ලොව පළමුවරට රොබෝවරයෙක් සියදිවි හානි කරගන Featured

Published in අනං මනං
Wednesday, 03 July 2024 16:06

දකුණු කොරියාවේ රාජ්‍ය සේවයේ නිරතව සිටි රොබෝ යන්ත්‍රයක් සියදිවි නසාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් වී තිබුණා 

මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ වසරක පමණ කාලයක් දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සේවයේ නිරතව සිටි රොබෝ යන්ත්‍රයක්. 

මීටර 2ක පමණ උසින් යුතු පියගැට පෙළකින් වැටී සිටියදී අක්‍රීය වූ රොබෝ සේවකයා සොයා ගෙන තිබුණු බව එම වාර්තාවල සදහන්.

රොබෝ යන්ත්‍රය පඩිපෙලෙන් පහළට වැටීමට පෙර එක තැන කැරකී ඇති බවත්, පසුව පඩිපෙලෙන් පහළට වැටී ඇති බවත් ගුමි නගරයේ බලධාරීන් සඳහන් කර  තිබුණා. 

ගුමී නගරවාසීන් විසින් මෙම දිවි නසාගත් රොබෝවරයා වෙනුවෙන් ශෝකය පළ කර තිබුණ අතර දිවි නසා ගැනීමට අදාළ වූ තාක්ෂණික හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි එම වාර්තාවල සදහන්ව තිබුණේ. 

දකුණු කොරියානු මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කර තිබුණේ එරට සිදුවූ පළමු රොබෝ සියදිවි නසාගැනීම ලෙසි .

Last modified on Wednesday, 03 July 2024 16:07

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us