ඉන්දියාව සමරිසියන් සුව කිරීමට සැරසෙයි

Published in අනං මනං
Wednesday, 14 January 2015 10:29

සමරිසි පුද්ගලයන් ‘සුවපත් කිරීමට’ සායන මධ්‍යස්ථාන පිහිටුවන බවට ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ ඇමතිවරයෙකු කළ ප්‍රකාශය දැඩි විවේචනයට ලක් වී තිබේ.

ගෝවා ප්‍රාන්තයේ ක්‍රීඩා සහ තරුණ කටයුතු පිලිබඳ අමාත්‍ය රාමේෂ් ටවද්කාර් ප්‍රකාශ කර ඇත්තේ සමලිංගික ස්ත්‍රීන් සහ පුරුෂයන්ට මෙන්ම තම රිසි පරිදි ලිංගිකත්වය වෙනස් කර ගත් උදවිය ‘සාමාන්‍ය තත්වයට’ පත් කිරීම සඳහා මෙම සායන තුළ ප්‍රතිකාර ලබා දෙන බවයි.

සමරිසි පුද්ගලයන්ට ‘පුහුණුව සහ ඖෂධ’ ලබා දීමට තම ප්‍රාන්ත ආණ්ඩුව කටයුතු කරනු ඇති බවද ඔහු පවසා ඇත.
ඉන්දියාවේ සමලිංගිකයන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයන් මෙම ප්‍රකාශය හෙළා දැක තිබේ.

ඉන්දියාවේ සමරිසි පුද්ගලයන්ට එල්ලවන පීඩාකිරීම් දිනෙන් දින වර්ධනය වෙමින් පවතියි.

Last modified on Wednesday, 14 January 2015 10:32

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us