ඉඳි කටු හිසක නිමැවුණු ලොව කුඩාම කැටයම

Published in අනං මනං
Wednesday, 11 March 2015 16:42

කැටයම් කලාව කියන්නෙ ඉතාම අපහසු වගේම කල් වේලා ගතවන වැඩක්. බොහෝවිට කැටයම් කැපීම සඳහා යොදාගන්නෙ රළු මතුපිටක්.

ඉඳි කටු හිසක කැටයමක් කපනවා කියන එක ගැන හිතන්නවත් පුළුවන්ද? ලෝකේ කුඩාම කැටයම නිර්මාණය කරලා තියෙන්නෙ ඉඳි කටු හිසක.

ජෝන්ටි හර්ට්විට්ස් කියන නිර්මාණ ශිල්පියාට  තමයි ලෝකේ කුඩාම කැටයම නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නෙ. ඔහු පවසන ආකාරයට මේ කුඩා නිර්මාණය කලාවේ සහ ක්වන්ටම් විද්‍යාවේ එකතුවක්.

එසේම  3D කලාව තමයි කැටයම නිර්මාණය කිරීම සඳහා යොදාගෙන තිබෙන්නෙ. මේ නිර්මාණය පියවි ඇහැට දකින්න අමාරුයි.

නමුත් මේ කැටයමට වැඩි ආයුෂ නම් තිබිලා නෑ. මේ කුඩා කැටයමේ  ඡායාරූප ගැනීමට උත්සාහ කරපු අවස්ථාවේ සිදු වූ අත්වැරදීමකින් මෙය විනාශ වෙලා.

sculp2

sculp3

sculp-6

 

ld add copy

ක්‍රීඩා

Connet With Us