මිනිස්කමින් අබාධිත නොවූ මිතුරන් දෙදෙනා

Published in අනං මනං
Thursday, 19 March 2015 13:11

අබාධිත පුදගලයන් සමාජයේ විශේෂ සැලකිල්ලකට යොමු විය යුතු මිනිසුන් කොටසක්. නමුත් මිනිසෙක් ලෙස උපදින අපි හැමෝම අපිට ලැබිල තියෙන දේවල් අනුව ලෝකයට යමක් දෙන්න උත්සාහ කරනවානම් ඒක තමයි මිනිසෙක් ලෙස ජීවත් වීමේ නියම අරුත.

ජිආ හයිෂිඅ උපතින්ම එක ඇසක් අන්ධව ඉපදුනු අයෙක් . 2000 වසරේදී රැකියාව හේතුවෙන් ඔහුගේ අනිත් ඇසත් අන්ධ වෙනවා. මෙයාගෙ යහළුවා ජිආ වෙන්කි. එයාගේ අත් දෙක කුඩා කාලයේදී හදිසි අනතුරක් හේතුවෙන් අහිමි වෙලා.

මේ දෙදෙනා වාසය කරන්නෙ චීනයේ යෙලී නම් ගම්මානයේ. මේ යහළුවන් දෙදෙනාගේ අබාධිත බවට හැකිවෙලා නෑ ඔවුන්ගෙ හිතේ තිබෙන ධෛර්ය දශමයකින් හෝ අඩු කරන්න.

මේ යහළුවන් දෙදෙනා දැනට වසර දහයක් පුරා අති විශේෂ රාජකාරියක නිරතව සිටිනවා. තමන්ගෙ ගම ගංවතුරින් බේරා  ගැනීම සඳහා රජයෙන් ලබාගත් අක්කර අටක භුමි බාගයක් පුරා ගස් වැවීමයි ඔවුන්ගේ අති විශේෂ රාජකාරිය.

මෙය සුළු පටු කාර්යයක් නම් නෙමේ. මේ පළාතේ තියෙන පොළව වගේම දේශගුණයත්  හරිම රළුයි. ඒ විතරක් නෙමේ මේ දෙදෙනාට අලුත් පැළ  ලබාගැනීමට සැහෙන තරම් මුදලක් ඇත්තෙත් නෑ.

නමුත් මේ දෙදෙනාගේ උත්සාහයට  එය බාධාවක් නොවේ. වැවීම සඳහා පැළ ලබන්නේ ගස් වලින්මයි.ගස්වලින් අතු ලබාගැනීම සිදු කරන්නේ  ජිආ හයිෂිඅ. ඔහුගේ මිතුර වන ජිආ වෙන්කිගේ කාර්ය තමයි හිටවන පැළ රැක බලා ගැනීම.

මේ මිතුරන් දෙදෙනා මේ වන විට ගස් දස දහසක් පමණ වවා අවසන් බව පැවසෙනවා.

chaina1

chaina3

chaina4

chaina5

chaina6

chaina7

chaina8

chaina9

chaina10

chaina11

chaina12

 

ld add copy

ක්‍රීඩා

Connet With Us