කෝවිලේ වඳුරා මියයයි- ගම්වැසියෝ හිස මුඩු කරති

Published in අනං මනං
Thursday, 18 September 2014 11:07
ඉන්දියාවේ, මධ්‍ය ප්‍රදේශ් හි, දකාච්‍යා ගම්මානයේ  හින්දු කොවිලක සිටි මැකාකි වඳුරෙකුගේ මියයෑම හේතුවෙන් එම ගම්මානයේ වැසියන් 200ක් පමණ තම හිස මඩුකොට තිබේ.
 සුනඛ රැලක් මෙම වඳුරා පසුපස හඹා යෑමේදී පොකුණකට වැටීමෙන් එම සත්වයා මරණයට පත්ව තිබුණි.
 
ඒ අනුව, වඳුරාගේ මරණය අවාසනාවන්ත සලකුණක් බවත්, එය තමන් වෙත මරණය කැඳවිය හැකි බවත් විශ්වාස කරමින් හින්දු ආගමික චාරිත්‍ර අනුව විශේෂ අවමංගල්‍ය උත්සවයක් හා දානමය කර්මයක්ද ගම්වැසියන් විසින් සංවිධානය කළ බව වාර්තා වෙයි.
 
එහිදී, හිස මුඩුකල පිරිසට අමතරව, තවත් 700ක් පමණ තම රැවුල් කපා දැමීමටත් කටයුතු කර ඇත්තේ ඒ අවාසනාව තමන් වෙත පැමිණෙනු ඇතැයි සිතමිනි.
 
හින්දූන්ට අනුව වඳුරන් පූජනීය සත්වයෙකු ලෙස සැලකෙන අතර, ඔවුන් බොහෝ විට කෝවිල් ආශ්‍රිතව දිවි ගෙවයි.
2674
3413

 (අද)

ld add copy

Latest News

පාසල් විභාග පැවැත්වෙන දින සම්බන්ධව දැනුම්දීමක්

පාසල් විභාග පැවැත්වෙන දින සම්බන්ධව දැනුම්දීමක්

එළැඹෙන 2026 වසර තුළදී පාසල් විභාග පැවැත්වෙන දින සම්බන්ධව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් න...

Connet With Us