වානේ පන්නරය ලබන හැටි රාජපක්ෂලාගෙන් ඉගෙන ගතහැක. Featured

Saturday, 13 March 2021 12:32

වතුරට වඩා ලේ ඝනකමයි.. කියා ජනවහරේ කියමනක් ඇත. මේ කියන්නේ ලේ ඥාතිත්වය අනෙක් සියලු සම්බන්ධකම්වලට වඩා ශක්තිමත් බව කියන්නය. මේ ලේ ඥාතිකම ගැන ලංකාවේ දේශපාලනයේ හොඳම උදාහරණය සපයා ඇත්තේ රාජපක්ෂ පරපුරය.

රාජපක්ෂ පරම්පරාවේ මුල් පුරුක්වල සිටම රාජපක්ෂවරු අතර ගැටුම් අවුළුවා ඒ භේද බින්නකර දේශපාලන වාසි ලබාගැනීමට විවිධ කණ්ඩායම් ගත් උත්සාහයන් ගැන බොහෝ පැරණි කතන්දර ද තිබේ. එහෙත් ඒ කිසිවකුට මේ පවුලේ ඥාති සම්බන්ධතා බිඳ දමමින් ඒ විසුරුවා හරින්නට හැකි වූයේ නැත. අදත් එය මහා පවුල් අධිරාජ්‍යක් මෙන් ශක්තිමත්ව තිබෙන්නෙකි.

මෑතක සිට යළිත් මේ රාජපක්ෂ පවුලේ සමඟිය බිඳ දැමීම වෙනුවෙන් දුෂ්ඨ බලවේග අර අදිමින් සිටින බව පෙනේනට තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙසත්, මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙසත් කටයුතු කරමින් සිටීම මේ රටේ දේශපාලන ස්ථාවරත්වය සම්භන්ධයෙන් අතිශය වැදගත් අවස්ථාවකි. එමෙන්ම අද පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකකට ආසන්න බලයක් හොබවන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම්කරුවා වන බැසිල් රාජපක්ෂ රටේ ආර්ථික පුණර්ජීවනය වෙනුවෙන් වන බර කරටගෙන තිරයෙන් පි‍ටුපස විශාල කාර්යභාරයක් සිදුකරමින් තිබේ. මේ සහෝදර සැබැඳියාව රටේ සංවර්ධනය, අභිවෘද්ධිය, සෞභාග්‍යය වෙනුවෙන් එක මිටට බැඳී වඩාත් ශක්තිමත්ව සිටින විට රට ගැන කවර නුගුණක්, අසුබයක්, වැරැද්දක් ගැන කල්පනා කිරීමට දේවල් ඉතුරු වන්නේ නැත.

අද විපක්ෂයට සිදුව ඇත්තේ මේ ශක්තිමත් බැඳීම පවතින තාක්කල් ඊට එරෙහිවීමේ දුර්වලකම ඔවුන් සතුව තිබීම නිසාය. ඒ වෙනුවෙන් දේශපාලකික මතයක් හෝ ඔවුන් සතුව නැත. ආණ්ඩුවට එරෙහිව ඔවුන් ගහන ගහන ගැටය වරදින්නේ ඒ නිසාය. ජනතාව අතර හැමදාම විහිළුවට ලක්වන්නේ ඒ නිසාය. මේ නිසා මේ ඇතුලතින් කඩා ඉහිරවීමක් ගැන මිස ඇත්ත ජනතා වුවමනාවක් ගොඩනංවා ඒ සිදුකිරීමට නොහැකි බව විපක්ෂය හොඳාකාරව දන්නා දෙයකි. 2015 අනුගමනය කළ එම උපක්‍රමය යන්තමින් සාර්ථක කරගැනීමට ඔවුන් සමත් වූවද කරගත් මෝඩකමේ තරම ඒ අවුරුදු 5 තුලදී ජනතාව අත්දැකීමෙන්ම විඳ ගත්තේය. මේ නිසා විපක්ෂය බලාපොරොත්තු වෙන ලෙස මේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවලින් හෝ මෙවර ආණ්ඩුව පෙරළා දැමීමට නම් නොහැකි බව සහතික කර කිව හැකිය.

ආණ්ඩු අභ්‍යන්තරයේ යම් යම් පුද්ගලයන් අතර ගැටුම් ඇති වී බව ඕපාදූප මාධ්‍ය විසින් පෙන්නුම් කරමින් ඇතත් ඒවා කිසිවක් මේ ආණ්ඩුවේ දුර්වලතාවයන් නොවේ. මත ගැටුම්ද නොවේ. ඒවා වරප්‍රසාද නොලැබීම, තනතුරු තානාන්තර නොලැබීම, හිතේ හැටියට ගසා කෑමට නොලැබීම, හෝ ඇඟිල්ලෙ තරමට වඩා ඉදිමීමට දරණ උත්සාහයන් ආදී පෞද්ගලික කාරණා නිසා මතුව තිබෙන බව පැහැදිලිය. මේ ගැ‍ටුම් රාජපක්ෂ පවුලේ සහෝදරයන් අතර වන දේශපාලන බල ගැටුම් ලෙස හුවා දැක්වීමටද ආණ්ඩු අභ්‍යන්තරයේ සිටින ඇතැමෙකුද විපක්ෂ කොටස්ද දැඩි උත්සාහයක් ගනිමින් තිබේ. ඒ හරහා තමන්ගේ පටු පෞද්ගලික වුවමණාවන් ඉ‍ටුකරගැනීමට යම් බලපෑමක් සිදු කළ හැකි බව මේ අය කල්පනා කරනවා විය හැකිය.

මේ සටකපටකම් ගැන ඉව වැ‍ටුණු මුල් අවස්ථාවේදීම බැසිල් රාජපක්ෂ පවසා තිබුණේ ආණ්ඩුව තුළ සිටිමින් විපක්ෂයේ වැඩකරන්න ගත්තොත් දෙවරක් නොසිතා එළවා දමන බවය. එම ප්‍රකාශයත් සමඟ බොහෝ පිරිසක් ඉදිරියට තැබූ පියවර ආපස්සට ගත්තේ පියවර හත අටකිනි. දැන් උන්නද මළාද කියා සොයා ගන්නටවත් නොහැකිය.

මේ අතර ඊයේ (12) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරන හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ පැවැති කතා බහේදී තම රාජපක්ෂ පවුලේ සමඟිය ගැන නැවත අවධාරණය කළේය. ඔහු තිරව පවසා සිටියේ තම සහෝදරයන් අතර ගැ‍ටුම් ඇති කිරීමට කිසිවිටෙක ඉඩ නොතබන බවය.

මෙය ආණ්ඩුවේද විපක්ෂයේද කාට කාටත් වැදගත් ප්‍රකාශයකි. ආණ්ඩු පෙරළන්නට හෝ ආණ්ඩුවෙන් අයුතු ප්‍රයෝජන ගන්නට හෝ හිතාගෙන රාජපක්ෂ සහෝදරයන් කොටවන්නට , ඔවුන් අතර අවිශ්වාසයන් ගොඩනගන්නට හෝ එම පවුලේ අභ්‍යන්තර ගැටුම් තිබෙනවාය.. ආණ්ඩුව දැන් ඉවරය.. කියාගෙන ප්‍රචාරය කරමින් සිටින විපක්ෂ කොටස් හා ඔවුන්ගෙ මාධ්‍ය නඩවලටද ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය කණ හරහා වැදුනු ප්‍රහාරයක් බව කිව යුතුය. ඒ නිසා යළි ඒ ගැන හිතනවත් ඉඩක් නැත.

රටේ ජනතාව තවදුරටත් රාජපක්ෂ පවුලේ දේශපාලන නායකත්වය විශ්වාසකරමින් තවත් චිරාත් කාලයකට එම නායකත්වය යටතේම ජීවත්වන්නට ඉදිරියේදිත් තීරණය කරනවා ඇත. ඊට හේතුව මේ රාජපක්ෂ පවුලේ නායකත්වය, අධ්‍යානග්‍රාහීව, අවිචාරශීලීව පිළිගන්නා වහල් මානසික තත්වයක් නිසා හෝ නොවේ. රාජපක්ෂලා මේ රටට, ජනතාවට සිදුකර තිබෙන, සිදුකරමින් තිබෙන 'වැඩ' නිසාය. විශ්වාසනීය, අවංක, සෘජු, ශක්තිමත් නායකත්වයක් රාජක්ෂලා හැමදාමත් පෙන්වා තිබේ. රටට ජනතාවට අවශ්‍යම නායකත්වයේ ගුණාංගයන් පෙන්වා තිබේ. රාජපක්ෂලා යනු ගහන්න ගහන්න ශක්තිමත් වෙන බලවේගයකි. හරියට තලන්න තලන්න වානේ පන්නරය ලබනවා වගේය. එහෙව් නායකත්වයක් ප්‍රතික්ෂේප කරන්න මේ රටේ මිනිස්සුන්ට ඔල්මාදයක් නැත. වැරැදීම්වලින් ඉගෙනගත් පාඩම් තිබෙන නිසා ජනතාව ඉදිරියටත් නිවැරදිම තීන්දුව ගන්නවා විනා යළි නොමඟ යන්නටද හේතුවක් නැත.

-the novemberist

vidio

https://www.youtube.com/watch?v=Fa8As8S3DZs&t=5s

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us