රාජකීය සෙබළා රජ මාලිගය ළඟ පිස්සු කෙළී

Published in අනං මනං
Wednesday, 17 September 2014 10:04

බ්‍රිතාන්‍යයේ බකිංග්හැම් මාලිගයේ ආරක්ෂාවට යොදවා සිටියදී ‘‘නැටුම්‘‘ පෙන්වූ රාජකීය හමුදා භටයෙකු දින 21 කට අච්චු කිරීමට බළධාරීන් සැරසේ.

බකිංග්හැම් මාළිගය ඉදිරිපස රඳවා සිටින රාජකීය හමුදාවේ භටයින් පිළිමයන් සේ නිසොල්මන්ව සිටින්නන් ලෙස ප්‍රකටය.ඇතැම් විට මාළිගය නැරඹීමට එන සංචාරකයෝ ඔවුන්ව ඇවිස්සීමට නොයෙකුත් විකාර කරතත් ඒවායින් බිඳකුදු හෝ සැළෙන්නේ,සිනාවක් හෝ නංවන්නේ ඔවුන් නොවේ.

එසේ නමුත් මේ රාජකීය හමුදා භටයා නම් තම සගයින්ට වඩා හාත්පසින්ම වෙනස් බව පෙනේ.රැස්ව සිටින සංචාරයින්ගේ ප්‍රීති ඝෝෂා මැද ඔහු නටනු අන්තර්ජාලයට එක්කර ඇති වීඩියෝවක දැක්වේ.

බොහෝ දෙනා මේ සිදුවීම හාස්‍යයෙන්ම භාර ගත්තද හමුදාවේ බළධාරීන් නම් එසේ කිරීමට සූදානම් නැත.ඔවුන් දැන් කටයුතු කරමින් සිටින්නේ අදාළ හමුදා සෙබලා දින 21 ක කාලයකට දැඩි නීති රීති ඇති සිරගෙදරකට යැවීමටය.ඔහුගේ මාසික චේතනයද කපා හැරෙනු ඇත.

හමුදා භටයින් විනයානුකූල ලෙස හැසිරිය යුතුයැයි ආරක්ෂක අංශ පණතේ සදහන්ව ඇති බැවින් ඒ ප්‍රකාරව ඔහුට එරෙහිව පියවර ගන්නා බව බලධාරීන් පවසයි

ld add copy

Latest News

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට

කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට මෙම දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ ඊයේ (30) උදෑසන 6 වනවිට කොත්මලේ ජලාශයේ...

Connet With Us