අගහරු පසේ වවන්න පුළුවන් ශාකයක් සොයා ගනියි

Published in අනං මනං
Tuesday, 02 July 2024 12:37

අඟහරු මත වියළි නිසරු කර්කශ පරිසරයේ වගා කළ හැකි සහ එවැනි පරිසරයක හොඳින් වැවිය හැකි ශාකයක් පෘථිවියේ ඇතැයි විද්‍යාඥයෝ පවසනවා.

මෙම ශාකය පාසි වර්ගයක් බවත්  මෙම පාසි ඇන්ටාක්ටිකාවේ සහ ඇමෙරිකාවේ මොහාවි කාන්තාරයේ දකින්න ලැබෙන බවත් ඔවුන් පවසනවා.

මෙම පාසි වර්ගය විද්‍යාත්මකව හැඳින්වෙන්නේ ‘සින්ත්‍රිචියා කැනිනෙර්විස්’ Syntrichia caninervis යන නමින්.

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙම පාසි වර්ගයට දැඩි සීතල කාලගුණ තත්ත්වයක් යටතේ පමණක් නොව, අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් යටතේ දිවි රැක ගනිමින්, ජීවත් විය හැකි බවයි.

එන්.ඩී.ටීවී.

Last modified on Tuesday, 02 July 2024 12:37

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us