හොලිවුඩයේ ධනවත්ම නිළිය සැන්ඩ්‍රා

Published in අනං මනං
Wednesday, 06 August 2014 11:02

හොලිවුඩ් නිළියන් විසින් වසර 2013 ජූනි මස සිට වසර 2014 ජූනි මස දක්වා වූ කාලය  තුල  ඉපැයු අදායම අනුව ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ 50 හැවිරිදි නිළි සැන්ඩ්‍රා බුලොක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෙරේදා (04) ෆෝබ්ස් සඟරාව විසින් ඉදිරිපත් කරන ලද ලැයිස්තුවට අනුව එහි දෙවන හා තෙවන ස්ථාන හිමිව ඇත්තේ ජෙනිෆ ලෝරන්ස් සහ ජෙනිෆා ඇනිස්ටන්හටයි.

එම ලැයිස්තුවේ ඉදිරිපත් කර ඇති අදායම් වලට අනුව අදාළ කාලය තුල සැන්ඩ්‍රා බුලොක් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 51ක් උපයා ඇත. ඒ 'ද හීට්' සහ 'ග්‍රැවිටි' යන චිත්‍රපට දෙක සඳහා දායක වීමෙනි.

'ඇමෙරිකන් හස්ල්' සහ 'ද හන්ග ගේම්ස්:කැචින් ෆයර්' යන චිත්‍රපට දෙකෙහි ප්‍රධාන චරිත නිරූපණය කළ ජෙනිෆා ලෝරන්ස් උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 34කි.

තෙවනි තැනට පත්වු ජෙනිෆ් ඇනිස්ටන්ගේ අදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 31 වන අතර 'අයන් මෑන් 3' චිත්‍රපටය සඳහා දායක වු ග්වෙනෙත් පැල්ට්‍රෝව් සිව් වන ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 19ක ආදායමක් වාර්තා කරමිනි.

අදාළ කාලය තුල ඇමෙරිකානු ඩොලර් මිලියන 18ක් ඉපැයූ ඇන්ජලීනා ජොලී සහ කැමරන් ඩයස්  දෙපල පස් වෙනි ස්ථානයේ පසු වෙයි.

ld add copy

Latest News

අද (18) සහ හෙට (19) විශේෂ දුම්රිය සේවයක්

අද (18) සහ හෙට (19) විශේෂ දුම්රිය සේවයක්

අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් කරා ගමන් කල ජනතාවට අනුරාධපුරය ,කන්කසන්තුරය ,මාතර සහ බෙලිඅත්ත සිට නැවත ප...

Connet With Us