ස්මාර්ට් හොරෙක්

Published in අනං මනං
Tuesday, 13 January 2015 16:25

නවීන පන්නයේ ජංගම දුරකථනවලට ලෝකයේ ඕනෑම තැනක තියෙන්නේ විශාල ඉල්ලුමක්. මේ නිසාම ජංගම දුරකථන ආශ්‍රිත වංචාවන් විශාල වශයෙන් සිද්ධ වෙනවා.

 පසුගියදා චීන රේගු නිළධාරීන් විසින් හොංකොං ගුවන් තොටුපොළේදී නවීන පන්නයේ ජංගම දුරකථන 94ක් තම සිරුර තුල සඟවාගෙන ගුවන් තොටුපලින් පිට කිරීමට උත්සහ ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා.

ඔහු තම සිරුර තුල  සඟවාගෙන සිටි දුරකථන iPhone 6 හා iPhone 5S වර්ගයට අයත්  ජංගම දුරකථන බව පැවසේ. වාර්තාවෙන ආකාරයට ඔහු මීට පෙරත් මේ ආකාරයටම ජංගම දුරකථන රැගෙන විත් තිබේ.

හොංකොං තුල මෙවැනි ආකාරයේ වංචාවන් සිදුවීමට හේතුව ලෙස සඳහන් වන්නේ එරට තුල නවීන ජංගම දුරකථන වෙත පවතින අධික ඉල්ලුම හා අධික මිලයි .

ඔක්තෝබර් මාසයේදී ඇපල් සමාගම  iPhone 6  දුරකථනය හඳුන්වා දීමත් සමඟ එය මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණු විවිධ මාධ්‍ය වාර්තා කර තිබුණි.  

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us