ශ්‍රීදේවි නැවතත් දමිළ සිනමාවට

Published in අනං මනං
Monday, 12 January 2015 12:18

හින්දි සිනමාවේ හා දමිළ සිනමාවේ නිළි රැජිනක් ලෙස වැජඹුණු ශ්‍රී දේවි වසර විස්සකට පසු නැවතත් දමිළ සිනමාවට පිවිස සිටිනවා.

ඇය රංගනයෙන් එක්වන අලුත්ම  චිත්‍රපටිය වන්නේ 'puli' නම් දමිළ චිත්‍රපටියයි. ඇය අවසන් වරට රංගනයෙන් දායක වුවේ 'English Vinglish' හින්දි චිත්‍රපටිය සඳහායි.

puli චිත්‍රපටයේ ඇය හංසිකා මොට්වානි නම් දමිළ නිළියගේ මව ලෙස චරිත නිරූපනය කරන බව වාර්තා වේ.

ළදරු වියේදීම  දමිළ සිනමාවට පිවිසි ශ්‍රීදේවි ළාබාල වියේදීම බොලිවුඩ් සිනමාවට පිවිසියේ අතිශය ජනප්‍රිය චිත්‍රපටියක් වූ 'Julie' චිත්‍රපටිය තුලිනි.

දැනට 51වැනි වියේ පසුවන ශ්‍රීදේවි හින්දි සිනමාවේ ජනප්‍රිය චිත්‍රපටි නිෂ්පාදකයෙකු වන බොනී කපූර්ගේ බිරිඳයි.

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us