'හයිදර්' නිසා ශාහිද් නිවාස අඩස්සියේ

Published in අනං මනං
Monday, 04 August 2014 14:05

ශාහිද් කපූර්හට පසුගිය මාස 3ක කාලයක් නිවසින් බැහැර නොවී සිටීමට සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය  වාර්තා කරයි.

එයට හේතුව ඔහු රංගනයෙන් දායක වූ 'හයිදර්' චිත්‍රපටයයි.

එම චිත්‍රපටයෙහි එන චරිතය සඳහා හිස මුඩු කිරීමටත් රැවුල හොඳින් වැවීමටත් ශාහිද්ට චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන විශාල් බාරද්වාජ් උපදෙස් දී තිබේ.

එමෙන්ම චිත්‍රපටයේ එන ශාහිද්ගේ පෙනුම රහසක් ලෙස තබාගැනීම සඳහා එහි අධ්‍යක්ෂකවරයා විසින් පොදු ස්ථාන වල නොගැවසෙන ලෙසත් ඔහුට පවසා තිබේ.

මෙම උපදෙස් පිළිගනිමින් සිය කොණ්ඩයද අහිමි කරගත් ශාහිද් මාස 3ක කාලයක් සිය නිවසේ රැඳි සිට ඇත.

එමෙන්ම ඔහුගේ මීළඟ චිත්‍රපටයේ පටිගත කිරීම ආරම්භ කිරීමට හිසකෙස් වැවෙන තුරු ඔහුට බලා සිටීමටද සිදුව තිබේ.

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us