සිල්ලරට විකිණෙනවාද? ජාතියට අගයක් එකතුකර දෙපයින් නැගී සිටිනවාද? Featured

Friday, 05 February 2021 20:57

රට තුල දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතිවී තිබෙන බවට විපක්ෂය දැන් මාස කිහිපයක් තිස්සේ ලොකු ප්‍රචාරයක් ගෙන යමින් තිබේ. අද (05) දින ඉන්දියාවට ගෙවන්න තිබූ ඩොලර් මිලියන 400 ක ණය ගෙවීම පදනම් කරගෙන එය රටේ ආර්ථික අර්බුදය උග්‍රකරවන තත්වයක් බවත් කියමින් තිබේ.

එසේම මහ බැංකුව පසුගිය දින කිහිපයේ සිටම ශ්‍රි ලංකාවේ ඩොලර් සංචිතය ගොඩනගා ගැනීමට දරණ උත්සාහය ගැන විවිධ අර්ථ කතනයන් ලබා දෙමින්, රට බංකොලොත් තත්වයට පත්වෙමින් තිබෙන බව කියමින් සිටී. ඇත්ත වශයෙන්ම විපක්ෂයේ නරුම අපේක්ෂාවද එයය.

අද යහපාලනයේ මුග්ධ ආර්ථික ක්‍රියාකාරකම්වල ප්‍රතිපල ලෙසත් කොවිඩ් තත්වය නිසාත් ආර්ථිකයට බලපා තිබෙන නරක දසාව ගැන කිසි කතාවක් මේ විපක්ෂයෙ ආර්ථික ඔස්තාර්ලා කරන්නේ නැත. ඇත්ත කාරණා දැනුවත්ව සඟවයි. කොවිඩ් ප්‍රශ්නය නිසා ලංකාවට පමණක් නොව ලෝකයේ ලොකු කුඩා සෑම රටකටම පාහේ මුහුණ දෙන වී ඇති ආර්ථික ගැටළු ගනනාවකි. ඒවා විසඳා ගැනීමට අලුත් උපක්‍රම තෝරමින් තිබේ. ශ්‍රී ලංකාවටද සාම්ප්‍රදායික නොවන අලුත් ආර්ථික මෙවලම් පාවිච්චි කිරීමට සිදුව තිබේ. ඒවායේ සාර්ථක ප්‍රතිපළයන්ද ලැබී තිබේ. යහපාලනය විසින් රට ජාත්‍යන්තර ණය උගුලක සහ දේශපාලනික උගුලක නොපටලවන්න අපට මෙතරම් අමාරු තත්වයක් කිසිසේත්ම උද්ගතවීමට නියමිතව තිබුණේ නැත. සෞභාග්‍යයේ දැක්ම තුළින් යායුතු මඟ පිළිබඳ පැහැදිලි මාවතක් පෙන්වා තිබිණි.

ඒ අනුව ආර්ථිකය නියමිත පරිදි කලමනාකරණය කරගැනීමට නොහැකියාවක් වත්මන් පාලනයට නොමැති නමුත් ඒ කඩාගෙන වැටෙතැයි විපක්ෂය මේ මොහොතේ සිහිණ දකිමින් කාලකණ්නි සතුටක් බුක්ති විඳිමින් තිබේ. එහෙත් ඒ තාවකාලික සතුටක් වෙනු ඇත.

යහපාලනය විසින් හතර හන්දි කඩා දැමු ආර්ථිකය වත්මන් ආණ්ඩුව යළිත් කෙළින් කටින් සි‍ටුවන්න පියවර රාශියක පසුගිය වකවානුවේදි ගනු ලැබීය. බදු පිට බදු ගැසීමෙන් දැවැන්ත පීඩාවකට පත්කර තිබූ රට වැසියා ඉන් ගලවා ගැනීමට පියවර ගැනීම මුල් වටයේදීම සිදු කරනු ලැබීය. ව්‍යාපාරික ප්‍රජාව ශක්තිමත් කර රටේ ආර්ථිකය උද්දීපනය කිරීම වෙනුවෙන් වැට් බදු අඩකින්ම කපා හරිනු ලැබීය. ලෝක ණය උගුලක අපව හිරකරමින් තිබූ අයි එෆ් එම් වැනි ජාත්‍යන්තර මුල්‍ය ආයතන වල ග්‍රහණයෙන් රට ගලවා ගනු ලැබුවේය. ජාත්‍යන්තරයෙන් ණය ගැනීම දැඩි සීමාවකට යටත් කරනු ලැබිය. එසේම යහපාලනය විසින් රටේ සම්පත් විදේශයන්ට විකිණීම වෙනුවෙන් ඒ වන විටත් අත්සන් කර තිබූ ගිවිසුම් 17 පිළිබඳ නැවත සලකා බලා ගිවිසුම් වලින් ඉවත් වීම හෝ රටට වාසිදායක ලෙස සංශෝධනය කිරීම වලට එළැඹිණි. එම්සීසී ගිවිසුමෙන් ඉවත් වූවා සේම නැගෙනහිර ජැටිය ගිවිසුමෙන්ද ඉවත් විය. මේ ගිවිසුම් හරහා ඩොලර් මිලියන් සිය දහස් ගනනින් රටට ලබාගත හැකිව තිබූ බව ඇත්තකි. එහෙත් රටේ සම්පත් කුණු කොල්ලයට විකිණීමේ ප්‍රතිපත්තිය අත් හැර ඒවා අපම සංවර්ධනය කර ආදායම් උපයන තැන් බවට පත් කිරීමට තීරණය කෙරිණි. ආනයනයන් සීමාකර අපනයනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් රටේ කර්මාන්ත ක්ෂේත්‍රයන් යළි ගොඩනැගීමට පියවරයන් ගෙන තිබේ. මේ ආදි සියල්ලෙහි නියම ප්‍රතිලාභයන් තව කෙටි කාලයකින් ලැබෙනු ඇත. මේවා පහසු තීරණ නොවේ. උඩුගං බලා පිහිනීමක් බඳු අසීරු දේය. මන්ද මේවාට බාධාකරන දුෂ්ඨ බලවේගයන්ද උපරීම ශක්තියෙන් ක්‍රියාත්මක බැවිනි.

මේ වසරේ දී ගෙවීමට තිබෙන ණය කන්දරාව ඩොලර් බිලියන 7 කට පමණ ආසන්න වී තිබේ. ඒ මේ රට ඉතිහාසය තුල ගෙවීමට නියමිතව තිබෙන විශාලම ණය මුදලයි. මේ මුදල සොයා ගැනීම අසීරුය. ඒක ඇත්තකි. එහෙත් ඒ වෙනුවෙන් රට විකුණා හෝ උගස් කර හෝ මුදල් සොයා ගන්නවා වෙනුවට වෙනත් විකල්ප සොයාගැනීම ආණ්ඩුවේ අභිප්‍රායය. ආණ්ඩුව මේ මොහොතේ ඒ වෙනුවෙන් යම් යම් තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක වෙන බව පෙනෙන්නට තිබේ.

කොහොම නමුත් නියත වශයෙන්ම අමාරු කාලයක් ඉදිරියේදී එනු ඇත. ඒ රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් සෑම සියලු පුරවැසියාටම දරාගැනීමට සිදු වෙනු ද ඇත. රටෙන් කෑලි කැලී සිල්ලරට විකුණා දමා බඩගෝස්තරය සොයා ගන්නවා වෙනුවට රට කොහොම හරි දෙපයින් නාඟා සි‍ටුවාගැනීම විය යුතුය. ගෝඨාභය රාජපක්ෂ නම් අසහය නායකයා අප ජනාධිපතිවරයා ලෙස පත් කරගත්තේ රට බේරාගැනීම මුල් තැන තබාය. එසේ නොවන්නට මේ වන විටත් යහපාලකයෝ මේ රට සින්නක්කරේටම විකුණා දමා අහවරය. මෙය අපට ලැබෙන අන්තිම අවස්ථාව යැයි කීවේද ඒ නිසාය.

එල්ටීටීඊය පරාජයකර ජය ලැබීම වෙනුවෙන් මේ රටේ ජනතාව කළ කැපකිරීමට නොදෙවැනිව ජනාධිපති ගෝඨාභයට මේ රට නැගුමට අපේ ශක්තිය හැකි උපරීමයෙන් ලබාදීම ඔහු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ සියළු දෙනාගේ වගකීමකි. ඔහු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළේ ජයගන්න තිබෙන්නේ අසීරු අභියෝගයක් බව නොදැන නොවේ. ඒ අභියෝගය අද අප සියළු දෙනා හමුවේ තිබේ. ඒ ජය ගත යුතුය. එසේම මෙය 69 ලක්ෂයක් දෙනාගේ පමණක් වගකීමක් වන්නේද නැත. මේ රටේ වගකිව යුතු පුරවැසියන්ගේ ද වගකීම එය විය යුතුය.

විපක්ෂය මානබලන්නේ මේ අසීරුතාවය ඔවුන්ගේ වාසියට පාවිච්චි කර තවතවත් රට අර්බුදයට යවා, ජනතාව පීඩාවට පත්කර යළි බලය ඩැහැගැනීමට මිසක මේ රට ගොඩනැගුමට නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. යහපාලනය අපට අමතක වන්න තරම් කාලයක් ගෙවී නැති නිසා ඒ ගැන පැහැදිලි කිරීම් අවශ්‍යද නැත. ඒ නිසා මේ විපක්ෂයේ සටකපටකම් වලට, රටත් ජනතාවත් අසුවීමට තිබෙන සියලු ඉඩ කඩ අහුරාලීම රට ගැන ආදරයක් කැක්කුමක් තියෙන සියලු දෙනාගේ යුතුකමකි.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානය මුළුමනින්ම සුණුවිසුනු වී ගියද ඒ රට ඉතා කෙටි කාලයකින් නැගී සිටියේ එදා රජය සමඟින් ජනතාව කෙළින් සිට ගත් නිසාය. තමන්ට ලැබෙන දේ වෙනුවට රටට ලැබෙන දේ වෙනුවෙන් ඒ මිනිස්සු තමන්ගේ පෞද්ගලික වුවමනාවන්, සැප පහසුකම් කැප කළේය. ඒ කැපවීමේ ප්‍රතිපල අද ජපානය ලොවටම පෙන්වා තිබේ. අදත් ජපන් ජාතිකයන් කියන්නෙ වැඩ කිරීමට හපන් වැඩට ඇබ්බැහි වූ ජාතියකි. එහෙම ජාතියක් කවදාවත් කාටවත් පරාජය කළ නොහැක.

අද ශ්‍රී ලාංකිකයා හමුවේ තිබෙනේත් කවර අභියෝගයක් හමුවේවත් නොසැලෙන පරාජය කළ නොහැකි ජාතියක් ලෙස එක්ව නැඟී සිටීමේ ආදර්ශයක අවශ්‍යතාවයය..

 

-the novemberist

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us