සූර්ය බලයෙන් ක්‍රියාත්මක ගුවන් යානය ලෝක සවාරියක

Published in අනං මනං
Tuesday, 10 March 2015 12:48

සූර්ය තාප බල ශක්තියෙන් පියාසර කරන ගුවන් යානයක් සිය පළමු ගුවන් ගමනේ නිරත විය.

පොසීල ඉන්ධන බිඳුවකුදු පාවිච්චි නොකර ලෝකය වටා පියාසර කිරීමේ මාස පහක සංචාරයක් සඳහා ඊයේ දින මුල පුරණු ලැබුවා.

‘Solar Impulse Two’ යනුවෙන් නම් තබනු ලැබ ඇති යානය සිය පළමු ගුවන් ගමන අබුඩාබි නගරයෙන් ආරම්භ කළ අතර අද ගමනාන්තය වුනේ ඕමානයයි.

තනි අසුනේ ‘Solar Impulse Two’ යානය පවුලේ පාවිච්චියට ප්‍රමාණවත් මෝටර් රථයකට සමාන බරකින් යුක්ත වුනත් එහි පියාපත් ‘ජම්බෝ’ ජෙට් යානයක තරම් විශාලයි.

එම පියාපත් සූර්ය තාප ආකර්ෂණය කර ගනු ලබන පුවරුවලින් ආවරණය කර ඇති බව පැවසේ.

වසර 13ක කාලයක සිට කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස එම ගුවන් යානය පියාසර කළ බව එහි පියාසර නියාමක සහ සූර්යබල සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩෲ බෝර්සච්බර්ග් පවසයි.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us