බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයාට පැරණි පෙම්වතියගෙන් තෑග්ගක්

Published in අනං මනං
Thursday, 12 March 2015 14:25

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පෙළේ වේගපන්දු යවන්නෙකු වන රුබෙල් හොසේන්ට එරෙහිව අධිකරණයේ ගොනු කර තිබූ ස්ත්‍රී දූෂණ චෝදනාවක් ඉල්ලා අස්කර ගැනීමට  එරට නිළියක් කටයුතු කරන බව පැවසේ.

ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට පළමු වරට බංග්ලාදේශ කණ්ඩායම  සමත් වීම හේතුවෙනි.  

තමන් සමග විවාහ වන බවට පොරොන්දු වෙමින් රුබෙල් හොසේන් තමන්ට  අතවර  කළ බව පවසා එරට අධිකරණයක ගොනු කළ නඩුවක්  මෙලෙස ඉවත් කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

19 හැවිරිදි නස්මින් අක්තාර් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වෙත පවසා ඇත්තේ සිය කණ්ඩායම අවසන් වටයට ගෙන යාම සඳහා සිය පැරණි පෙම්වතා දැක්වූ සුවිශේෂී දායකත්වය සැලකිල්ලට ගෙන ඊට ගරු කිරීමක් සඳහා ඔහුට සමාව දීමට තීරණයකළ බවයි.  

මීට අමතරව   නස්මින් අක්තාර්ගේ නීතිඥයාද ඇය වෙනුවෙන් එම නඩුවට පෙනී නොසිටීමට තීරණය කර ඇත.

එහෙත් බංගලාදේශ නීතියට අනුව මෙවැනි නඩුවක් එක පාර්ශවයකගේ කැමැත්තකින් පමණක් ඉවත් කර ගත නොහැකි බව වාර්තා වේ.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us