මානව ඉතිහාසයේ ප්‍රාථමික යුගවල සිය නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන ගියේ පාරිභෝජනය සඳහා පමණි. එම කාලය තුළ ගමනාගමනය, ප්‍රවාහනය හා මාර්ග ඒ තරම් වැදගත් නොවීය. එහෙත් අද නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන්නේ වෙළෙඳ පොළ ඉලක්ක කරගෙන ය. ඒ අනුව පාරවල් හා ප්‍රවාහනය අතිශයින් ම වැදගත් සාධක ලෙස සැලකේ.
අපේ ඉතිහාසය ගතහොත් විදේශාධිපත්‍යයට පෙර ද රටේ පැතිරුණ මාර්ග පද්ධතියක් තිබුණු බවට සාක්ෂි හමුවේ. අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ වැනි පරිපාලන යුගවල ඓතිහාසික මූලාශ්‍ර දෙස බලනවිට ඒ බව පැහැදිලි වෙයි.
රටක ඇති මාර්ග පද්ධතිය එම රටේ සංවර්ධනයට අදාළ ප්‍රධාන අවශ්‍යතා හතරක් ඉටුකරයි. එනම් සමාජ සම්බන්ධතා පුළුල් කිරීම, සමාජ සංචලනවලට අවකාශය සැලසීම, ආර්ථික හා වාණිජ කටයුතු ව්‍යාප්ත කිරීම සහ පරිපාලනය පහසු කිරීම යන්නයි.
එහෙත් අප රටෙහි මාර්ග පද්ධතියේ දකින්නට ලැබෙන ප්‍රධාන අඩුවක් වන්නේ ඒවායෙහි නඩත්තුව නිසි පරිදි සිදුනොවීම ය. අදාළ ආයතනවල වැඩි අවධානය ප්‍රධාන මාර්ග කෙරෙහි යොමු වී ඇති අතර අප්‍රධාන මාර්ග, ග්‍රාමීය මාර්ග, අතුරු මාර්ග නඩත්තුව දුර්වල ය. ඒ හැරෙන්නට ඒවා නවීකරණයට ලක්වන්නේ ද අඩුවෙන් ය. මාර්ගවල පවතින මේ සියලු අඩුපාඩු වල අවසානය රටේ ආර්ථිකයට බලපෑමක් මූලික වශයෙන්ම සිදුකරයි. එනම් රටක් විදිහට අත්පත් කරගන්නා ජයග්‍රහණයන්ගේ වාසිය ගම් නියම්ගම් කරා පැතිර නොයෑමත්, රටේ සියළු හැකියාවන් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් නොයෙදීමත් සිදුවේ. එමෙන්ම රිය අනතුරු ඉහළ යාම් වැනි භයානක පල විපාකද මෙයට අයත් වේ.
ඇතැම්විට දේශපාලකයන් මැතිවරණ සමයේ දී ජනතාවට ලබාදෙන ජනප්‍රිය පොරොන්දුවක් වන්නේ ගමට එන පාර හා පාලම තනා දෙන බව ය. ජනතාව ඊට හොඳින් ප්‍රතිචාර දක්වා අදාළ මහජන නියෝජිතයාට ඡන්දය ලබාදෙන බවද පිළිගත හැකි සත්‍යයකි.
එහෙත් මාර්ග සංවර්ධනය ඡන්ද පොරොන්දුවකට සීමා කළ යුතු නැත. මාර්ග යනු රටේ අනාගතය යැයි කියන්නට පුළුවන. දරුවන්ගේ අධ්‍යාපනයට, කර්මාන්ත බිහිවීමට, රැකියා බහුලවීමට, ගම දියුණුවීමට මාර්ග අවශ්‍ය වේ. මාර්ග ඉදිකිරීම මෙන් ම ඒවා නඩත්තු කිරීම ද මෙහිදී වැදගත් වෙයි. අලුත් මාර්ග ඉදිකොට ඒවායෙහි නඩත්තුව අතහැර දැමුවහොත් එම මාර්ග සංවර්ධනය යහපත් ප්‍රතිඵල උදාකරන්නේද නැත.
මේ පිළිබදව හොඳින් වටහා ගෙන සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව මාර්ග සංවර්ධනයට ප්‍රධාන තැනක් ලබා දී ඇත. ඒ අනුව ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යථාර්ථයක් බවට පත්කරමින් ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ තවත් අදියරක් ලෙස, කිලෝමීටර් ලක්ෂයක් මාර්ග කාපට් යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට රට පුරා මාර්ග රැසක් සංවර්ධනය කිරීම ඇරැඹී ඇත.
මේ අතර සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන සැලැස්ම ලෝක බැංකුවේ ඇගයීමට ලක්වී තිබිණි. මෙම ව්‍යාපෘතිය සාර්ථක ප්‍රතිඵල පෙන්වීම හේතුවෙන් ගම් හා නගර සම්බන්ධ කරමින් ආරක්ෂිතව හා දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙන ලෙස මාර්ග සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුව මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ශ්‍රී ලංකාවට ලබා දීමට තීන්දු කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගියදා ප්‍රකාශ කර තිබිණි. එසේම මෙම ව්‍යාපෘතිය මඟින් සමස්ත දිවයිනව ආවරණය වන පරිදි මාර්ග කි.මි 3000ක් පමණ මෙමඟින් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙයි.
එමෙන්ම ග්‍රාමීය වශයෙන් කෘෂිකාර්මික භෝග එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන සහ බෝග ගබඩා කිරීමේ මධ්‍යස්ථාන ද මෙම ව්‍යාපෘතිය මඟින් ඉදි කෙරේ.
'ගාල්ලේ මාර්ග වැඩිදියුණු කිරීම'
-----------------------------------------------------
මේ අතර පසුගියදා මහා මාර්ග අමාත්‍යංශය හා මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ, ගාල්ල නගරයේ සහ ඒ අවට ප්‍රදේශයේ පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා හඳුනාගත් මාර්ග සියල්ල පුළුල් කොට කඩිනමින් සංවර්ධනය ආරම්භ කළේය.
ඒ අනුව ඉත්තෑපාන සහ මාදුගඟ හරහා පාලම් 02ක් ඉදිකිරිම, කොළඹ ගාලු පාර අධිවේගී මාර්ග පිවිසුමේ සිට මුහුදු මාර්ගය දක්වා මංතීරූ 04කට පුළුල් කිරිම, දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුවේ සිට කරාපිටිය ශික්ෂණ රෝහල දක්වා නව මාර්ගයක් තැනීම, ගාල්ල බද්දේගම මාර්ගය හිරිබුර දක්වා පුළුල් කිරීම, ගාල්ල නගරයේ ප්‍රධාන වීදිය සංවර්ධනය කිරීම, ගාල්ල වක්වැල්ල මාර්ගය මංතීරූ 04කට පුළුල් කිරීම, රිච්මන්ඩ් හිල් පාර කරාපිටිය දක්වා පුළුල් කර සංවර්ධනය කිරීම, හිරිබුර හංදියේ සිට කරාපිටිය රෝහල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම, පින්නදූව සිට ගාලු පාර දක්වා ඇති මාර්ගයට සමාන්තරව නව සේවා මාර්ගයක් ඉදිකිරිම යනාදිය සිදු කිරීමට නියමිතයි .
එසේම අක්මීමන, වලහන්දූව දිසානායක මාවත රුපියල් මිලියන 22.1 මුදලින් කාපට් යොදා සංවර්ධනය කොට ජනතා අයිතියට පත්කිරීමට කටයුතු කර ඇත.
මෙම සංවර්ධන කටයුතු ගැන කිව යුතු වැදගත්ම දෙයක් නම් රටම වසංගතයකින් වෙලා ගත් අර්බුදකාරී මොහොතක පවා රටෙහි සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යමින් ජනතාවට දුන් පොරොන්දු එලෙසින්ම ඉටු කිරීමට වෙහෙසෙන නායකත්වයක් රටට ලැබී තිබීම මෙහි අපට වඩ වඩාත් දැනෙන වටිනාකම බවයි.
ඒ අනුව ආණ්ඩුව ජනතාවගේ පොදු පහසුකම් පිළිබඳවද රටේ අනාගතය පිළිබඳවද වගකීම් සහගතව හිතන බව පෙනෙයි. එය අනාගතය පිළිබඳ නැවුම් වූ බලාපොරොත්තු තබා ගත හැකි සාධනීය ලක්ෂණක් බව කිව යුතුමය.
-පංචාලි