ලොව පළමු සමරිසි වෙළඳ දැන්වීම

Published in අනං මනං
Tuesday, 13 January 2015 13:51

අද වනවිට සමාජයේ ආදරයේ සීමා මායිම් පුළුල් වෙමින් පවතිනවා. ආදරයට ජාති ආගම් කුල වයස දුප්පත් පෝසත් පමණක් නොවේ ලිංගිකත්වයද ගැටළුවක් නොවන බව ලෝකය පිළිගනිමින් සිටියි.

මේ නිසාම ලෝකයේ බොහෝ රටවල් සමරිසි අයිතීන් පිළිගෙන අහවරයි. ඒ වෙනුවෙන් නීති පවා සම්මත කොට තිබෙනවා.

එහි තවත් පියවරක් ඉදිරියට තබමින් ඇමරිකාවේ සුප්‍රකට Tiffany & Co. නම් අභරණ සමාගමක් ලොව පළමු සමරිසි වෙළඳ දැන්වීම නිර්මාණය කොට තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙම වෙළඳ දැන්වීම සඳහා ලොව පළමු වරට සැබෑ සමරිසි යුවළක් යොදාගැනීමයි.

2015 වර්ෂය සඳහා නිර්මාණය කර ඇති මෙම වෙළඳ දැන්වීම  'Will You?' නමින් නම් කර තිබේ.

මීට පෙරත් මෙම අභරණ සමාගම ලිංගිකත්වය වෙනස් කරගත් පිරිස් යොදාගෙන දැන්වීමක් නිර්මාණය කර තිබෙන බව වාර්තා වේ.

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us