අපේ ගුරුතුමා තාමත් යයි ඉස්කෝලේ ... Featured

Saturday, 23 October 2021 13:39

ඉතිහාසයේ සිට මේ දක්වා විවිධ අරමුණු, විවිධ ඉල්ලීම් පෙර දැරි කොට ගෙන විවිධ වෘත්තීය අරගලයන් මෙරට තුළ දියත් විය. එම අරගලයන් තුළ කරනු ලබන ඉල්ලීම් සාධාරණ මෙන්ම අසාධාරණ ඒවාද විය.

එහෙත් එම වෘත්තීය ඉල්ලීම් එම වෘත්තීය වගකීම මත පදනම්ව ඒ සීමාවන්හී සිට කරණ ලද ඒවා විය.

එහෙත් මෙරට ඉතිහාසයේ වඩාත්ම ම්ලේච්ඡ සහගත වෘත්තීය ක්‍රියාදාමය වුයේ වත්මන් ගුරු - විදුහල්පතිවරුන්ගේ පඩි වැඩි කර ගැනිමේ වර්ජනයයි.
මේ අය මෙහිදී පාවිච්චි කළේ ම්ලේච්ඡ උපක්‍රමයකි. මන්ද දරුවන්ගේ අනාගතය බිල්ලට දෙමින් තම අයිතීන් වෙනුවෙන් අඛණ්ඩව දියත් කළ ගුරු වර්ජනය නිසා මෙරට සුවහසක් දරුවන්ගේ පමණක් නොව රටේ අනාගතයට ද සෘජුවම දරුණු පහරක් එල්ල විය. වත්මන් ආණ්ඩුව ගුරු ගැටලුව විසදීම වසංගතයක් අවධියේදීත් සියල්ල පසෙක දමා හැකි අයුරින් විසදුම් ලබා දුන්නාද ෂයිලොක් මෙන් මස් රාත්තලම අඩු නැතිව ඉල්ලා සිටිමින් මේ හිත් පිත් නොමැති ගුරුවරු න්ට එය විසදුමක් නොවිය.

ගුරුවරුන් යනු වන්දනා මාන කළ යුතු කොටසක් යැයි අපට ඉගැන් වුයේ හෝඩි පොත උගන්වන්නටත් පෙරමය. අද මව් තුරුළේ සුව විදින දරුවෙකු පාසැලට ඇතුළත් කළ පසු දරුවන්ගේ දෙවන මව,පියා වන්නේද ගුරුවරුන්ය. එම නිසා සමාජයෙන්ම අපට ගුරුවරුන් යනු මිහිපිට දෙවියන් වැනි කොටසක් යැයි නිරන්තරයෙන් මනසට කා වද්දවමින් ඇත. එපමණක් නොව වර්තමානය වන විට ඔහුන් විරුවන් යන විරුදාවලියෙන් ආමන්ත්‍රණය කිරීමට තරම් අද සමාජය ඉදිරිපත්ව ඇත.

එහෙත් අද වන විට අපට හැගෙනුයේ සමාජය විසින්ම නිර්මාණය කරන ලද විරුදාවලින් පුහු අලවට්ටම් පමණක් බවය. මන්ද අපට තේරුම් ගැනීමට ඇත්තේ මෙලොව ඇති සියලු වෘත්තීන් හුදු වෘත්තියක්, ගණුදෙනුවක් පමණක් බවත්, ඉන් එහා දෙයක් එහි නොමැති බවත්ය. එහෙත් මේ ෂයිලොක් පන්නයේ ගුරුවරු න් අතර තවමත් දේවත්වයෙන් ඇදහිය හැකි ගුරුවරයා කියන වචනයට නියම අරුතක් එක් කළ සුළුතරයක් වූ ගුරුවරු කොටසක් සිටීම ජාතියේ පෙර පිනකි.

කෙසේ වුවත් අළු යට ගිණි පුපුරු සේ විටින් විට වර්ජනයේ ගිණි පුපුරු යට යමින්ද ඇවිලෙමින්ද ඇත. එය වඩ වඩාත් ඊයේ දිනයේද සනාථ විය. ඊයේ දිනය වන විට විවෘත විය යුතුව ඇති පාසැල් කිහිපයක් වසා දැමීමට තරම් ගුරු විගඩම කෘර වී ඇත. එය රටක නීතියට සදාචාරයට අභියෝග කරමින් ගත් තීරණයක් ලෙස සැලකිය හැකිය. මන්ද ඕනෑම පුරවැසියෙකුට අයිතීන් ඉල්ලා අරගල වල නිරත විය හැකි අතර එහෙත් පොදු ජන මුදලින් නඩත්තු වන මේ පොදු රාජ්‍ය ආයතන ගැන තීරණ ගැනීමේ බලයක් රාජ්‍ය සේවකයන්ට නොමැත.

මෙරට අධ්‍යාපනය ලබන දරුවන්ගේ තීරණාත්මක කඩඉම් කිහිපයක් පසු කිරීමට නොබෝදාම දරුවන්ට සිදු වේ. එනම් ශිෂ්‍යත්ව විභාගය , සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන්ය. එවන් පසු බිමක ගුරු සංගම් විසින් ගෙන යන මෙම වර්ජනය ,මෙම කඩාකප්පල්කාරී ක්‍රියා මෙම මොහොතේ සාධාරණ දැයි සිතීම ඔබට බාරය. එම නිසාම රටෙහි පුරවැසියන් ලෙස සමස්ත ගුරු පරපුරෙන්ම අපට නැවතත් ඉතාම සංවේදීව ආයාචනයක් කිරීමට සිදු වේ.

එදා මහින්ද චන්ද්‍රසේකරයන්ගේ පද රචනයෙන් සුනිල් එදිරිසිංහයන් ගැයූ ''පැන මඩකඩිති වැව් තාවලු වැහි කාලේ ''යන ගීතයේ පද මිනිස් ශරීරයේ සියුම් නහර පවා ගැඹුරින් ස්පර්ශ කිරීමට සමත් දිසාපාමොක්ලාගේ ගීතයකි. නියම දිසාපාමොක්ලා ගේ සැබෑම දුක්බර ඇතුළාන්තය නියෝජනය කිරීමට මෙම ගීතය සමත්වනවා සේම කොන්දේසි විරහිතව දරුවන්ට ආදරය කරමින් ශිල්ප සතර කියා දෙන වචනයෙන් පරිසමාර්ථ අර්ථයෙන්ම නියම ගුරුවරයා ගැන මානව පැහැදිලි කිරීමට රචකයා සමත් වී ඇත.

අද කාලයේ මුදලට මිනිස්කම් යටවූ යුගයක ෂයිලොක්ලා වන් ගුරුවරුන් බිහිවීම අරුමයක් නොවේ. එහෙත් අප නැවත නැවතත් ඉල්ලා සිටින්නේ රටේ අනාගත පරපුර වින්දිතයන් බවට පත් නොකොට දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂා කරමින් රටෙහි පවතින තත්වය පිළිබදවද සළකමින් මේ මොහොතේ අරගලයට තිත තබන ලෙසය.

-පංචාලි

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us