදු අවසරයකින් තොරව නගර සභාව විසින් කළ මෙම අනාරක්‍ෂිත මගී පාරු ප්‍රවාහනය නිසා අද එයින් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ අසරණ මල් කැකුළු වලටය. එහෙත් සත්‍ය යටපත්කරමින් ආණ්ඩුවට විපක්ෂය අභූත චෝදනා නගමින් මෙම ඛේදවාචකය බලය ලබා ගැනීමට කරනු ලබන අරගලයක් බව ජනතාවට විපක්ෂයෙන්ම අද වන විට ඔප්පු වී හමාරය.

-පංචාලි

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us