නිවාඩුව ඉවරයි සංජේ දත් අායෙත් සිරගෙට

Published in අනං මනං
Saturday, 10 January 2015 14:12

බොලිවුඩ් රංගන ශිල්පි සංජේ දත් සිරගෙදරින් ලද නිවාඩුව දීර්ඝ කර ගැනීම සඳහා කළ ඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඒ අනුව ඔහු පූනේහි සිරදඬුවම් විදිමින් සිටින යෙවඩා මධ්‍යම සිර බන්ධනාගාරයට යළි වාර්තා කළ යුතුව ඇති බව ය.

සිර දඩුවම් විදිමින් සිටින සංජේ දත්ට දින 14ක් සඳහා බන්ධනාගාරයෙන් නිවාඩු හිමි වූයේ, අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙනි.පූනේ පිහිටි යෙවඩා බන්ධාගාරයේ සිරගත ව සිටින සංජේ දත් මේ වන විට 55 වන වියේ පසු වේ.

එම දින 14 ගත වීමෙන් පසු සංජේ දත් තව ත් දින 14ක් සඳහා නිවාඩු ඉල්ලා තිබේ.

එහෙත් බන්ධනාගාර බලධාරීන් මුම්බායි පොලීසියට දැනුම් දී ඇත්තේ, සංජේ දත්ට ලබා දී ඇති නිවාඩුව තවදුරටත් දීර්ඝ කළ නොහැකි බව ය.

1993 වසරේ මුම්බායි ප්‍රහාරය හා සම්බන්ධයෙන් සංජේ දත්ට එරෙහි ව වසර 5ක සිරදඬුවමක් නියම විය.

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us