ලොව පළමු නිරුවත් චාරිකාව

Published in අනං මනං
Wednesday, 18 March 2015 14:16

ඕස්ට්‍රේලියානු ජාතික කලාගාරය මගින් ලෝකේ පළමු නිරුවත් චාරිකාව ප්‍රකාශයට පත් කර තිබේ. මෙය මේ වසරේ අප්‍රේල් මාසෙ පවත්වන්න සැලසුම් කරලා තියෙන්නෙ එරට වෙසෙන නිරුවත් කලාවන් පිළිබඳ ප්‍රකට කලාකරුවෙක් වන ස්ටුවර්ට් රින්හෝල්ට් සමග එකතුවයි.

ඒවගේම මේ චාරිකාව පැවැත්වන්නේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන කැන්බරා ප්‍රදර්ශනයට සමගාමීවයි.

කෞතුකාගාර ප්‍රකාශකයෙක් සඳහන් කරන පරිදි මෙම චාරිකාව පැවැත්වීමට නියමිතව තිබෙන්නේ කලාකරුවා සහ ප්‍රේක්ෂකයා අතර පවතින සියලු බාධක නැතිකිරීම සඳහායි.

මේ නිරුවත් චාරිකාව ප්‍රදර්ශනය පැවැත්වෙන දින කීපය පුරාම 50දෙනෙකුගේ පමණ සහබාගිත්වයෙන් යුක්තව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒවගේම මෙම නිරුවත් චාරිකාව මෙහෙයවන ස්ටුවර්ට් රින්හෝල්ට්  පවසා පරිදි කලාව තුල නිරුවත් කලාවට දිගු ඉතිහාසයක් තිබේ. ඒ විතරක් නෙමේ විවිධ ඇඳුම් ඇදගත් මිනිසුන්ගෙන් යුතු ප්‍රදර්ශනයක් විකාර රූපී බවක් එක්කරන බවයි ඔහුගේ අදහස.

ld add copy

Latest News

වැසි රහිත කාලගුණයක්

වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (25) දිනයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද...

Connet With Us