පියුමි⁣ කට අරියි!  

Published in අනං මනං
Monday, 01 July 2024 12:58

සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි කියමින් ලද පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද ඇය විමර්ශන පැමිණියාපැමිණියා

එ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කර සිටියේ තමා වැරැද්දක් සිදුකර නොමැති බැවින් බිය විය යුතු නැති බවි.

''මට එන්න කියලා තියෙනවා කටඋත්තරයක් දෙන්න. ගිය සතියේ එන්න කිව්වේ නමුත් සෙනසුරාදා ලිපිය ලැබුණේ. තාමත් හදාගන්න බැරිවුණා ඩොකියුමන්ට් ගොඩක් තියෙනවා අපිට හදාගන්න ඕඩර්ස් 25,000ක් ගිහින් තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට තීරණය කරන්න පුළුවන් මගේ ක්‍රීම් පැක් එකක්ම 35,000ක් වගේ වෙනවා. ඒ අයට ගාණ හදලා බලන්න පුළුවන් පියුමි හංසමාලිට කොහෙන්ද සල්ලි ආවේ කියලා.

වැරදි කරලා නෑනේ බය නැතුව ආවා. වැරදි කරපු අයනේ බය වෙන්න ඕනේ. මම දෙයක් ඉගෙන ගෙන අහිංසක බිස්නස් එකක් කරන්නේ. බෑක් ස්ටේට්මන්ට් පොහොර බෑග් 5ක් වගේ තියෙනවා. අපි හැමදේම කළේ බැංකුව හරහා. මෙහෙම ප්‍රශ්න එයි කියලා හිතුවා.”

ප්‍රශ්නය – ලොකු ලොකු වාහන පදිනවා කියනවා…

මිනිස්සුන්ට ඉරිසියාව තියෙනවා. හොඳ වාහනයක් පදිනකොට නැති කෙනෙක්ට ඉරිසියායි. ලංකාවේ මිනිස්සු කොහොමත් කුහකයි. ඉතින් ලංකාවේ හැමෝම කුහක නෑ. මම ඉගෙන ගෙන දෙයක් කරලා බිස්නස් කරලා වාහනයක් ගන්න බැරි ද? මම හම්බ කරලා මට හොඳ වාහන ගන්න බැරිද ?”

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us